Followers

දුන්හිඳ බලන්න....


එදා පොසොන් පෝය දවස. අපිත් අරෙහෙ මෙහේ රස්තියාදු පාර දාන්නෙම පෝය දවස් වලටමද මන්ද... කොහොමවුනත් මීට කලින් ගෙදරට හොරෙන් ගිය ගමන් වලට වඩා මේකනම් හෙනම ආතල් ඈ. අපි ගිය බයික් ගැනනම් කියන්න ඕනි නෑ. මොකද අපේ කැමැත්තයි දෙමාපියන්ගෙ කැමැත්තයි දෙකක් නෙ. ඒනිසා අපෝ මුං ගිහිං තියෙන්නෙ මේවගෙද කියලනම් කියන්න එපා. වැඩේ එලනම් ගිය වාහන වලින් වැඩක් නෑනෙ.

මේපාරනම් කොල්ලො 4ක් ගියා, බයික් දෙකක. සංවිදානය කලේ තනිකරම ඕෂධ. අපි දායකත්වය ලබාදුන්න. ක්ලාස් දවස් ටිකේ යමං යමං කියල කෑ ගැහුවට හිතුවෙ නෑ ඔච්චර හොඳට යන්න පුළුවන් වෙයි කියල. ආ ගිය කස්ටිය කියන්න අමතක වුනා.
මම(ධනා), ඕතද(බොකා), සංජය(ඇම්ඩා), ජනිත්(බනාන). ආදරේට කියන නම් ටික කිව්වෙ හොදේ.... සුපුරුදු පරිදිම මමයි ඕතදයි එකක. අනිත් ඩබල එකක. උන් ආපු බයික් එක පොඩ්ඩක් වයසයි. J නම්බර්. ඒ නිසා පොඩ්ඩක් කාර්යක්ෂමතාවයෙන් අඩුයි. ඒ කිව්වෙ අදිනව හොරයි.
ඕතදයි මමයි ගිහිං විනාඩි 10කට විතර පස්සෙ තමයි උං දෙන්න එන්නෙ. ඒකත් හෙන ආතල් වැඩේ.
මට පොඩ්ඩක් ලේට් වුනා. මොකද උදේ 7ට විතර අම්මව හෙමත් බස් එකට දාල එනකොට මැසේජ් එකක් තිබුන නවය හමාරට පාරට වරෙං කියල. ආ නවයහමාරනෙ කියල මමත් පොඩි ඇලට් එකක් දැම්ම. නදර් කිං... මට නින්ද ගිහිං. නිකමට වගේ ඇහැරෙනකොට මිස්කෝල්, මැසේජ් අම්බානක. දඩ බඩ ගාල ලෑස්ති වුනා. ගෙදර ඉඳං පාරට තියෙන්නෙ බල්ටියක දුර. අරුං ඇවිත්. මල කෙලියයි. බනිනව හෝසෙටම. හැමදාම ලේට් වෙන මට ඕව අහල පිරුදුයි. වටේ තැලුව ඇති. අතේ තියෙන පිච්චියත් නැතිකරගන්න බැංකුවටත් ගිහිං අහවල් එකෙං සල්ලිත් ඇරගෙනම පිරවුම්හලකට ගිහිං කවදාවත් හුලං ගහල නැති අපි බයික් වලට හුලනුත් ගහගෙන වැඩේට ලෑස්ති වුනේ. දන්නැත්නම් දැනගනිල්ල. පිරවුම්හලේ අයිය කියපු විදිහට ඉස්සරහට 28යි. පිටිපස්සට 32යි. මොනාදනම් දන්නැතෝ.

පාර ගැන පොඩි විස්තරයක් කරන්නම්, අපි ගියේනම් GPS වල උදව් වලින්. පොඩි සැකයක් තිබුණ. ඉස්සෙල්ලම බදුල්ලට ගියා. ඒක දන්නවනෙ. එතනිං පස්සෙනම් පිටිපස්සෙ හිටපු ධනා තමයි පාර කිව්වෙ. ධනාට පාර කිව්වෙ GPS. "ආ.......... දැං අනිත් පැත්තට" කියනකොටම පාර තියෙන්නෙ තව පැත්තකට. අපි යන්නෙ අනිත් පැත්තට. ෆුල් හොල්මං. වෙලාවට එතන පොඩි දංසල් කෑල්ලක් තිබුණෙ. කර නොවී හරවගත්ත. අනිත් සීන් එක කියන්නෙ ට්‍රැෆික් එක පොඩ්ඩක් වැඩි නිසා. ඇම්ඩයි ජනියයි වෙන පාරක ගිහිං. උන් දෙන්න හොයන්න වන් වේ පාරක අපි දෙන්න ආපහු හරවගෙන ආවෙ නැල්ලු. ධනා බැහැල ගිහිං පොලිස් මාමලා ඉන්නවද කියලත් බැලුවෙ නැල්ලු. අන්තිමට කෝල් දීල // දෙන්නව ගෙන්නගත්තලු.
අඩෝ..ව් අපි බදුල්ලෙ වන් වේ පාරක අනිතපැත්තට ගිය උං හරී...
අහ් කියන්න දෙයක් අමතක වුනානෙ. කෑලිනම් එමටය. එදා පෝයනෙ. ඔක්කොම සීලෙ ආරස්සා වෙන විදිහටම වැඩ. මල් හතයි.... ♥♥♥♥♥♥♥
ආසයි නේ??

බදුල්ලට෴
අපිත් යනවා /////// ඉවරයක් නෑ. අනිත් එක තමයි වංගු. අප්පේ......... කනේ තාමත් වැලි. ඒ ඒතරමට නැමිල්ල. ධනා ගියේ ඉතිපිසෝ ගාතාව කිය කිය කියන්නෙ. කාලගුනේනම් එල. අපිව පොඩ්ඩක් බය කරන්න අහස ටික වෙලාවක් අඳුරු වෙලා තිබුන. හහ්. උං දන්නෑ මේ යන්නෙ ඉස්කෝලෙ හොඳ අන්ඩපාලලා සෙට් එකක් කියල. තුන් දෙනෙක්ම එක කෑල්ලට ටෝක් කරා කිව්වම ඉතිං තව මොන කතාද??? අපි රැවටෙයි අහසට. පුහ් පුහ් ☺

මගදි දන්සලක් තිබුණ. බීමයි බිස්කටුයි. කෙසෙලුත් තිබුන. ඒව බෑ. කාල බීල යනකොට තමයි දැක්කෙ බදුල්ලෙ ඉඳල ඇවිල්ල එකට ක්ලාස් එකේ ඉඳල අපිටත් මුල් කාලෙ කෙලවලා, අපිට හොරෙන් අපේ එකෙකුට කොක්කක් දාගෙන, ‍ඌගෙන් අරව මෙව්ව කඩාගෙන, ගෙදරට මාට්ටු වෙලා, බිම පෙරලිලා, උම්ම දීලා...  වැරදි දෙයක් කියවුනාද මන්ද.... ආන්න එහම කරල අවසානෙ ආයිමත් බදුල්ලටම පැදුරටත් නොකිය ගිය කෙල්ලෙක්ගෙ ගෙදරයි වෑන් එකයි. එනකොටනම් ඇම්ඩ ඒකිගෙ අම්මව දැකල. මට හිතුණෙ උං දෙන්න ලයිට් කණුවකවත් එල්ලිලා ඉඳි කියල. දෙවි පිහිටෙන් එහෙම වුනේ නෑ. විහිළුවට හොඳේ.. ☻

තේ වතු මැදින් යනවා යනවා.... අෆ්ෆෝ.... එහෙමත් ගමනක්, බයික් එකත් ශෙයා කරගෙන පැද්ද. ඒකට ඇම්ඩ. බඩල්කුඹුරෙදි ජනියට දුන්න දුන්නමයි ඌට බයික් එක විකුනං කෑවත් ගානක් නෑ. ඇම්ඩ සංග්ලාස් දෙකක් හෙමත් දාගෙන ඇවිත් හිටියෙ. හම්මහ්....අපි ඉතිං ඉස්පෙක්ටකල්ස් තමයි. ☻ බදුල්ලෙ ටවුන් එකට ගියා. සොරනාතොට පාරටත් දැම්ම. අරූගෙ ඩැයිවිංනම් වෙනසක් නෑ. වංගු නැති එක විතරයි. වලවල් පේන්නෙත් නෑ. එකක වැටුන, අම්මා.......... සනීපෙ.... දන්සල්නම් තිබ්බ. ඒත් අපි උදේ යනකොට පටං අරගෙන නෑ. ගිහිං එනකොට ඉවර වෙලා. අමාරුවෙන් හිත හදාගත්ත. කස්ටිය ගෙවල් වලින් ඇවිත් තිබුනෙත් ධනාලගෙ ගෙවල් ලග තියෙන දන්සලට යනව කියල. ඒත් දවල්ටවත් කන්න නෑ. වේලෙනව. සුළු දිය බරක් නිසා තේ වත්තක නතර කලා. මෙන්න කස්ටියට ගෙවල් වලින් කෝල්. 'ආ අම්මෙ, මමමේ දැං මාලිගාවිල යන ගමං'. තව කෝල් එනව. "අඩෝ අම්ම දවල් වෙලා එනක කිව්ව බං. බත් පාරසල් දෙකක් බැඳල තියන්න කිව්ව" කෙලපංකො. මුං හරියට වැඩක්වත් කරගන්න දෙන්නෑ හිනස්සවනවනෙ. පව් ජනිය. අමාරුවෙන් වගේ වැඩේ කලේ.  අවසානෙ බිමිං මොකක්ද අහුලගත්ත, මොකක්ද කියලනම් අහන්න ගියේ නෑ අපි.
පේනවනෙ වංගු??
කනේ වැලි ගෑවෙනව

ජා කරන චුනියා.....
දැං තේ දළු නෙලන අය බලනව ඇති මොකද ඒ තේ ගස් ටික විතරක් උස ගිහිං කියල. මෙලහකටත් කස්ටිය ඒ ගස් යට හෙවනට ඉන්නවත් ඇති. නැත්නම් ඉනිමං තියල දළු කඩනව ඇත්තෙ. ඒ ගැනත් පොඩි දැනීමක් තියෙනව. ධනා රත්නපුරේනෙ..... හිනා යනව ඕයි.
ඒ ඒරියා එකත් මරු.

මෙච්චර වෙලා GPS පිහිට තමයි. ඇල්ලට යන තැන ලගටම ගිහිං නැවැත්තුව. ඒ, ජී පී එස් කෙරෙහි ඇති වූ දැඩි විශ්වාසය හේතුවෙන්. නවත්තල පාර අයිනෙ හුටාර් එක නාව නාව හිටපු ඩයල් එකකින් ඇහුව. තව ටික දුරයි. අපි 4දෙනා එතනට බහිනකොට කස්ටියම බලාගෙන. පොඩ්ඩක් වයස, එහෙමමත් කියන්න බැරි කොලු අංකල් කෙනෙක් ආව. ඌ හිතං ඇත්තෙ අපි කුක්කු බිබී ආවෙ කියල. බයික් නවත්තන විදිහත් කියල දෙනව. "ආ පුතා දැන් මේන් ඉස්ටෑන්ඩ් එක ගහන්නලු". වෙලාවට ඇම්ඩගෙ බයික් එකේ ඒක තිබුනෙ. අනේ ඌයි මායි නොදන්න මේන් ඉස්ටෑන්ඩ්... වෙන මොකටවත් නෙවෙයි ගාන කඩාගන්න. යකෝ නිකං ඇදගෙන හැලෙන වතුර ටිකක් බලන්න වාහන නවත්තනත් සල්ලි ඕනි. එතනට ගිහිල්ල යතුර ඕෆ් කලත් රුපියල් 100 අරූගෙ සාක්කුවෙ. හෙල්මට් තියන්නත් තැනක් සෙට් කරල දුන්න. යනකොට කඩවල් ටිකේ හිටපු කෙල්ලෙක් නිකං දැකල නෑ වගේ චාටර් එකට හිනා වුනා. අතගාල බලන්න ගියේ නෑ මොකද ,මගේ කල්සමේ  ziපර් එකක් නෙවෙයිනෙ තියෙන්නෙ. බොත්තං සැට් එකක්නෙ. බොරු කියන්නෙ මොකටද වෙන වෙලාවකනම් ශේප් එකේ බලනව ziපර් එක ඇරලද කියල.
බයික් දෙක දැම්මෙ ඔය දකුණු පැත්තෙ තියෙන පියාජෝ ත්‍රීවීල් දෙක අස්සට.


කඩ අස්සෙන් ඉදිරියටම. මේ හරියෙදි තමයි අර කෙල්ල හිනා වුනේ.

රුපියල් විස්සයි ටිකට් එක. කැත වැඩේ කියන්නෙ යකෝ  මුං කියන බොරු... අපි වැඩිහිටියොළු. හූරං කනව උපරිමෙන්ම. එතන හිටපු ඇන්ටිට කියල ටිකට් එක ඉරන්නෙ නැතුවම ඉල්ලගත්තෙ උයාලට පෙන්නන්මයි. 
ටිකට් එක
 වැඩිහිටියොන්ම් යකුනේ කොල්ලො 4ක් එනවද? එහෙනං ඉතිං අපේ උං යන්නෙ දන්නවනෙ ඉතිං.... අවුල කියන්න අර ගල් පඩිපෙලවල් බහින එක. ඇඩෙනව. ☻ ඩබල් දාල පෙම් කෙලින්න යන උන්ගෙන් එනකොට කොල්ල කෙල්ලව වඩාගෙන එනව ඇත්තෙ. යන අඩිපාර අයිනෙ ඉඩ තියෙන තැන් වලත් සමහර උන්දැලා පෙම කෙලින එකත් කෙලිනව බලං ඉන්න උන්ට අඬෙන්නම. අෆ්ෆ්ෆා...............
වැල් පාලම වෙනුවට
ෆොටෝ එක ගහපු එකා කොහොම එකෙක්ද කියල පේනවනෙ?? ♂


ඉස්සර තිබුන වැල් පාලම් දැන් නැල්ලු. අපි දන්නෑනෙ තිබ්බද නැද්ද කියල. වෘතීය මට්ටමේ ඡායාරූප ශිල්පියෙකුටනම්  ඒ පාර, ඒ දර්ශන ටොප් ඈ. ඒ තරමටම ලස්සනයි. මහ දිගට කකා බිබී ගාටගාට කොහොමහරි අදාල ප්ලේස් එකට ලෑන්ඩ් කලා. 
ස්කූබු ඩූ @ දුන්හිඳ ඒරියා

ඉස්පයිඩර් අම්ම කෙනෙක්...

එතන පොඩියට වෙදිකාවක් වගේ හදල තියෙනව ඇල්ල බලන අයට. ඕකෙ ඉඳගෙනත් ෆොටෝ ටිකක් තැලුව. එතනනම් මාර ලස්සනයි. කියලම වැඩක් නෑ. කිරි පාටට වතුර පහලට වැටෙනව, ඒත් එක්කම පිනි බිංදු විසිරිලා යනව හැම තැනම, ලා කොළ පාටට පිනි කන ගස්, තනකොල, එකා මත්තෙ එකා ඔහේ හිතක් පපුවක් නැතුව වැටිල ඉන්න ගල් පර්වත. ඒව උඩ පෙම් සාගරේ ඩිංගි බෝට්ටු පදින කපල්.... මේවගේ තව ලස්සන දේවල් ගොඩයි. කියල වඩක් නෑනෙ. අත්විඳින්න ඕනිනම් ගිහිල්ලම බලන්න ඕනි.













එතන හිටිය රිලවෙක්. අපි එතනට යනකොටත් ඌ කනව, එනකොටත් ඌ කනව. ඌනම් කෑමටම උපන් ඩයල් එකක්.  මම හිතන විදිහට ඌ වෙන්නැති ඒ ඒරියා එකේ ලොකුම රිලව. උදේ වාඩි වුන ගමන් රෑ වෙනකන්ම හකු දෙක පුරවගත්ත ගමන්. හෙන පිං කාරයෙක්. මොකක්හරි පවකින් රිලවෙක් වෙලා ඉපදෙන්නැති. කප්පං ගන්නවද මංද.... අපිනම් දැක්කෙ නෑ වගේ හිටිය. ඇඟට පැන්නොත් කාට කියන්නද? ගෙදර ගියාම අහයි දංසලේ කෑම බෙදන්න හිටියද? දංසලට රිලවෙක් ආවද? කියල. ☻


 එතන ඉඳල එපාවෙලාම පහල ඉන්න මිනිස්සු එන්ජෝයි කරන කිරිල්ල දැකල අපිටත් යන්න හිතුන එතනට. කොහෙද ඇම්ඩයි ජනියයි කම්මැලියො දෙන්න ආවෙ නෑනෙ. උන්ට ඉන්න කියල මායි ඕතදයයි බැස්ස පහලට. සමහරවිට ඇම්ඩට කෑල්ලක් සෙට් වුණාද දන්නෙනෑ. ජනියනම් ඕවට නෑනෙ. මාර්ගය පොඩ්ඩක් කටුකයි. මාර්ග නීතියට අනුව උඩට එන අයට ඉඩ දිදී හෙමින් සීරුවෙ පහලට බැස්ස.

එතනනෙ යකෝ පොට් එක. තව පොඩ්ඩෙන් බැස්ස ගමන්ම ධනා ගලකට උම්ම උකක් දෙනව.  ඒ ගල් පෑගිලාම පොලිෂ් වෙලා.  ලිස්සනව. වැඩ දන්න හින්ද බේරුනා. ඇල්ල ඉස්සරහම පොඩි ගලක් උඩට ගිහිං සෙරෙප්පුහෙමත් ගලවලා මූන පොඩ්ඩක් සෝදගෙන හැරුන විතරයි. තව පොඩ්ඩෙන් ධනාගෙ ඉස්පෙක්ටකල් දෙක දුංහිද වතුරෙන් හේදි හේදි මෙලහකට මලකඩත් කාල. වැඩ දන්න හිංද අල්ලගත්ත. මගේ මල්ලි වගේ ඒකත්. පස්සෙ එතනත් පොඩියට වගේ පොටෝ සූට් එකක් තිබුණලු.
කෝල් එකක්.... ගෙදරින්ද දන්නෑ... ගත්ත භාණ්ඩෙ එලියට. අප්පටසිරි ඇම්ඩ. පිප්පි බරක්වත් ගහලද දන්නෑ කතාකරන්නෙ. 

කොල බොත්තම


ඇම්ඩ:- ඒ කොතනද බං උඹල ඉන්නෙ?

මම:- මේ පහල බං පේන්නැද්ද?
ඇම්ඩ:- නෑනෙ බං...
මම:- බලපං මේ ඉස්සරහම ඉන්නෙ
ඇම්ඩ:- මේ වරෙල්ලකො බං ෆොටෝ ගැහුව ඇති.
මම:- හරි හරි හිටපං ඔතනට වෙලා කම්මැලිය ආවෙත් නෑ.
ඇම්ඩ:- හරි හරි ඉක්මනට වරෙල්ලා......

රතු බොත්තම 

මොකා කෝල් කරත් වැඩේ කරගෙන යන්න හිතාගෙන හිටපු අපිනම් නෙවෙයි ගියේ. මුං ආයිමත් ගන්නව. කෙලින්ම ෆෝන් එක ඕෂධයගෙ කන ලගට. මෑන්ස් කතාකලා.

උං යනවලු බං. හෙමීට යන්න කිව්ව. 

අනේ මොන!@#$%^&*( ද බං? මගුල. යන්න කියපං. උන්ටත් ආවනම් මොකද???


නැවතත් පොටෝ සූට් එකට෴

හිටපු ප්ලේස් එකට ආක්‍රමනයක්. වෙන තැනකට ගියා. එතන රිඅල්වෙක් ඕෂධයගෙන් ගේම ඉල්ලනව. ඔක්කොම ලංකාවෙනෙ කියල ශේප් වුනා. ඕෂධයනම් රිලවත් එක්ක ෆොටෝසුත් ගත්ත. අපරාදෙ කියන්න බෑ මනුස්සක හඳුනන අයියල දෙන්නෙක් විතර හිටිය වතුර වැටෙන එක පටිගත කර කර.එක ජෝඩුවක් එතන බත් මුලක් දිගෑරගෙන. එතනට ආවත් කන බනේම තමයි. අනේ මංද කවද හරියයිද කියල. එක අතකට හිතෙනව එ ඩබල කලින් ඇවිත් ඇති කියල. මොකද ඒ පඩිපෙක් නැගල බැහැල එතනට එනකොට හොදි ඕන්නෑ. ආයිමත් ගෙදර යන්නනම් පොඩ්ඩක් ශක්තිය අවශ්‍යයි. මොනා උනත් එයාලගෙන් කාටවත් කරදරයක් නෑ. ශක්ති අවශ්‍යතාව සපුරාගන්නව කියල හිතමු. උඩට නොපෙනුනට එතනට හෙනට පින්න. වහිනව වගේ. තිබ්බ සබ්බසකලමනාව කැමරා, ෆෝන් ඔක්කොගෙම වතුර. ඒ මදිවට ධනාගෙ වින්ඩ්ස්ක්‍රීන් දෙකෙත්. වයිපර් නැති එකේ පාඩුව තමයි.
පරම්පරා ගානකට හරියන්න ෆොටෝ ගැහුව.

පස්සෙ ඉතිං එතන තව තව අසබ්බ විදිහට පෙම තලන ඩබලුත් හිටිය. ටැමිල්. මොනා කියනවද කියල අපි දන්නෙ නෑ. අහම්බෙන් දැක්ක වගේ මතකයි බෙල්ලක් ඉඹිනව. බුවෑක්... පලකො හෝටලේකට. සැක් අපිවත් නරක්කරනව :P ගහල පන්නන්න ඕනි. ඕෂධයනම් ඊට වටා සරාගී ඒව දැකල වගගෙ කිව්ව විදිහට. හිනාවක් ගිල ගිල හිටිය මතකයි. සමාජය චාටර් වෙලා අප්පහ්..... ඇහැක් කනක් ඇරගෙන පාරක බැහැල යන්න බෑනෙ යකෝ.

එතනත් ඇති වුනා. එහෙමමත් නෑ. රෑ වෙන්න කලින් ගෙදර යන්න ඕනිනෙ. ආපහු කදු තරනයට.
උඩට නැග්ග. හැම්මෝ.. හොඳ පණ නෑ ඕයි. කැරකෙනව වගේ. ආපු ගමන් එතන තිබ්බ බංකුවක  පොඩි හේත්තුවක් දාගත්ත. මට හිතුණ විදිහට දුන්හිඳ අඩවියෙ වෙලාඳාම් කරන අයගෙන් හොඳටම මොලේ තියෙන මෑන් හිටියෙ එතන. ව්‍යාපාර අවස්ථාව රිසි සේ හඳුනාගැනීමක්. මෑන්ස් කොමස් කරන්න ඇත්තෙ මට හිතෙන විදිහට. ඇයි දෙයියනේ අර කන්ද ඇදල වෙරි වෙලා එන උන් අතේ භාගයක් තිබ්බත් ඒක කැලේට විසි කරල අරූගෙන් බීම වීදුරුවක් අනිව බොනවමයි. රුපියල් 30ද කොහෙද? මට මතක නෑ අෆ්ෆ.. එක හුස්මට බිව්ව මිසක් ගනන් අහන්න තේරුනේ නෑ. මෑන් වැඩ්ඩ වගේ අපිට පේන්න කඩිමුඩියෙ දොඩම් මිරිකනව. ඒකට වෙනමම මෙව්ව එකකුත් තිබුණ මෑන් ලග. පොඩි ?කුත් තියෙනව. මෑන් කොහොමද ඔච්චර දුර වතුර ගේන්නෙ??? 
පාන්දර ඇවිත් මොනාහරි ගේමක් දෙනව ඇති. මොනව වුණත් ජීවත් වෙන්න උත්සහ කරන මිනිස්සු. අපිත් ලංකාවෙනෙ. ඔයාලත් ගියොත් එතන කඩේකින් දොඩම් එකක් බීලම එන්න. එල ඈ....

මහන්සිය වැඩිකමට එතන පොඩ්ඩක් ඉඳල යන්න තීරණය  කලා. ඒ අතරෙ ඕෂධයගෙ ඇහැට කෙල්ලො දෙන්නෙක් වැටිල. පොඩ්ඩක් කිට්ටු කලා. ඉරිඟු කනව. අහන්න තිබුනෙ හේන ගැන. ☺ ගුටි කන්න බෑනෙ බීම බීපු ගමන්, ඒ හිංද වැඩේ අතෑරිය. ආයිමත් කදු පිහිටයි...! අම්මේ අරූනම් යනව යනව කොහොම යනවද මංද... මටනම් හිඳටම අවුල්. ජොලා. මගදි තව කඩේක නැවතුනා. අරූ පොලොස් පැටිස් කෑව. මම වතුර බෝතලයක් ගත්ත. ඒකත් මරු වචනෙ. පොලොස් පැටිස්... ☺ එදා පෝය හින්ද වෙන්නැති. ඒ කඩේ ඇන්ටිගෙනම් හෙන ගනං. අල්ලන්නැත්තෙ ඕව තමයි.

ඇම්ඩලා ආයි කෝල් කරනව. උං ගේට් එක ලග. එළියට යන්නද අහනව. මම ඒ යෝජනාව ස්ථිර කලා. අපිට හිතුනෙ එළියට ගිහිං අපි එනකං කන්නත් මොනාහරි අරගෙන ඉදී කියල. මොන, මුන් එළියට ගිය පාර යන්නම ගිහිංනෙ පැදුරටත් නොකියම. බව් වැඩේ ඇම්ඩෝ.... අපිත් කන්න බලාගෙන හිටිය. ප්ලෑන් එක පොඩි වෙනසකට භාජනය වුනා. හිතාගෙන හිටියෙ බදුල්ලෙන් කුඹල්වෙලට දාල ඒ පැත්තෙන් එන්න. කොහෙද???? ගිය පාරෙන්ම ආව. රෑ වෙන නිසා. බදුල්ල ටව්මත් පොඩ්ඩක් අධ්‍යනය කරල ආපහු පස්සර පාරට දාල ගම් බලා පියාසර කරන්න පටංගත්ත. ඒකනං පියාසර කිරිල්ලක්ම තමයි. ඇම්ඩලාව අල්ලන්න හැදුවෙ. ආයිමත් ධනාගෙ ඉතිපිසෝ ගාතාව පටංගත්තලු. 

මේ කෙල්ලෙක් ගැන කතා කර කර ඇවිත් තව පොඩ්ඩෙන් නවතින්නෙ බිබිලෙන්. ධනා හිටපු නිසා හොඳයි. සීතලයි ඕයි. පාරත් පාළුයි පොඩ්ඩක්. අබලං ගොඩක්. ඇවිල්ල/// දන්නෙම නෑ බඩල්කුඹුරෙ. එදා අර පරෙයියන් ඇල්ල ටුව එකේ ඉතිරි වැඩ ටිකක් කරගෙනම යන්න පොඩ්ඩක් නැවතුනා. ඔන්න මැසේජ් දානව ඕතදය. ඇම්ඩලාට යන්න කිව්ව. බොරු කියන්න ඕනි නෑනෙ. අපි ගියා සෑඩ්(Sad) ලගෙ ගෙදර හොයාගෙන. සෑඩ් ඇලට් එකක් දාගෙනලු ඉන්නෙ. ☻ එළියට එන්නවත් බෑ. අනේ ඉතිං අපි දෙන්නත් කස්ට කාගෙන වැල ගෙඩි උඩිං ඩැයිවිං කොරගෙන ගියා. නාඳුනන ඇන්ටි කෙනෙක්ගෙන් ප්ලේස් එකත් අහගත්ත. වැඩේ කියන්නෙ උන්ගෙ තාත්තගෙ නම කිව්ව ගමන් පැටිකිරිය ඔක්කොම ගමේ උං දන්නව. අපිට පාංද දැන්? අනුන්ගෙ ගෙවල් හොයන්න ගිහිං කුරුළු බෙටි ප්‍රහාරයකට ලක් වීමට ධනාට සිදුවුනා. වෙලාවට වතුර බෝතලේ ලඟ තිබ්බෙ. ෆ්‍රෙශ් බඩු නිසා පැල්ලමක්වත් තියන්නෙ නැතුව වතුර පාරට #ට්ට ගියා. ☺☻☺☻☺☻☺☻
කුරුල්ලට ඉතිං !@#$%^&*() තමයි කියන්න තියෙන්නෙ. ඌත් බඩජාරිකමට දන්සල් වලින් කාල ගහ උඩට වෙලා සිගා පාරක් දාගෙන ඉන්න ගමන් ඒක්ටහ් මගේ ඇගටම හැලුව.

ඒක කිව්ව විතරයි ඕතද හිනා වෙච්ච ලස්සන මට තාම මතකයි. ඌට හෙන ආතල්. එකට හිටපු එකාට කරදරයක් වුනාම ඌ බඩ අල්ලං හිනා වෙනව.  එක අතකට හිනා යන එක සාධාරනයි. මට ඒ වෙලාවෙ ආපු තරහත් එක්ක කියපුව මතක් වෙනකොට මටත් හිනා. ඒක විතරයි ඒ ගමනෙදි වෙච්ච එක චාටර් වැඩේ. ඒකත් පොඩ්ඩක් සුන්දරයි. නෙහ්??
 
කොහොමද මික්ස් එක ගානට තියෙනවද?? ☺









Related Posts Plugin for WordPress, Blogger...

No comments: