Followers

ගොම්මනේ ඉස්කෝලෙට (අනේ වදයක් නොවී ඉන්න කියනවද?) | The Colour Night

ෆ්‍රෙශ් එකේම ලියමි. ෆොටෝ නැත. අකුරු ඇත. වෙලාව දැන් හරියටම රෑ 10යි 45යි... ධනා උදේම ඉස්කෝලෙ ගියෙළු. ගිහිං ඉන්ටවල් එකේ කැන්ටිමේ ඇන්ටිලාගෙ සැපසනීප බලල එන ගමන් ඔඩිටෝරියම් එක පැත්තටත් ඔළුව දාගෙනමළු ආවෙ. එතකොටළු දන්නෙ හවස 4 ඉඳන් 10 වෙනකං කලර් නයිට් එක තියෙනව කියල. "කඩ්ඩෙන් වැඩ" කස්ටියගෙ(කඩ්ඩ මාධ්‍ය කරගත් සහුර්දයෝ) පොඩි වැඩ කෑල්ලක්ලු.
ප්‍රයිස් ගිවිං එකක්, කොංසැට් එකක් වගේ මොකක්හරි. එන ගමන් පොඩි එකෙක්ගෙන් ධනා ඇහුවලු ඇතුල්වෙන්න සල්ලි ගන්නවද කියල. ඌ "නෑ" කිව්වම පොඩිඑකාගෙ නමයි පංතියයි ත් අහගත්තලු. සල්ලි ගත්තොත් කනට 2යි ඔළුවට 2යි සෙල්ලම කරන්න හිතාගෙන. ඕක අහං හිටපු අනිත් උන් සහ ආරංචි වුණ අපේ සෙට් එක ඒක ඇහේ වද්දගන්න එනව කියල හුඟ දෙනෙක් කිව්වළු. පස්සෙ විසිර ගියාළු. හවස 3ට විතර ඇති. කලර් නයිට් එක ධනාට මතක්වෙලා කෝල් කරාලු චුට්ටෙට. සැක් මැසේජ් , කෝල් මොන මගුලකටවත් රිප්ලයි එකක් නැත. බැරිම තැන ගෙදරට කෝල් එකක් ගත්ත ධනා

එහෙං:- හෙලොව්...

ධනා:- අයිය චුට්ටෙ ඉන්නවද?

එහෙං:- මල්ලේ.......... ☻
            මේ... කව්ද කතාකරන්නෙ?

ධනා:- ආ මම මේ ධනා අයියෙ

එහෙං:- මල්ලි චුට්ටෙ නිදිනෙ..

ධනා:- ආහ් එහෙමද?? කමක් නෑ // ඇහැරවන්නෙපා.

එහෙං:- හරේ

කෙලපංකො. අහස පොඩ්ඩක් දියවෙන්න බෑ මුන්ට ජබර කලන්තෙ. සැක්. දැං ඉතිං කාත්තෙක්කද යන්නෙ??? මදැයි ලයිට් නිවාගෙන කලර් නයිට් බලන්න හිතාගෙන හිටිය. සර් කෙනෙක්ට මැසේජ් එකක් දාල අහගත්ත විස්තරත්. බුවෑක් යකෝ මුං.....
පෙර පිනකට වගේ තව එකෙක් මෙන්න මැසේජ් එකක් කොටල එවල තිබ්බ "උඹ එනවනම් මාත් එනව" කියල. ධනාට පොඩි හැපියක් ගියා කියන්නෙ... ☺ මොනා වුනත් කමක් නෑ මං යනව කියල හිතාගත්ත හිංදම වෙන්නැති ඌත් එක්ක තව එකෙක් එනව කිව්වෙ. අව්ලක් නෑ හොඳ බොක්කවල් දෙකක්. 5 හමාරට ඉස්කෝලෙට සෙට් වෙන්න ප්ලෑන් කලෙමු. ධනා තිබ්බ එකම ස්වේත රහිත ටී ශර්ට් එක දවටගෙන සැන්ට් පොඩ්ඩකුත් ගාවගෙන අම්මගෙත් දතක් ගලවලා ගෙදරින් එළියට බැස්සළු. ටික දුරක් යනකොටම ඉස්කෝලෙ ලගටම යන්න ටුක් ටුක් එකක් සෙට් විනි. වෙලාවට. නැත්නම් බස් එකෙත් ගිහිං පයිං එකේ යන්නත් ඕනිනෙ. පරණ ෆ්‍රෙඩෙක්. මම යනකොටනම් කස්ටිය දොරවල් වලින් ඔළුව ඇතුලට ඔබාගෙන කරල් සොරි, කලර් නයිට් බලනව. කඳවල් සැට් එකම එළියෙ. ධනා ගිහින් කෝල් එකක් ගන්නකොටම අරුං දෙන්නත් ආවළු ෆුල් කළු පාට තීම් එකක් ඇප්ලයි කරගෙන. රෑට දැක්කොත් බයවෙනව. බයවෙන්න උං දෙන්නව පේන්නෙපැයි.☻ හිතුව තරම් මෙව්ව එකක් නෑ වගේ. සද්දෙනම් පාරට ඇහෙනව. පාර අයිනෙ ඩාන්ස් කරන්නත් පුළුවන් ඇහෙන සිංදු වලට.

ලඟ කඩෙකට විසිට් එකක් දාල ආපු අපේ සෙට් එක ඔඩිටෝරියම් එකට එන්ටර් වුණෙමු. ඇතුලෙ මෙලෝ හසරක් පේන්නෙ නැතය. ගැටි වල, පුටු කකුල් වල ගැපි හැපි අපි තුන්දෙනා එම්ටි ප්ලේස් එකක් සිලෙක්ට් කරගත්තෙමු. ධනා දෘශ්‍ය ආභාධිතයනෙ. හැප්පෙනව හැමතැනම. අඩිය තිබ්බම නිකං වලක වැටෙන්න ගිහිං නතර වෙනව වගේ. ඒ වෙලාවට ඉතිං හිත හිල් වෙනව අප්ප.

ටික වෙලාවක් බලාගෙන සිටියෙමි.
තවත් ටික වෙලාවක් අඳුරණ අය රේඩාර් එකෙන් සර්ච් කලෙමි.
ඊටත් පස්සෙ එයා ඇවිල්ලද කියල සර්ච් කලෙමි.

ඒ හොයපු උන්ගෙන් එකෙක්වත් සිටියේ නැත. තුක්.... අපි යනකොට හෙනම දිග අභිරූපනයක් කන්ටිනිව් වෙන ගමන්. නිකමට වගේ කුණුහරප ෆිල්ටරේ පැත්තක තියල අපි උන්ව හඬකැව්වෙමු. හිනාව නතර වෙන්නෙ බුරියෙනි. එක වරම පොඩිඑකෙක් බිම වැටිණි. ධනාට හිතුනෙ ස්ටේජ් එක අතුලටම යන්න ඇති කියලය. "ගාමිණී ඇණ ගැහුවනම් ඔය කිසි ප්‍රශ්නයක් නෑනෙ" එකවර කියවිණි. පරණ සීන් එකක් මතක් විණි. හිණාව තවත් තර විය. ඒක ඉවරය. ආතල් එකට වගේ  ඇද කුද සොයමින් ෆන් ගන්නටත් ලග ඉන්න කෙල්ලන්ව බයිට් එකට ගන්නටත් අපට සිදුවුණි. ඒ වෙලාවට මාර ජල්තර් අදහස් ගලාගෙන එනව. හරියට නිකං සෙට් වුන වෙලාවක වගේ.ඉමිහිරිකම ඉවසාදරාගත නොහැකිව ටික වෙලාවකට එළියට ගිහිං එන්න තීරණය කලෙමු. ධනා එක්ක හිටියෙ කැළුමයි මිනිඳුවයි ය. කැළුමට පිප්පි බර ගහලය. ඌට යන්න ඕනි වෙලා නිසා මාත් උගෙ තනියට ගියෙමි. යන අතරතුර ලැබ් එකේ ලයිට්ස් ඔන් කර තිබීම නිසා අතිශය ගැඹුරු වූ සාකච්චාවකට අප දෙදෙනාට එන්ටර් වීමට සිදුවිය. නොදැනිම ටොයිය ලගට ඇවිත්ය. එතකොට ධනාටත් ඒ ලෙඩේම ගහලය. අනිච්චානුගව ධනාත් බඳ පටි ලිහා ඇතුල් විණි. ඒ කලිසමත් එක වෙලාවකට වදයක්ය. හදිස්සියක් වෙලා ඉන්න වෙලාවක හෙමනම් සිදුවන්නේ කලිසම් තෙත් කරගැනීමට ය. ඇයි යකෝ zip එකක් නෑ. තියෙන්නෙ බොත්තම්. ඕව මහන උං අපි ගැනත් පොඩ්ඩක් හිතල මහපල්ලකො.   

 කව්රුත් අවට නැති හින්දම වතුර ගොඩෙන් එළියට ඇවිල්ලම බොත්තම් දැමීමේ ක්‍රියාවලියට අත ගැසුවෙමි. එනගමන් තව ලේඩිස් ටොයි එකක් ඇතුලෙන් නිකං ටෝච් එකක් රෙදි කෑල්ලකින් වැහුව වගේ ශුන්ඩර ඩර්ශනයක් දැක්කෙමු. වැඩේ මොකක්ද කියල කැළුමටත් මටත් මීටර් විණි. ආපසු ශ්‍රවණාගාරයට...... එතනින් පස්සෙ හිටපු තැන අමතක කරල අපි ගියෙ බැල්කනියටය. අෆ්ෆෝ..... වට කෙස් මැද හිස් වගේය. මෙලෝ රහක් නැත. කියන මොලෝ සංසාරෙ දෙයක් කන ලඟින්වත් යන්නෙ නැත. ඒතරමටම ඝෝෂාවය. පඩිපෙළ නගිනකොට ශනියා දුන්නෙ හෙනම ආතල් එකකි. බෝම පිං. ඒ අතරෙ ශනියා ගිහිං වාඩි වෙලත්. ටික වෙලාවකිං ඌ හිටපු ඒරියා එකෙන් පොඩියට සද්දබද්ද එන්නට විය. රබර් ඇහැ දැම්මෙමි. කෙලපංකො. ශනිය වාඩි වෙලා ඉඳල තියෙන්නෙ කලින් නංගිලා සැට් එකක් වාඩිය දාගෙන ඉඳපු ප්ලේස් එකක්. ආසන ?ක්. අත නොදැම්මෙමු. ධනා නම් ශනියට කිව්වෙ උකුලෙන් වාඩිකරවගනිං කියලය. හැක/// ☺☻

ඒ වැඩේ කිසි මෙව්ව එකක් නැත. මිනිඳුවත් උඩට පහළට යන එන එකේ සීමාවක් නැත. රෙද්ද අපි බැල්කනි දැකල තියෙන නිසා පහළටම ආවෙමු. පරණ ක්ලාස් මෙට් කෙල්ලෙක් සෙට් විණි. කරුමෙට ඒකිත් ඇවිල්ල තියෙන්නෙ ඩැඩා එක්කලු. අපි ලයිට් කණුවක නැග්ගත් දෙබලක්... අප්පිරියයි අෆ්ෆහ්....

ආයිමත් පටණ පුරුදු ප්ලේස් එකටම ගියෙමු. දෙවි පිහිරෙන් පුටු ටිකනම් නිවන් දැකල නෑ. වාඩියක් දාගෙන මිනිඳුවගෙ ෆෝන් එකෙං ෆේස්බුක් පාරක් දැම්මෙමු.
  

ටික වෙලාවක් ඉන්නකොට පොස්ඩක් විතර නැගල යන සින්දු කෑලි ටිකක් කියාගෙන පොඩි මෑන් කෙනෙක් ඉස්ටේජ් එක සෙලෙව්වේය. දන්න ඩාන්ස් එකකුත් නැත. උගෙ නැටිල්ල නිකං කොම්පෝස්ට් වලක් හාරද්දි උදැල්ලට කැපුන පණුවෙකුගේ දැඟලිල්ල හා සමානය. මතක් වෙනකොටත් හොරිකඩය. හිරිකිතය. ඒත් පොඩි ටැලන්ට් එකකුද නැතුවාම නොවේ... පස්සෙ පස්සෙ ඔක්කොම කොල්ලො නැටූහ. විලි ලැජ්ජය. 2ක් 3ක් වගේ පොඩි වැඩ කෑල්ලක් දැම්මහ. ඉතිරි උංනම් එතනට ඇවිත් එක්සර්සයිස් කරනවා හා සමානය. ඒ ගැංසිය අතරෙ කව්බෝයියෙක්ද විය. මෑන්ස්ට් අඩු පෝනියෙකුයි තුවක්කුවකුයි විතරය. තවත් එකෙක් අයිටම් එක කියල හිතාගෙන ඇස් දෙක වැහෙන්නම හැට් එකක් දාගෙන එම් ජේ වෙන්නට පෙරුම් පිරුවේය. ඕව කියනකොට ධනාගෙ වටේ උන්ට හරි ජොලිය. අපිටනම් හිතුනෙ ඌ මොන වෙලාවෙ හරි ස්ටේජ් එකෙං පහලට මකබෑවෙනවමයි කියලාය. මුල් ටිකේ නැටුවෙ වෙරිකාරයෙක්මෙනි. තැම්බි තැම්බි ඉඳල අවසානෙටම වගේ බාගෙට නිවිච්ච ටී එකක් සෙට් විය. බිස්කට්ද විණි. පෙට්ටිය අරං ආපු නංගි කරපු වැඩේට බික්කෝත්තු එපාම විය.  

ඔය නටල කරල බිම පෙරලිල කලර් නයිට් එක චොර කරපු ඒ සෙට් එක ධනාට පෙනුනෙ මෙන්න මෙහෙම......

.ආ .ආ .ආ .ආ ඌයේ....
පීපල් ඉන්ද වර්ල්ඩ් ඉන් පේයින්
නංගිලා සැට් එකක්ද නිකං හිටියේම නැත. සෙන්ටිලාගෙ සුදිලාන සින්දුවට කඩ්ඩෙන් තියෙන හරියට මල්ලිලා ඉහත කී විදිහට නටනව. සිංහලෙන් තියෙන ඒවට නංගිලා පහළ විදිහට නටනව... යනකොට වැඩිය එනකොට මහත් වෙලාවගේ මම.
 
සුදිලාන..... සෑගන රන් කොතිනේ.....
ඒ මදිවට ස්ටේජ් එක, බුදු අම්මෝ ඇස් දෙක නිලංකාර වෙනව. ලයිට් කියන්නෙ බිත්තර ඔම්ලට් එකක් දාන්න පුළුවන්. එක වෙලාවකට දුමක් වගෙත් එනව. ඒත් මිනිඳුව කිව්වෙ ගිනිගන්න එනවද දන්නෙත් නෑ කියල. පස්සෙ කව්ද ඩයල් එකක් ඒ දුං එන එකේ මූඩිය ඇරල වතුර පොඩ්ඩක් දාල ගියා. අරූ කිව්ව එක ඇහිලද කොහෙද...... තව තව හෙනම ආතල් එහි විය. සිරාම සිද්දිය කියන්නෙ කලර් නයිට් එක එක පාරටම අමාවක නයිටක් විය. විදුලි සැපයුම ඇනහිටිණි.. කව්ද යකෝ ඇනේ තියපු එකා???  ඒ අතරෙත් හෙන සිද්දි විය. ඒ වෙලවෙ සුපුරුදු පරිදිම ධනාගෙ 1280 ක්‍රියාත්මක විය. පස්සෙ වෙලාවක් හෙනම අපතයෙක්ද සෙට් විය. මැත කරන අපේ අයියලා සෙට් එකද ලෑන්ඩ් කර තිබිණි.

ඔහොම ඉන්නකොට කැළුම පතාගෙන ආපු එකක් පස්සෙ යන්න ඕනි කියල ඌ අඬනව. මුලින්ම මිනිදුව ගිහිං ඇවිත්. පස්සෙ ඒකිත් ඇවිත් සිටක් දැම්ම. එතන පොඩි ස්පේස් එකකුත් තිබ්බ නිසා ධනායි කැළුමයි එතනට පැනගත්ත. පිටුපසින් සද්දන්ත නංගියෙකි. ඔහොම ඉන්නකොට මිනිඳුවත් ආව, ඒකිත් මුලින් මුලින් හැරි හැරී බැළුව. අරුත් පැණිය. යකෝ අපිට හුලං?? පුහ්... පස්සෙ එතන හිටපු ගෑස් අඩුම හිත හොඳම කෙල්ලත් එක්ක චැටක් දාල ශේප් එකේ ටොපික් එකට එන්ටර් විය. මිනිඳුවත් මමත් 5ටයිම්ස් විතර කිව්වෙමු. කෙලපංකො. මෙන්න මේකි කිව්ව කියමුකො. දැන් බර සාකච්චාවක අපි.
මෙහෙමත් කිව්වලු

"ඔයා බැළුවෙ නැත්තං කැළුම වහ බීල ලිදේ පනිනව කිව්ව."

හි. හො.:- එතකොට දෙපාරක් මැරෙනවනෙ... ☻☺☻☺

"ඔයා බැළුවෙ නැත්තං කැළුම උස බිල්ඩින්ග් එකක් උඩට නැගල බෙල්ලට තොන්ටුව දාගෙන බිල්ඩින්ග් එකෙන් පහළට පැනල ආයිමත් බෙල්ලෙ ලඟින් ලණුව කපාගෙන පහලට පනිනව කිව්ව."

☺☻☺☻☺☻☺☻☺☻☺☻☺☻☺☻☺☻☺☻☺☻☺☻☺☻☺☻☺☻☺☻☺☻
හිත හොඳත් එක්ක කතාව දාගෙන ඉන්නකොට එකපාරටම,

"අනේ වදයක් නොවී ඉන්න කියනවද?" ♂

කර වුනාද මන්දාය. දෙයියෝ සාලේ කිව්වලු. ලව් කලේ වෙන එකෙක්. චා වුණේ අහිංසක අපි දෙන්න. 

මඳ වේලාවක සාකච්චාවකට පසු..... අපි දෙන්න හිත හොඳට කිව්ව එයාට කියන්න කියල "ගැත්තන් දෙන්නාට සමාවනු මැනවි කියල" ඒකි මහ හයියෙන් "හා" කිව්ව කියමුකො... චාටර් අප්පහ්...

එහෙම චාටර් වුන එකෙක්ද මේ ධනා කියන්නෙ....
මිනිඳුවත් එක්ක පොඩි ප්ලෑනකට පස්සෙ.

ඒ ඒ හි. හො.. අරකිට කතාකරපං.....

ඒකි බැලුව.

ධනා සහ මිනිඳු...(ටිකක් විතර හයියෙන්)
 

අනේ මේ වදයක් නොවී ඉන්නවද???  (ඒකිට හෙනටම මලය...)


අපි

ඒකි

 ඇයි යකෝ අපි විතරක් නිකං චාරට් වෙන්නෙ????????

අපේ මූණු...... ☺☻☺☻☺☻☺☻☺☻☺☻


කැළුමො ඊලඟ වතාවෙ ගාමිනී ඇණ ගහලම වැඩේ පටං ගනිං ඈ.....
සුභ පැතුම්.....
ලොකු සීන් එපා හරිය...









Related Posts Plugin for WordPress, Blogger...

No comments: