Followers

අඟේ ඉඳන් කන කෑම නොහොත් එකට ඉඳගෙන #කට කෙටීම

බුජ දිනක ලියමි. වේලාව 2 පසු වීමත් සමඟම මා බසයක් එනතුරු බලාසිටීමට පාර අසලට ගියේ ටවුමට ගොඩබට වීමට සිතාගෙනය. 2පසුවී හෝ 12ට පෙර තම ගමන් යොදා ගැනීමට ධනා උත්සහ කරන්නේ පාසල් නිම වීමත් සමඟ බස් කොන්දොස්තර මහතුන් ශි‍ෂ්‍යයන් ඇතුළු මහජනයා BUS.rar ලෙස සකසනවාට ඇති අකමැත්ත නිසාවෙනි. එමෙන්ම තෙරපීමට මිරිකීමට අවශ්‍යතාව නොමැති නිසාවෙනි. ප්‍රධානතම කරුණ නම් මගීන් කකුල පාගා ධනාගේ ලිපිනය ඉල්ලන ඉල්ලන වාරයක් පාසා එය කීමට ගියහොත් දිවේ බෝල බෙයාරිං සවුත්තු වෙන බැවිනි..
ඊටත් වඩා මල පනින්නේ මේ ගෑනු දාන පාවහන් පයේ ගැටීමත් සමඟය. 2 වසරෙදි පරිසරයේ අසිරිය බලන්න ගිහිං ලලා ගෙ සපත්තු දෙකට කකුල පෑගිලා වින්ද කරුමෙ ධනාට එදා මෙන් මතකය. ඒකනම් ධනා ගෙදරත් ඇවිත් කිව්වේය. ආපු බස් එකත් තනි දොරං  කොට මොඩක් එකකි. ඒ වුණාට කිසි පිකප් එකක්නම් නැත. අතරමඟ මඟීන් හිඟා නොකෑවා විතරය. ඒ මදිවට පෙම්මුල්ලේ දෙමළ ජෝඩුවක් කතාකරන්නෙ ෂා එකේ මාශිටත්, වයි එකේ උමාටත් වඩා හයියෙන්ය. පෙම් බස් දොඩනවා විය හැක. ධනාට නොතේරෙන්නේ වාසනාවකටය. එහෙනම් ඒ ටිකත් වචනයක් නෑරම මෙතනය. 


කඩවල් දෙක තුනකම ගන්න තිබ්බ ලට්ට ලොට්ට ටොකත් අරගෙන ගෙදර ඇවිත් කම්මැලිකමේ නිදියනවට වඩා පාක් එක පැත්තෙ යන්න ඕනි කියල හිතුණ. ටවුන් එකේ ඉඳන් ටික දුරක් නිසා ඒ ටිකත් පයින්ම ඇද්ද.  යනකොට ෆුල් ලෝඩ්... කපල් දෙකයි. ඉතිරි තැන් වල එක එකා වාඩි වෙලා. ගේට් එක ලඟට යනකොටම කොල්ලො දෙන්නෙක් හිටපු තැනින් නැගිටලා ගියේ ධනාට බයේද නැත්නම් වැඩිහියන්ට ගරු කිරීමක් වශයෙන් ද කියලනම් අහගන්න බැරිවුණා.  මොනව වුණත් අනුන්ගෙ දුක දන්න ඩබලක්. යනකොටම අහු වුණේ කියාපු පොට් එකය. අඹ ගස් සෙවණකි. සීතල හුලං පාරක් ඇඟේ වදින්නේය. දාඩිය ටික කොහෙන් ගියාද දන්නේ නැත. අසල බයික් මල්ලියෙක්ද නවතා තිබිණි. "මගේ අතේ හෙල්මට් එකක් තිබුණනම්.." කියලත් ඒ වෙලාවෙ හිතුන. 

තව මොකෙක්වත් ලඟ නැතුව නිකං ඈනුමක් යවන්නත් මොකක්ද වගේ ය. පාරෙ යන මිනිස්සු ධනා දිහා බලන්නෙ නිකං මීට කලින් දැකල නැති එකෙක් වගේ ය. ඒ වෙලාවට මුහුණ අතගා බැලීමත් කොන්ඩය සැකසීමත් සිදුවන්නේ අනිච්ඡානුගව ය.  ධනා ඔටුවෙක් කියලත් ඔවුනට සිතෙනවා ඇත. සැබවින්ම එම සිතුවිල්ල නිරවද්‍යය. ඒ වෙලාවට සිතට නැගෙන්නේ ධනා සිටිනා තැනෙහි ඓතිහාසික වටිනාකමයි. පාක් එක තිබෙන්නේ තුන්මන් හන්දියකට යාබදවය. ඒ හන්දියෙදි තමයි ධනා Xට අවසානෙට බායි (වෙන් වෙනකොට කියන දේවල්) කිව්වෙ... අයියෝ සල්ලි ය.  ඒ කතාවෙහිද කිවීමට බොහෝ කරුණු නැතුවාම නොවේ.. 

ටික වෙලාවක් ඉන්නකොට පරණ දේවල් අප්ඩේට් වීමක් නිසා කව්රුන්දෝ හිත අරං ගියේ පට්ට දුරකටය. #යාළුවො #කේලං කාරයො #ඉරිසියාකාරයො #බොක්කවල් #කෙල්ලො #එස් එම් එස් #කියපු කතා #නොකී කතා  #ෆ්‍රෙන්ඩ්ශිප් එක  #බළු වැඩ  #සන්නිවේදනය #කෑලි කිරීම  #හොට දැමීම  #ගෑනු  #රහස්   වගේ අරු මුං කියන කතා ගොඩකටය. ඒවත් වංක ගිරියක් වගේ ය. ගියොත් පිස්සු හැදිල ආයෙත් හැදෙනවාය. ඒ ගැන ලිවීම මෙලෝ රහකට නැතය. පෝස්ටුව පබ්ලිශ් නොකර යූ.පී.එස් ස්විච් එකෙන්ම ඕෆ් කිරීම ඊට වඩා සුදුසුය. උන්ටත් කියන්න, කතාකරන්න දේවල් නැතුවටය. අර මේ දවස් වල චෑං චූං සින්දුවක් කවර් කරල කුනුහබ්බ අහගන්න අක්ක ගැන කතා කිරීමෙන් තුන් වේලටම බඩ පැලෙන්න හිනාවීමට හෝ හැකි ය. 

ටික වෙලාවක් එතන ඉන්නකොට බෙන්ජියා බස් එකක ඇවිත් එතන බසිනු දුටිමි. කරුමෙට වගේ ඌ ආවෙත් අල්ලපු වැටේ තියෙන ක්ලාස් එකට යන්නළු. මූට ක්ලාස් තුන හමාරට. මූ එතනට එනකොට තුනයි හතලිස් පහයි. ඌ අපේ ඉස්කෝලෙ එකෙක් නොවන අතර අසවැසි පාසලේ එකෙකි. පාසල් දෙක අතර ඇති වන විවිධ දෑ අපගේ සාකච්ඡාවන්ගේ මාතෘකා බවට් පත් විණි. #විදුහල්පති වරුන්ගේ ක්‍රියා කලාඅපයන් #අළුතෙන් බැහැපු කෑලි  #රීප්පයා සහ වන්නියේ රූප ශුන්ඩරිය(ආතල්ම ටොපික් එක) #තාක්ෂණ විශය ධාරාව..... වැනි වූ මාතෘකා කිහිපයක්ම ඉවර කරනකොට අපේ සමාජෙට අළුත්, හොඳට රැග් කාපු එකෙක් එතට ආවේය. 

"අපේ පිනාට බං කන් පේන්න බෑ"

"ඇයි?"

"අරිනව බං හෙමින් නෙවෙයි. කනටමයි ගහන්නෙ. ඇටය උනාට හයියෙන් ගහනව"

"මෑන් කන්න හෙන වැඩ්ඩළු නෙහ්?"

"අම්ම... ඒකනම් තියෙනව. ඒත් ක්ඔච්චර කෑවත් ඌගෙ ඇඟ හැදෙන්නෑ"

බෙන්ජියා සමඟ හෙන ටෝකක් දුන් ඌ "මේ ඔයත් එනවද?" කියා ධනාගෙන්ද ඇසුවේ බෙන්ජියා සිනහගස්වමිනි. බෙන්ජියානම් සිතුවේ ධනා X බලන්න එතනට ආවා කියාය. ඌට කියාදෙන්නට යනවාට වඩා වැලි කඩදාසියකින්  කට අතුල්ලා ගැනීම සනීපය. 


කොහොමද කොල්ල හැන්සම්ද?
බෙන්ජියත් අළුත් එකාත් ගියේය. ඒ හතරයි කාලට විතරය. පිටුපසින් කවුරුන් හෝ එනවා මෙන් මට දැනිනි. මලනකොට අංකලයෙක් ය. මෑන් දුමක් දාන්න පාක් එකෙ පහලට යන අයෙකි. පෙම් සයුරෙ ජබු ගහපු කස්ටි එකා දෙන්නා විසිරී යති. ඒත් එක් ගැටළුවකි. ලමිස්සියන් දෙන්නෙක් පහළට ගියා ගියාමය තවම ආවේ නැත. ධනාද නිකං ඉන්න එකේ නෙස්කැෆේ පාරක් දැම්මේය. ඒකනම් අජූතය. ජීවීතේ බීපු ජරාම නෙස්කැෆේ එක පහළින්....

හැමතැනම නෑ. විනාඩි පහෙන් පහට තෙවරක් වැසිකිළියට...
මේවගේ චාන්ස් කාටද ධනාට මිසක්...

දවසම අමු ගොම ය. මේව මතක්වෙනකොට රෑට නින්දයන්නේද නැත.. මොනව වුණත් අවසානෙට කියන්න තියෙන්නෙ 


"තොපි හිතන දෙයක් හිතාගනිල. එකට කෑවට උඹලගෙ උණ්ඩුකපුච්චෙ වෙනස් යකෝ...."

වැරදි දෙයක් කියවුණානම් සමාවෙන්ඩෝ......

No comments: