Followers

නිගාවට මෙන් නේද මම මෙහෙම කියන්නේ.... :(

☻ මට කුමක් සිදුවීද මම තවම නොදන්නෙමි
     සිත කාව අයැදීද මම තවම සිතන්නෙමි
     තෙතබරිත දෙනෙත් යුග කඳුලෙන්ම දොවන්නෙමි
     පෑනෙන්ද කොලයෙන්ද රාත්‍රිය ගෙවන්නෙමි

☻නාඳුනන දුකක් මගෙ සිත තුලම රජ වෙලා
    පිලිවෙලින් තිබූ ඒ සියලු දේ නැති වෙලා
    අපිලිවෙල පාළුවද දෑත් ගෙන එක්වෙලා
    මගෙ සිතට කරන ඒ ද්‍රෝහිකම් වැඩිවෙලා


☻සිනහවෙන් කවටයෙන් ගෙවු දිවිය දැන් කොහිද,
    මා මැදින් වටකරන් සිටිය උන් දැන් කොහිද,
    කුමක් මා කරන්නෙද; කුමක් ඈ කරන්නෙද
    විමසීම පිළිගන්න රාත්‍රිය කැමතිවෙද?

☻රැය නොවෙයි ඇරඹෙන්නෙ හිරු තමයි බැස යන්නෙ
    මල නොවෙයි සෙලවෙන්නෙ පෙති තමයි පරවෙන්නෙ
    මම නොවෙයි නොහඬන්නෙ දෙනෙත් මගෙ හැඬවෙන්නෙ
    සිත නොවෙයි පිළිගන්නෙ මම මටයි දුක් දෙන්නෙ ♥♥

☻ගිය නුවණ ඇතුන්වත් අදින්නට නැහැ දන්නෙ
    ඉදින් ඇයි දැන් මෙමා ඒ බවත් නොසිතන්නෙ
    ඒ බවත් දැන දැනම මගෙ සිතම විමසන්නෙ
    
ගෙවුනු ඒ අතීතය ඇයි මටම වද දෙන්නෙ

☻අතීතය සිහිනයක් පමණයි විටෙක ගීයක ඇසෙනවා
    සිහිනයක් ලෙස එය දකින්නට මමත් හරිබරි ගැසෙනවා
    මගේ අඩුපාඩුවක් දෝ එය විටෙක මම මට බනිනවා
    යලිඳු හුරු වේදන්නා දී මට එය සැබෑවක් මවනවා

☻සැබෑවට සැබෑවකි අතීතය කියන්නේ 
    සිරාවට මුලාවකි ආදරය කියන්නේ
    ආධුනික කලාවකි කවිය මට කියන්නේ
    නිගාවට මෙන් නේද මම මෙහෙම කියන්නේ
    (මේක මට අදාල වෙන්නෙනම් නෑ)

      ◘◘◘◘ මතු සම්බන්ධයි! ◘◘◘◘◘








Related Posts Plugin for WordPress, Blogger...

No comments: