Followers

ඔබේ දෑස දැක ගත්තෙමි සැඳෑ කලෙක ළඳුනේ෴




මේ සිද්දිය සමහරවිට ඔයාල අහල තියෙනව වෙන්න පුළුවන්. ඇති නැති තැන දුරකට දාල මම මේ පෝස්ට් එක ලියන්න හිතාගත්ත. සම්භාවනීය, ගැඹුරු අදහස්නම් මම ලග නෑ. ඒත් දන්න සිංහලෙන් ලියපු මේ පෝස්ට් එක කියවන්න කියල සැමදෙනාගෙන්ම ඉල්ලා සිටිනව. 
තවත් දෙයක්, මේ අදහස් මම කොහෙන්වත් හොරකම් කරපු දේවල් නෙවෙයි. එහෙම චෝදනාවක් තියෙනවනම් ඒකත් දැනුම් දෙන්න. සතුටින් භාරගනිමි.   පඳුර වටේ තැලුව ඇති දැන්.
-----------------------------------------------------------------------------------
ළඳුනේ ………. ළඳුනේ ………….

ඔබේ දෑස දැක ගත්තෙමි
සැදෑ කලෙක ළඳුනේ .. ළඳුනේ…

දෙනෝ දහක් අත ගත්ත ද
සැමියෙකු නැති ළඳුනේ
නෑයෙක් නෑකම් නො කියන
වීදි සරන ළඳුනේ ... ළඳුනේ …

තෙල් මල් ගෙන දෝත පුරා
මුනි කුටියට පිය මනිනා
ඔබේ දෑස දැක ගත්තෙමි
සැඳෑ කලෙක ළඳුනේ .. ළඳුනේ …

බුදුන් දැක නිවන් දකිමැයි
දෙව්රම යන පාර අහන
ඔබ ද පටාචාරාවකි
ඔබ ද කිසා ගෝතමියකි

පිරිමින්ගේ පාප කඳට
දෝස විඳින ළඳුනේ
රහසේ පව් කරන දනා
එලියෙ රවන ළඳුනේ
ලැම පමණක් ලොවට පෙනෙන
ළය නො පෙනෙන ළඳුනේ
කුහුඹුවකුට වරදක් නැති වැරදිකාර ළඳුනේ

පද - රන්බණ්ඩා සෙනෙවිරත්න
නද - ප්‍රේමසිරි කේමදාස
හඬ - අමරසිරි පීරිස්
 

songsLK.com වෙබ් අඩවියෙන් උපුටා ගැනීමකි
---------------------------------------------------------------------------------------------------------------
මීට කලින් අහල නැති අය
මේකත් බලලම ඉන්න...
අමරසිරි පීරිස් ශූරීන්ගේ තවත් ගීත මෙතනින් ------------------------------------------------------------------------------------------------------------     හොඳයි කියල හිතුණනම් ඩව්න්ලෝඩ් කරගන්න..... ------------------------------------------------------------------------------------------------------------
මෙහි පද රචකයා වන අතරින් සමුගත් රණ්බණ්ඩා සෙනෙවිරත්නයන් වෘතියෙන් නිතීඥයෙකි. දිනක් මොහු මහනුවර ප්‍රදේශයට රාජකාරි කටයුත්තක් සඳහා ගිය විටකදී ඔහුගේ මිත්‍රයෙකු විසින් ඔහුගෙ නිවසට පැමිණීමට ආරාධනයක් ලැබී තිබිණි. ඇරයුම පිළිගත් සෙනෙවිරත්නයන් ඔහුගේ නිවසට ගොස් එදින එහි ගතකොට පසු දින තම නිවස බලා පැමිණීමට ඉටා ගත්තේය.     මහනුවරට යන සෑම දෙනාගේම ප්‍රධානම අවධානයට ලක් වන්නවූ එක් පූජා ස්ථානයක්නම්, දළදා මාලිගාවයි. සුපුරුදු පරිදි මෙම මිතුරන් දෙදෙනද සවස් යාමයේ දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට එහි ගියහ. ඒ ගීතයක් ලිවීමේ අරමුණෑක් සිතේ පෙරදැඩි කරගෙනම යැයි නිෂ්චිත නිගමණගයක එළඹිය නොහැක. කෙසේ වෙතත් එහිදී සෙනෙවිරත්නාන්ට ඔහුගේ මිතුරා විසින් හඳුන්වා දුන් සුදු සාරියකින් සැරසී දළදා වැඳිමේ අරමිනින් එහි සැපත් එක් රුවැති කතක් පිළිබඳව ඔහුට දැනගන්නට ලැබිණි. ඇය වෘතියෙන් ගණිකාවකි. ඇය සෑම දිනකම එහි පැමිණ එඅම කර්තව්‍යය සිදුකරන බවත් ඔහුට දැනහන්නට ලැබිණි.   සමාජයේ වරදින් මෙවැනි වූ ක්‍රියාවන් සඳහා යොමු වූවක් ලෙස ඇය තුල ඇතිවන්නාවූ ඒ පිළිකුල් ප්‍රතිභිම්බය සමාජය කෙරෙන් මොහොතකට දුරස් කිරීමට ගත් උත්සයක ලෙස ඉහත ගීතය රචනය විණි.  සමාජය කෙරෙහි කිසිඳු ද්වේශයකින් තොරව, මනා වූ සංයමයකින් යුතුව එම කාන්තා චරිතයට කැළලක් ඇති නොවන අයුරින් තම තෙලි තුඩ හැසිරවීමෙහිලා සෙනෙවිරත්නයන් උපන් හපනෙකි.     පසු කාලීනව එයට ප්‍රේමසිරි කේමදාසයන්ගේ ස්වප්තස්වර නාද රටාත් අමරසිරි පීරිස් ශූරීන්ගේ ඒ ගැඹුරු හඬත් සංකලණය වීමෙන් අතීතය වර්ථමානය අනාගතය  දකින්නා වූ ඊට උචිත් වූ ගීතයක් නිර්මාණය විණි. නමුදු අද වනවිට ජාතියේ අවාසනාවකට මේ කලාකරුවන් තිදෙනාගෙන් ජීවතුන් අතර සිටිනුයේ අමරසිරි පීරිස් ශූරීන් පමණකි.     
සැගවෙනාවූ සොඳුරු නිර්මාණ පිළිබඳව තරුණ,මහළු පරපුරේ දෑස් යොමුකරවීමට ධනා ගත් අල්පමාත්‍ර වූ උත්සහයක්.....    
ඔයාලගෙ අදහස්෴
Related Posts Plugin for WordPress, Blogger...

No comments: