Followers

මෙය තවත් මඟ සලකුණක් පමණි

මෙහිද දිගහැරෙනුයේ ඕෂධයාගේ සහ ධනාගේ සහයෝගයේ තවත් එක් නැවතුම්පොලක් පිළිබඳවය. දන්න සිංහලෙන් කිව්වොත් දාපු තවත් රවුමක් ගැනය. දැනට මාස කිහිපයකට පෙර අපි දෙදෙනා පමණක් හෝ තව කිහිපදෙනෙකු හෝ සමඟ ගියපු තැන් කරපු කියපු දේවල් සියල්ලම පසුගිය පෝස්ටු ලෙස සයිබරයට මිදාහැර අවසානය.
අවශ්‍ය කෙනෙකු වේනම් සොයාගෙන කියවිය හැක. ඕනිමනම් ඒ තැන් බලන්ට යන්ටත් බැරුවාම නොවේ... සිදුවූ යම් හෝ දෙයක් නිසාවෙන් එවන් වූ ගමන් පිළිබද යම් අඩුවක් පසු දින වල තිබෙන්නට ඇත. "කොහේ හරි යමං" කිව්වට අපි මෙච්චර කාලයක්නම් දන්නා තරමින් නොගමන් ගොස් නැත. අතරමග ගොස් නැත. තාමත් අපි හරි පාරේය. එය ඕනිම තැනක ඕනිම තරාතිරමක අයෙකුට දෙකට නොනැමී ප්‍රකාශ කළ හැක. කිසිවෙකුට එසේ චෝදනාද කල නොහැක. කල අයෙක් වේනම් ඔහුට හෝ ඇයට කරගත යුතු දෙය පවූද්ගලිකව කියනවා මිස මේ වගේ ප්‍රසිද්ද ස්ථාන වල කිවීම අපේ තත්ත්වයටත් නිකං මුකක්ද මෙව්ව එකක්ය.

ගමනේ පළවෙනි අඩිතාලම අවසන් වී දැනට ගතව ගොස් ඇත්තේ හෝරා කිහිපයක් පමණි. කලින් දවසෙ ඉස්කෝලෙ ඇරිල ධනා එනකොට ඕෂධය සිරි යහන් ගබඩා වින්ඩෝවෙන් ඔළුව එළියට දාගෙන ඇහුවේ "අඩෝ උඹ හෙට ඉස්කෝලෙ එනවද?" කියා ය. "එකෙන්ම ඔව්" ලෙස ධනා කිව්වේ බෙල්ල කැඩෙන්නම උඩ බලාගෙනය. පාරෙ යන මිනිස්සු ධනාට පික්සු කියල හිතුවාද කියා කියන්නට තරම් සාක්ෂියක් ඇහේ වැදුනේ නැත.  "එහෙනං මැසේජ් එකක් දාහං" නැවත් ධනාට පිළිතුරු ලැබිණි. "හා හා"

කෝකටත් බෙල් බොටමක් වගේ ට්‍රව්සරයක් ඇඳගෙන ධනා ඉස්කෝලෙ ගියේ සුපුරුදු බෑග් එකට පොඩි නිවාඩුවක් දීලා ය. පොත් දෙකකුත් පෑනකුද් සෙන්ටි මීටර 6ක් වගේ දිග අඩිරූල් කෑල්ලකුත් අතේ අරගෙන ගියේ කලින් දවසෙ රෑ ප්ලෑන් එකට වැඩ කරන්න ලේසි වන නිසාවෙනි. කතාකරගත් පරිදි දොලහට පංතියෙන් පැන්නෙමු. පුස්ථකාලෙ ලඟ ටීච කෙනෙක් යනකං තැප තැප ඉන්නකොට හෙන දුරිං දැකල පුරුදු කෙල්ලෙක් තව හාල්පාරුවෙක් එක්ක මේ පැත්තට එනවා ය. සංසාර සාගරේ පාවෙන නැවේ කොඩි කණුව කිව්වළු. හි  ධනාගේ පරණ/ පළමු එක ය. පරණ කිව්වාට අළුත් එකක්ද නැත :) 12.30 වෙනකොට තාප්පෙන් පැන්නෙමු. කරුමෙට තාප්පෙන් පනින්න විනාඩි තිහක් අතිං කයිට් ය. අයියෝ සල්ලි ය. ධනානම් 12.50 වෙනකොට ගෙදරය. පට පට ගාල කාල බීල නාල කරල සුභ මෝතිං ගමන යන්න ලෑස්ති වුනෙමු. ප්‍රධානතම අරමුණ වී තිබුනේ ඕෂධයාගේ අවශ්‍යතාවකි. ඒක මෙතන කීම නුවණට හෘ නැත. ඕනිමනං උගෙන් අහගත්තාට කම්නැත.

අතට අහුවුණ ඇදුම් ටිකක් ඇදගෙන ධනාගෙ නිල රථයෙ නැගිල කන්ද පාගලා ඉවර වුණා විතරයි ඕෂධයා මල්ලි පිටේ එනු දුටිමි.

"පොඩ්ඩක් කිටපං මේක කොහෙටහරි දාල එන්නං"

එහමම ශිං ශිං ගාල ගිය ධනා සුපුරුදු ප්ලේස් එකට මහා පුට් සයිකල් රාජයා ගාල් කර මුර පද, ඉබ්බො, දම්වැල් සිකියුරිටි කැමරා/ එලාම් ඔක්කොම ඕෆ් කර ලොක් එක විතරක් දමා යතුර සාක්කිවේ දාගත්තේය. නැත්තං වැඩි කරදර ය. කිරි ටොයියට තියෙන හින්ද ඕකට මොනාහරි වුනිත් හෙනම අප්සෙට් එකය.ටාය ආදරේ තව ටික දවසක් බවත් කාරුණිකව සළකන්න ඈ... දනි පනි ගාල මල්ලි පිටට නැග්ගෙමි. ඈ? :O දනි පනි? කොහෙන්ද යකෝ ඒ වචනෙ ආවෙ? ඕක සින්දුවක හරි මුකකහරි තිබ්බ නිච්චියක් තියෙනව. සෙද්ද...


දැං යනවා ය යනවා ය අම්බෝ වයිසරයක් ද නැතය. හුලං පාරට ධනාගෙ උපැස් දෙකත් එක්ක හෙලවෙනවා ඇත. ඇඬිලා ය. කඳුලු පිරිලා ය. ඕක කියනකොට ඉස්සර කාලෙ ගොයි රාලෙක් කියපු කවියක්ද මොකක්දෙකක් සිහියට එන්නේ ලොවෙත් නැති වෙන්නය.

"කඳුළු පිරිලා.... දෙනෙත් තෙමිලා........අ අ අ අ ආ ආ ආ.... සිනිඳු හිත..........පෑරිලා....ආ ආ ආ......
ඔබම සොයලා..... රැයම ගෙවිලා........අ අ අ අ ආ ආ ආ.... සිහින අව...........තැං වෙලා....ආ ආ ආ......"

ඇදලා ම කියනකොට නිකං බුරියට හිනාවක් වදිනු ඇත....(තණ්ඩලේ බීට් එක)
දන්න කස්ටිය ඉතිරි ටික ස්වයං වි  ගොඩනැගීමක් කරගත්තොත් හොඳය...



හරි හරි. වංගු ගන්නේ එක කනකිං වලි ඇතුලට ගිහිං අනිත් කනෙං එළියට එන්න ය. මතක් වෙනකොටත් ඇඟ හිරි වැටෙනවා ය. ඒ වෙලාවෙනං තුන් සූත්තරෙත් මතක් උනා. බොරු කියන්නෙ මොකටෑ ඉතිං. යාංතං අදාල පොට් එකට සේන්දු උනා විතර ය. සුරු සුරු වැස්සය. ලාවට තෙමුනෙමු. 


ඣ්ස්ඩ්ග්ග්ෆිර්ග්ෆෙව්යිෆ්ද්ෆ්ග්ඩ්ෆ්බ්ව්ෆ්ව්බ්ග්ක්ජ්ව්ක්ක්න්ව්බුඉඑහ්වෙඋඉග්වෙඋඉග්වෙෆ්හ්බ්ඩ්ක්ෆ්ග්ඩ්ෆ්වෙග්ෆික්ග්ෆ්ස්ද්ෆ්බ්ස්ක්ද්ජ්බ්ව්ෆිර්ග්ෆ්බ්විහිවුඩ්ග්ංවිඑට්ග්ංව්යෙවෙය්ගෙව්ංයුඉඑරුවෙර්ගෙවුඉර්ග්ෆ්‍ර්ගිය්වෙට්වෙංඉංවිඋඑඔංවුඉහ්ව්ජුබෙජුබ්ග්ෆ් ව්ෆ්හෙබ්ඩ්ෆෙබ්ව්ෆ්ග්කෘඩිහ්ෆොඉඋවෙහ්ඩ්ෆොඉවෙය්එවොඋර්ෆ්වෙඋඔයොංවෙරුඉව්ංය්එවොයෙවොඉඋරොවෙහ්ය්ෆොඑඋව්ය්හ්ෆ්‍රිඔංවෙඩ්ංවිහ්හෙවෘහ්වෙඋෆ්‍ර්න්වෙඋහ්ෆ්‍රොඌඊ‍යෝඌ‍ය්ඒඊංඔඉව්ශ්ඩෙයිර්ෆ්‍ර්හ්ංඑහෙවුහ්‍ර්වුවෙහ්යුවෙහ්ෆ්න්ව්




ඣ්ස්ඩ්ග්ග්ෆිර්ග්ෆෙව්යිෆ්ද්ෆ්ග්ඩ්ෆ්බ්ව්ෆ්ව්බ්ග්ක්ජ්ව්ක්ක්න්ව්බුඉඑහ්වෙඋඉග්වෙඋඉග්වෙෆ්හ්බ්ඩ්ක්ෆ්ග්ඩ්ෆ්වෙග්ෆික්ග්ෆ්ස්ද්ෆ්බ්ස්ක්ද්ජ්බ්ව්ෆිර්ග්ෆ්බ්විහිවුඩ්ග්ංවිඑට්ග්ංව්යෙවෙය්ගෙව්ංයුඉඑරුවෙර්ගෙවුඉර්ග්ෆ්‍ර්ගිය්වෙට්වෙංඉංවිඋඑඔංවුඉහ්ව්ජුබෙජුබ්ග්ෆ් ව්ෆ්හෙබ්ඩ්ෆෙබ්ව්ෆ්ග්කෘඩිහ්ෆොඉඋවෙහ්ඩ්ෆොඉවෙය්එවොඋර්ෆ්වෙඋඔයොංවෙරුඉව්ංය්එවොයෙවොඉඋරොවෙහ්ය්ෆොඑඋව්ය්හ්ෆ්‍රිඔංවෙඩ්ංවිහ්හෙවෘහ්වෙඋෆ්‍ර්න්වෙඋහ්ෆ්‍රොඌඊ‍යෝඌ‍ය්ඒඊංඔඉව්ශ්ඩෙයිර්ෆ්‍ර්හ්ංඑහෙවුහ්‍ර්වුවෙහ්යුවෙහ්ෆ්න්ව්  

සමාවෙන්න ඈ... උඩ සීන් එක බලධාරියා විසින් කපාහරින ලදි. 

එතනත් විනාඩි හැටක් විතර ඉඳල එන්නට ආවෙමු. එතනින් ඊලඟ නවාතැන වුනේ බුත්තලය. ඒ පාරනං අපිට අළුත් නොවන්නකි. මොකද පරෙයියං ඇල්ල බලන්න ගිය දවසෙ මේ ටිකේ හොදට කරක් ගැහුවෙමු. එදා කුරුල්ල පී කරපු පාරෙනම් බැරිවෙලාවත් ගියේ නැත. 



බුත්තලටත් ආවෙමු. බස් ඉස්ටෑන්ඩ් එක වටේ ගියෙමු. සූං පාං ත්‍රී වීලර් එකක් එතන විය. අම්බේ ඔකොම අමතකය. එතන නැවැත්තුවෙමු. කරුමෙට ඒක වහල දාල මොකෙක්වත් ඇතුලෙ නැත. දන්න කියන තව පොට් එකක් එතනම ලඟක විණී. එතනනම් ලොරි දෙකකින් කට කපලා කෑම ය. රුපියල් විස්සනෙ කියල 100ක  විතර ගන්න සිතුවෙමු. අතේ සල්ලිද හිඟය. කෙලපංකො. එකක් තිහයි ලු. 150කම ගත්තෙමු.

දැං ඉතිං ඕක කන්න තැනක් නැත. මහ පාර අයිනේද කන්නට බැරි ය. ඕෂධයාට ඒ වෙලාවෙ වැවක් ලාවට ව්අගේ මතක් විණි. ඌ කලින් විසිට් එකක් දාල තිබුණ හින්ද හොයාගන්න අමාරුවක් වුනෙත් නෑ. බුත්තල ටවුන් එකේ ඉඳල කිලෝමීටර් 3ක් විතර එනකොට බත් කන අත පැත්තෙ තියෙනව වලි පාරක්. බෝඩ් එකකුත් ගහල තියෙනව "යුධගනා වැව පාර" කියල. කස්ටිය අහල ඇතිනෙ  යුධගනා ‍චයිත්ත්යය???  _/\_  ඒකට බල්ටියයි හූවක් දුරින් මේක තියෙන්නෙ. 



යනකොටනං හිතුණ මේක කන්න මෙච්චර දුර යන්න ඕනිද බං කියල. ගියාම තමයි රඟේ... එන්න හිතෙන්නෑ යකෝ... ඇඬෙනව ඕයි පට්ටම ලස්සනයි එතන. අම්බෝ හුලං පාරක් හෙම වදිනව දාඩිය ටික කොහෙං ගියාද දන්නැත. වැව් කණ්ඩිය දිගේ ටිකක් දුරට ගොස් මල්ලිව නැවැත්තුවෙමු. මල්ලි බලං ඉද්දි අපි ගත්ත බනිසුයි තව මොනාද ජරාවක් කෑවෙමු. ජරාව කිව්වෙ මෙලෝ රහක් නැති නිසා. ධනා කනගමං මල්ලි පැත්තට රබර් ඇහැ දැම්මේය.  මල්ලිගෙ ඇස් නිල් පාට වී තිබිණි. කන් දෙක තැඹිලි පාට වී තිබිණි.
අපි ඌට නොදී කනව දැකල වෙන්න ඇති. මොනව කරන්නද බං ඉන්දියන් කාරය තොට අපේ වගේ ආහාර ජීරණ පද්ධතියක් නොදුන්නට. 



සිද්දිය කියන්නෙ මේකය. මේක හරියටම මීටර් වුනේ මේ පෝස්ටුව ලියන ගමංය. 

"ජීවිතේ කියන්නෙ කෙල්ලොම නෙවෙයි නේද බං?" 

ඕං බලහල්ලකො එකෙක් කියපු කතාවක්. ඕක ඇහුණෙ අර ජරාව කන ගමං. දැක්කනෙ කොල්ලොන්ගෙ දාර්ෂණික අදහස් එළියට පණින්නෙ බීපු වෙලාවට කියන එකත් සාවද්‍ය ය. මේවගේ ගින්දර ශුන්ඩර පොට් වලදිත් ලෙසටම ඔයවගේ අදහස් එළියට එනව.


වැව් කණ්ඩියට හෙවනට දෙපැත්තෙ මාර ගස් නැමිල වැවිල තියෙනව පට්ටම ලස්සනය. වටේටම කදු පවුරු ධනා දිහා බලං ඉන්නෙ "ආ මේ අර බ්ලොගක් ලියන ගැටය නේද? අනේ මූගෙ බ්ලොග් එකට පබ්ලිසිටික් දෙන්න මොකෙක්වත් නැති හැටි " කියාගෙන වගේය.  වැව මැද ලොකු ගලකි. අපි ඒක ලඟම හිටපු හින්දම ඒක හොදටම පෙනුන. ඒ ගල මැද බුදු පිළිමයකුත් තියෙන්වා ඇත. තව තව පොඩි පොඩි ගල් තැනින් තැන පෙනෙන්නට තිබිණි. එක ගලක් මැද ටකරං වලින් ගහපු පොඩි මඩුවක්ද විණි. වැව් කණ්ඩිය උඩට ප්‍රධාන පාර HD විදියටම පේනවා ඇත. බර වාහන වල ටයර් සද්දෙත් මොනරු කෑ ගහන සද්දෙත් මික්ස් වෙලා අමුතු ය. මොනරුත් සිංහල හෝඩියෙ "ක" යන්නෙන් තියෙන  අකුරු කියවන්න පුරුදු වෙනවද කොහෙද ය. ක කා කැ කෑ කි කී කු කූ කෙ කේ.... ඔක්කොම ප්‍රැක්ටිස් වෙනව. 


අපි එතන ඉන්නකොට පොඩි ෆැමිලියක් නාන්නත් ආව කියමුකො. ධනා පස් කාගෙන #ක ඉරාගෙන වැවට ගල් ගැසුවාලූ ය. ගල වතුරට වැටෙනකොට ජල තරංග වල ෆොටෝද ගත්තෙමු. තව ඉතිං ධනාගෙ පජාත පොටෝග්‍රැෆි අයිඩියා වලට අනුව උඩ පනින ඒව, ඇවිදං යන ඒව, වැව් කණ්ඩිය උඩ කුම්බැහිය හිරි අරිනව වගේ X අකුර වගේ ඉන්න ඒව වගේ අන්තිම පජාත ඝණගේ කුප්ප පින්තූර රාමු ටිකක් අහුකරගන්න අපිට හැකි වුණි. 

Operating System

අත් දෙක තව පොඩ්ඩක් දිගෑරල කකුල් දෙක තව පොඩ්ඩක් පළල් කරහං...
ඈ :O  කුචීතයි නෙහ්?

අම්මේ, කොහොමද මේක නිකං අමුතු ගතියක් පේනව නේ?
"ඔව් ඔව් පේනව. ලඟදිම ඔයාගෙ කණ්ණාඩිය මාරු කරන්න වෙයි වගේ..."
 


෴  යුධගනාව වැව
ඒ වැව මැද යටට වෙන්න ගලක් තිබෙනවාලු ය. ඒ ගල මැද මොකක්දෝ සලකුණක් කොටා තිබෙණවාලුය. ඒකෙන් කියවෙන්නෙ එතන නිදානයක් තියෙනවා කියලා ලු ය. වැවේ වතුර අඩු වුණ වෙලාවට ඔය කියන සලකුණ පේනවාලු ය. කවුරුහරි ඕක දැක්කොත් එදාට වැහැල වැව ආයෙමත් පිරෙනවාලුය. ඒ නිධානය ආරක්ෂා වෙන්නලු ය. වැව කරවන රජතුමා වැවේ විශේෂිත තැනක ඔයවගේ වටින කියන දේවල් තැන්පත් කරනවාලු ය. ඒ මතු අනාගතේ දවසක වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු වලට අවශ්‍ය වෙන ප්‍රථිපාධන හොයාගන්නලු ය. ඒත් දැං ඔය පණ කඩාගෙන ටයිප් කරපු අහවල් නිධානයක් එතන නැල්ලු ය. ඒක බලයලත් "මම නිධං හෑරීමටම උපන්නෙමි" මහතා විසින් පවුද්ගලික පාවිච්චියට අරගෙනළු ය. "හිටහංකො ඕක ගන්නවමයි" කියල මෙච්චර වෙලා හිතාගෙන හිටපු කස්ටියට හූ ඈ... (අලි හූවක්) ආ... වැව කලේ දුටුගැමුණු රජතුමා ලු.  ඕං මමනං දන්නෑ ඔය කියපු එකක්වත් ඈ... 


ඔන්න කියන්ට තටමපු විස්තරේම කිව්ව එහෙනං. මෙන්න යනවනං ප්ලේස්. නිවාඩු පාඩුවෙ ඔය බ්ලොගක් හෙම ලියන කෙනෙක් හෙම එනවනං ධනාට ඊයක් දාන එකත් නරකම නැත ය. මොකද අපිට ඔය බ්ලොග් ගෙට්ටු වලට එන්ට වෙන එකක් යැ. 

-------------------------------------------------------------------------------------

ප.ලි : කැලෑවක පිපුණ මලක් වගේ කිසිම සද්දය බද්දයක් නැතුව ඉන්න යුධගනා වැව් සුන්දරිය දැක්කම ලියන්නත් ලෝභ සිතුණි. ඒක කීමට තරම් දෙයක් නොවන්නේ එතනට අඩියක් හෝ දියා ඇති අයෙකුටම පමණකි. මෙවන් වූ අප්‍රසිද්ද සින්දර ස්ථාන මේ ශ්‍රී ලංකාව ඇතුලෙ කොතරම් තියෙනව වෙන්න පුළුවන්ද?  ඒ වගේම ඒවගෙ වටිනාකම, කියල නිම කරන්න පුළුවන්ද? කොහෙත්ම බෑ. මේ පෝස්ටුව නොලියන්නටද කල්පනා කලෙමි. බ්ලොග්කරුවෙක් කියන්නෙත් අමුතුම හිතක් තියෙන, වෙනස් විදිහට හිතන කෙනෙක් හින්දම මේ විස්තර ටික පුන්චි වුනත් ඒ වෙනස් වූ මනුෂ්‍ය ඛාණ්ඩය වෙනුවෙන්  ලියනවමයි කියල හිතුව. 

පෝස්ටුවෙ මුල කොටස කියවනකොට හිතෙන්න ඇති "මුගේ රෙද්දවල් කියවන්නද අපි ඉන්නෙ" කියල.
ඒක සාධාරණ වෙන්න පුළුවන්. හුදෙක් අප්‍රසිද්ධ, නමුත්  සුළුපටු නොවූ වටිනාකමක් ඇති ඉතිහාසගත ස්ථාන,  පාරිසරික වශයෙන් වැදගත් ස්ථාන, සුන්දරයි යන ඛාණ්ඩයට ඇතුලත් ස්ථාන බලන්න යන එක අපේ පුරුද්දක් වෙලාද කියන්න ධනාටනම් වැටහීමක් නැත. නමුත් එවැනි වූ කුමන හෝ ස්ථානයක් ගැන බ්ලොග් එකට ලිවීමනම් ධනාට දැන් අත්හල නොහැකි පුරුද්දකි. ගිය ගමන් සියල්ලක්ම මෙහි ඇත. තවත් මෙවන් ගමනක් ගියොත් අනිවාර්යයෙන්ම එහි රස බර පෝස්ටුවක් වෙන් වෙනවාම ඇත. 


~ධනා~





Related Posts Plugin for WordPress, Blogger...

No comments: