Followers

මිතුරිය...




විඳවන්නට නොව විඳින්නට  දිවිය,

ලග නොසිටියද, හිස පිරිනොමැද්දද,

සිත පිරිමදිමින් මසිත ළග තනි නොතනියට සිටිය නුඹ,

හිරු සඳු සහයෝගයෙන්

ආකාශය රජයන විටත්,

නුඹ මා සහයෝගයෙන්, බැඳී සිටියා අමතකද?

දින ගණන් සති ගණන්,

නූඹ කළේ මට විහිළු

මා සිත සනසන්නටද? සිත් පාළු මකන්නද?

දැන් මට පවසන්න,

එපා නුඹවත්, නුඹවන් තවකෙකුත්,

දිවි තුරා හැමදේම ළග සිටිය හැමදාම

එකම එක දෙයමනම්

"තනිකම"

පමණක් යැයි කියාදුන්නේ මට නුඹයි.

ඉඩක් නැත්  මට, සමු දෙන්නට නුඹහට

මිතුරිය, දයාබරිත මිතුරිය, දයිවයේ ගුරු මෑණිය,

නුඹයි සදා මගෙ දිවියට,

මවන්නට එපා වෙනත්

 ප්‍රති රූ මා සිත තුල

මිතුරිය නුඹයි සදා - දිවිය මා ඔපවත් කල,

සිතට හොරා සමුගත් මිතුරියේ; නුඹ උරුම කරගත්තද ඒ විශේෂණය

නොසිතුවෙමි මම කිසිදිනෙක

නුඹ මට පිදුවත්; එය නුඹට පුදන්නට,

හදවතට බෑ තනිකම විඳගන්න

එනමුදු ගෙනෙයි නුඹට,

සෙනෙහෙබරිත සුභ පැතුම්, ජීවිතය දිනන්නට....

මිතුරියේ නුඹට සුභ ගමන්...

පතමි හමු නොවන ලෙස

යළිඳු අප මතු සසර........ 

 

මෙහෙම දෙයක් කරල මම වැරදි කාරයෙක් වෙනවනම් ඒකට මට සමාවෙන්න. මේ දේ කියන්න කියල මට කිව්වෙ මගෙ හිත..

                                                               ~Tharindu~

Ps මගින් කරපු නිර්මාණයක්














Related Posts Plugin for WordPress, Blogger...

No comments: