Followers

ඇහෙන්නැතිව, පේන්නැතිව කතා නොකර ඉන්න තාක් ජීවිතේ ෂුවර්....

වර්ෂ 2013ක් වූ ජූලි මස 34වන බදාදා දිනකි. වේලාව 11 පසුවී මිනිත්තු එකකි. බල්ලන් උඩබුරති. නින්දට යෑමේ අවශ්‍යතාවක්ද නැත්තේය. මන්දයත් අද දින සිදුවීම් සයිබර් අවකාශගත කිරීමේ අපේක්ෂාව නිසාවෙනි. වේදිකා නාට්‍ය බැලීම ධනා ප්‍රිය කරන එක් විශයකි. එය කා විසින් පෘදු කරන ලද්දක්ද, එයට හේතුව කුමක්ද යන්න සෙවීමට තරම් උනන්දුවක් ධනාට නැත. වර්ෂ 2010 සිට මේ වන තෙක්ම අප ප්‍රදේශයට පැමිණි විවිධ ඝණයේ නාට්‍ය අතුරෙන් ධනාට රසවින්ඳීමට අතපසු වී ඇත්තේ එක් වේදිකා නාට්‍යයක් හෝ දෙකක් පමණි. "බල්ලොත් එක්ක බෑ" ඉන් එකකි. ධනාගෙ පාසල් ශ්‍රවනාගාරය, ශාන්ත අන්තෝනි තාක්ෂණ විද්‍යාලිය ශ්‍රවනාගාරය, කැළණි විශ්ව විද්‍යාලීය ශ්‍රවනාගාරය, ටවර් හෝල්, ආදී ථාන ධනාට නාට්‍ය බැලීමෙහි ලා නවමු අත්දැකීමක් ගෙන නොම එයි.
ඒ ධනා එම ස්ථානවල සුළුවට හෝ කරක් ගසා ඇති නිසාවෙණි. ධනා කිසිම දිනෙක නාට්‍යක් බැලීමට තනියෙන්ම ගොස් නැත. තනියෙම ගොස් නාට්‍යක් රසවිඳීම ධනාටනම් මතක් වෙනකොටත් ඔක්කාරෙට මෙන්ය.  පෙර රසවිඳි අත්දැකීම් මෙසේ එක් කිරීමට නොහැකි වුවුද අද දිනයද එසේමය.

වෙනදා මා හා එන ඕෂධයා, විරාජයා වෙනුවට අද සිටියේ සංජයත් ඉසිරුවාත්ය. උන් දෙන්නාටම නොමිලයෙ ප්‍රවේශපත් සෙට් වෙලාය. ධනාට ඉතිං පෙර පරිදිම පිදීමක් තමයි ය. කෝකටත් කියා සංජයගේ යෝජනාවකට අනුව ඉසුරුවාලගෙ ගෙදරට ගියේ උගෙන් ටිකට්ටුවක් ගසා කෑමටය. මුලදිනම් දෙන ලයින් එකක් තිබිණි. එය අසා සිටි උගේ මලයා කේස් එක ඇදීම හේතුවෙන් ඒ පිනා චාන්ස් එකද හෙනහුරා ගත්තේය. උගෙ මලයා ටිකට්ටුවට යුධ ප්‍රකාශ කර හඬනු පාරේ සිට ඇම්ඩාටත් මටත් HD ඕඩියෝ විදිහටම ඇසිනි. නිමේශයකින් ඉසුරුවා පැමිණියේ "අඩෝ බං ඒක මල්ලිට ඕනි කියාගෙනය". දූර දර්ශී නුවණැති ධනාට කලින්ම එය වැටහෙන්නට ඇතැයි ඔබටද සිතෙන්නට ඇත. :P සංජයත් මමත් ගිය මල්ලි පිටේ තවකෙකුට ඉඩක් නැත. ඒ හේතුකොටගෙන ඉසුරුවාට කිසි දිනෙක ඇල්ලීමටවත් නොලැබෙන උන්ගෙ ඩිස්කවර් මල්ලියාව ආම්බාං කිරීමට චාන්ස් එකක්ද සැට් විණී. කමක් නෑ බං කියා අපි දෙදෙනා මොනරාගල දිස්ත්‍රික් පුස්ථකාල ශ්‍රවනාගාරය බලා පියාසර කෙරුවෙමු. පොඩ්ඩක් ට්‍රැෆික් එකය.

අපි එතනට ගොඩබස්සන විට නියමිත වේලාව 6.30 පසුවී තිබිණි. ලොකු ලොකු භාණ්ඩ වලින් එතනට සැපත් වෙලා හිටිය අය ගොඩකි. රුපියල් 500ක් පුදා විශේෂ ආසන ටිකට්ටුවක් මිලදී ගත්තෙමි. ඒ සඳහාම වෙන් කර තිබූ දොරටුවෙන් දෙදෙනාම ඇතුල් වුණෙමු. ඇතුලත් සිට එක් සහෝදරයෙක් අපව සාදරයෙන් පිළිගත්තේය. ඒ අපට නියමිත ආසන සීමාවන් පෙන්වීමටය. ඉදිරිපස සිට හත් වන පේළියේ හරි මැද සිට පුටු 2ක් අතහැර වමට වන සේ අපි අසුන්ගත්තෙමු. සංජය බුකියේය. මමත් ඊට ඔළුව දාගත්තෙමි. හෙනම ඕප දූප ටිකක් නිව්ස් ෆීඩ් එකෙන් සොයාගත්තෙමු. දයාසිරි ජයසේකර සහ අර අඟුටු මිට්ටන්ට සිංදු කියන කෙල්ල සම්පූර්ණයෙන්ම නිවුස් ෆීඩ් එක ආක්‍රමණය කොට ඇත. උන්ට එහෙම හෝ හැකියාවක් ඇත. ධනාට ඇත්තේ බැලීම පමණි. 

ඉසුරුවාද පියාණන් සහ මයිලණුවන් සමඟ හුටාර් එකේ සැපත් වී තිබිණි. වේලාව හත පසුවී මිනිත්තු දහයකි. වේලාව බැලූ ඉසුරුවා බැනගෙන බැනගෙන ගියේ සංවිදායක මණ්ඩලයට ය. ඒ එහි සාමාජිකයෙක් පිටුපස සිටියදීමය. කෙමෙන් එකා දෙදෙනා අසුන් අයත් කරගනිති. අප සිටි ස්ථානය පිළිබඳව හැඳින්වීමක් කලහොත් ඉදිරිපස කලාපයේ අම්මාත් දුවත් කව්රුන්ද යැයි හඳුනාගත් නොහැකි තරම් කෑලි පවුලකි. වම්පසින් එක කෑල්ලට කොල්ලන් දෙකකි. ඒකනම් කියලා වැඩක් නැතිය. පිටිපසින් උඩ තට්ටුවක බියුටි කචල් සෙන්ටර් එකක් කරන අක්කෙකි. දකුණු පසින් නෝබොඩි පුද්ගලයෙකි.

මයික්‍රොෆෝනයක් අතින් රැගත් තඩි බඩෙක් වේදිකාව ඉදිරියට ආවේය. ඔහු විතරක් දර්ශනය වන සේ ස්පොට් ලයිට් එකක් විතරක් ඔන් කර තිබිණි. එහි ආලෝක තිව්‍රතාවයට බඩාට දාඩිය දැම්මෙ හෙමින් නොවේය. කව්දෝ නන්නාදුනන ඩයල් ටිකකට කියවලා පොල්තෙල් පහනත් පත්තු කරවලා වැඩේ පටංගන්න ඔක්කොම ලයිට් නිවා ප්‍රේක්ෂකාගාරය අඳුරු කෙරිණි. වේදිකාවේ එවිට සකසා තිබුනේ දුම්රිය නැවතුම්පොලක පසුතලය. නාට්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් කියා හැඳින්වීමට තරම් කිසිවෙකු එහි නොසිටියේය. සිතුවාට වැඩිය නාට්‍යය මචල් සහගත බව වැටහිණි. බැඳගත් බෙරය අනිවාර්යයෙන්ම ගැසිය යුතුය. ටික වෙලාවක් බලාගෙන සිටියෙමි. වයස ඩයල් කොල්ලො වගේ ඇඳගෙන එතන පිස්සු කෙළිනවා ය.

මුල් ටිකනම් තිත්තය. පස්සෙ ආපු දෙමල චරිතයකට පණ පොවන නළුවෙක්(නම නොදනිමි) දුන්නේ හෙනම ආතල් එකකි. 1983 ජුලි මාසෙ යාපනේ ඉඳල හමුදාවෙන් අම්බානක කාපු පව්ලක එකෙක් ලෙස ඔහු චරිතයට පණ පොවයි. උතුරෙන් මිදී වෙනත් පළාතකට ඒමට ඔහුට හැකියාව ලැබී ඇත්තේ මෙම පෝස්ටුවේ සඳහන් කල මාතෘකාව පිළිපැදීමෙනි. ඔහුගේ වෘතිය ස්ටේශන් එකේ එක එක වැඩ කිරීමයි. ඒ වැඩ කරල හෙනම්රිච් පවුලක කෑල්ලක් ඔහුට සෙට් විණි. ඔහු නමින් පිල්ලේ(යි) ය. කෙල්ල ජූලියා ය. පිල්ලෙයි කාරයාට කෙල්ලගෙ නම කියද්දිම 83 කාපු කෑම මතක් වන්නේය. 

සඩ්න්ලි කෙල්ල පිල්ලෙයිගෙ අතින් ඇල්ලුවේය. 

"යත්තිලව්වෙ ඕම අතින් යල්ලන්ඩෙපා... යපිල දවල්ට කොරන ඔක්කොම රෑට ඊනෙන් කියවනව. එතකොට යතේ මාට්ටු...."

තව තව හිනා යන දෙබස් රාශියකි. එය පිල්ලෙයි ට පමණක් සීමා වුණකි..

ජූලියාගෙ තාත්ත....

"තමුසෙ කව්ද මගේ වහලෙ යට ඉඳන් මට සද්දෙ දාන්න?? ගහනව බලාගනිං කන පැලෙන්න.."

පිල්ලෙයි

"හහ්... කන පැලෙන්න ගාන්න මේ පිල්ලෙට.... තමුශුගෙ වාලෙ යට්ට ඉදං සද්දෙ දාන්නෙ තම්මුශෙ වාලෙ ගාපු ඉංද... තමුශ්ට්ට එපානං ගලවලා දානව.. අපිලට කිශි ප්‍රශ්නයක් නෑ...."

සීන් එකේ තුන් කාලක් යනකොට හෙනම ගේමය. ජූලියාගෙ පියා මගුලට අකමැතිය. අවසානයේ ජූලියා කොච්චියට පැන්නාය. රෝහල්ගත කර සුව වී ඇය නිවසට ආවේ පිල්ලෙයි ව විවාහ කරගෙනමය.  අයියෝ සල්ලි.... සීන් එක වටහගත්ත මාමන්ඩි අවසානෙ කැමැත්ත ප්‍රකාශ කලේය.

"අවසාන මෝතෙහරි අපිලව තේරුං ගත්තට රොම්බ තෑන්ක්ස් පියෝ..."

එපමණකි. 

රාත්‍රී ආහාරයට අප ප්‍රදේශයේ ප්‍රභූ උත්තමයන්ගෙ සිත් දුනූ නම ගිය තැනකට අපිද ඇදුනෙමු. හෙනම ලෝඩ් එකය. නාට්‍ය බලපු උං ඔක්කොම එතනය. තියාගනිං කියා අපි වෙන තැනක් බලා ගියෙමු. කා බී ගෙවල් වලට ලෑන්ඩ් කරනකොට 10ත් පසුවීය. ගෙදර උයපුව ඉතිරි වෙනකොට, කන්න බෑ කියනකොට  පරක්කු වෙන්න හේතුව වෙනද වගේම අම්මට ඉබේම අදත් මාට්ටුය...

බැලන්ස් එක

නළු බට්ටෝ
චායාරූප ragahala.lk වෙබ් අඩවියෙන්.....

පිල්ලෙයි ජූලියයි

ස්ටේෂන් කීපර් සහ මුර කාරය(කපුව)

ජූලියා පියා සමඟ

මේ වීඩියෝ දෙකත් බලලම ඉන්න....





1 comment:

AMAZING VIDEOS EVER said...


https://www.youtube.com/channel/UCdrZrhyzlmqc3mXvtijojCw mcn mage videos oyage blog eke dannako