Followers

අළුත් කෙල්ලගෙ ගෙදර තාප්පෙන් එබුනෙමු.

අද දවසම පට්ට බෝරිං. සොඳුරු/එහෙමමත් නැති අතීතෙ මතක් වෙලා ඒකෙන් එක කොටසක් බ්ලොග් එකට අතාරින්න හිතුණ. හිටියෙම චුට්ටෙයත් එක්කමයි. ඒ දවස් වල කරපුව මතක් වෙනකොටත් අම්මේ.... කාපු ගුටි පාරවල්, අහපු බැනුම් ඔක්කොම ආයිමත් මාව තලාපෙලනව. ඒත් සමහර ඒව එහෙමමත් නෑ. අළුත් කෙල්ලෙක් පන්තියට ආපු දවස් වල වුණ පොඩ්ඩක් චොකා වැඩක් මේ.....

 එතකොට ධනා ඉස්කෝලෙ 8වසරෙ. පොඩි කොල්ලා කාලෙ වෙච්ච සීන් කෑල්ලක් මතක් වුනා. ලෑලි වලිනුයු යකඩ කම්බි වලිනුයි එකතුවකින් හදල දීල තිබුන ඩෙස් එකයි පුටුවයි රත් කර කර ඉන්නකොට එක පාරටම නිකං මූන බිත්තියක වැදිල වගේ කෙල්ලෙක් අම්මයි තාත්තයි පන්ති භාර ටීචයි එක්ක පංතියට කඩාගෙන වැදුන. අර තුන්දෙනා එළියෙ. ටීච ඉතිං ඇතුලට ඇවිත් අපේ පුංචි හිත් සැනසෙන්නත් එක්ක අළුත් යාළුව ගැන පොඩි ඩිස්ක්‍රියක් හෙමත් දාල බටර් පොඩ්ඩකුත් ගාල කෙල්ලව ඇතුලට ගත්ත.
ඒකිට ඉන්න තැනක් හොයල දෙන්න ටික වෙලාවක් ගියා. මොකද අපේ පංතියෙ හිටපු ගොබ්බ ගෑනු හැත්තම කුප්පිය දාගෙනනෙ ඉන්නෙ. 4ක් 5ක්ම ඉන්නව. හොඳටම ඉගෙනගන්න, පඔතියෙ සුපිරිම මීටර් කෙල්ලො ටික එක කණ්ඩායමක්. හැම වෙලාවෙම කැන්ටිමට දුවන බඩජාරිකම උපරිමෙන්ම තියෙන  බයිට් පැකට් ඩෙස් එක යට තියාගෙන කාල සර්ට මාට්ටු වෙලා චොකා වෙනව වගේ වැඩ කරල අපිට අඅතල් ඩ්හෙන තවත් සැට් එකක්. ඒ කියපු සැට් දෙකෙන් එලොවටත් නැති මොලොවටත් නැති සැට් එක තව එකක්. අර මුලින්ම කියපු කණ්ඩායමේ පොඩි ඉඩ කෑල්ලක් අරගෙන අළුත් එකට ප්ලේස් එකක් හදල දුන්නෙ ටීචමයි. අපි ෆුල් හොල්මං. කටවල් ඇරගෙන බලාගෙන ඉන්නව මිසක් ඒකිගෙ නමක්වත් දන්න එකක් ඇයි. වැට ඔක්කොම සෙන්ටිමෙන්ටල් වුනාට පස්සෙ කෙල්ලව තනිකරල භාරකාරයොයි ටීචයි ගියා. 

එතනින් පස්සෙ ඉතිං කොල්ලොන්ගෙ වැඩ ටික පටන්ගන්න වෙලාව. කෙල්ලොටිකනම් ඉති හෙන ආදරෙන් වට වෙලා අරකිට ප්‍රශ්න පත්තර දෙනව. මුල් කාලෙ කොහොමත් එහෙම තමයි. ටික කාලයක් යනකොට තමයි කොක්ක දාගන්නෙ. ගෑනුන්ටත් ඕපෙයක් කිව්වොත් මැරෙයි. සැක්. උන් එදත් එහෙමයි අදත් එහෙමයි. ඔන්න දැන් ටික ටික කොල්ලොත් වැඩේට බහිනව. 
ධනානම් නෙවෙයි ඈ....

ඕප දූප හලහල යන කෙල්ලෙක්ව අල්ලගෙන අහනව මොනාද විස්තර කියල. එතකොට ඉතිං නමේ ඉඳෑන් හත්මුතු පරම්පරාවම ගැන කියන්න උන් දන්නව.  ඔහොම ඉන්නකොට ඉතිං ඒකිත් ක්ඔල්ලො දිහාට හෙමත් රබර් ඇහැ දානව. කරුමෙටම මේකි වාඩි වුණේ ධනාගෙ අහවල් කෙනාගෙ සැට් එකේම මෙම්බර් කෙනෙක් වෙලාලු. ඒනිසා බයෝ ඩේට එක අතටම ආවළු. පොඩියට වගේ චාටර් පාරක් හෙමත් දාල ධනාත් චුට්ටෙත් වැඩේට බැස්සළු. නම් ගම් සියල්ලම හිඩ්න් කරල කියල හිතාගන්නකො. ධනා ඉතිං පාරෙ බැහැල යන්නෙපැයි. 
 
මෙන්න භාන්ඩෙ. හොයාගත්තට කීයක්හරි ඕනි. ගූගල් එක හාරගෙනම ගියෙමි
අදටත් හොඳට මතක දෙයක් තියෙනව. ඒකි ඉස්සෙල්ලම දවසෙ පන්තියට ගෙනාවෙ මැන්ගො නෙක්ටා බෝතලේකට වතුර පුරවල. ඒ නිසා මැංගො කියල ටික කාලෙකට නමක් දැම්ම. ඔයවගේ දේවල් කියනකොට ඒකිත් අපි ගැනත් පොඩ්ඩක් දැනගන්න ඇති.
දැං තමයි සීන් එක. අපි ඇහුව ගෙවල් කොහෙද තියෙන්නෙ කියල. අපිටත් ඕන්නැති දෙයක් නෑනෙ?  මේකි කිව්ව කියමුකො... ඒකිම කිව්වෙ නෑ ඉතිං. ‍යාළුවෙකුගේ මාර්ගයෙන්.  ධනා එදාම හවස ඒ දවස් වෙල තිබුණ පුසෙන් ගිහිං ඒ ඒරියා එක පොඩි රිසර්ච් එකක් දැම්මළු. ගෙවල් කිහිපයකි. 
  1. වටේට තාප්පයක් සහිත, ලොකු ගේට්ටුවක්ද සහිත අවාරෙට වෙසක් කූඩු එල්ලලා තුබුණ එක නිවසකි.
  2. අපේ ඉක්කෝලෙ නැටුම් කරන සර් කෙනෙක්ගෙ ගෙදරකි.
  3. තවත් නාඳුනන ගෙදරකි.
ඔක්කොම බලාගෙන කටපාඩම් කරගෙන ධනා පස්සෙ දවසෙ ඉස්කෝලෙ ගියේය. චුට්ටෙටත් විස්තර ටික කිව්වළු. ඉවසගෙන ඉන්න බැරිම තැන එයාගෙන්ම ඇහුවළු මොකක්ද ගෙදර කියල. කිව්වෙ වෙනමම ප්ලේස් එකකි. ධනානම් නොදනී. ඒත් අල්පමාත්‍ර සැකයකි. උන්ගෙ වෑන් එක කලින් දවසෙ ධනා දැක්කෙ පළවෙනි ගෙදර මිදුලෙ තියෙනව.

නිකං ඉන්න බැරි එකේ ඒ පැත්තෙ රව්මක් දානව කියල කින්ඩියට වගේ අපි ඒකිට කිව්වෙමු. ගෙදර එන බවත්, සප්පායම් වීමට යමක් සාදා තිබීම යහපත් බවත් අපි පැවසුවෙමු. ඒකි ඒව හොඳින් අහගෙනය. ඉස්කෝලෙ ඉවරය. ගෙදර ගිහිං ඉන්නගමන් චුට්ටෙටත් කතා කරල අර පැත්තෙ යන්නෙ සෙට් වුණෙමු. චුට්ටෙ ගෙදරින් ඇවිත් තිබුණෙ කොම්පියුටර් ක්ලාස් එකේ ප්‍රැක්ටිකල් කරන්න යනවද මොකක්ද කියලලු. ධනාටනම් ඒ ? කිසිවක් නැත. 

ඒ කෙලේගෙ ගෙවල් පැත්තට යන පාර ලගට සෙට් වුණෙමු. පයින් ගිහිං ඕක කරන්න බැරි නිසා ධනා පුසකුත් අරගෙනම ආවළු. හැබැයි කලින් දවසෙ අරං ගිය එකනම් නෙවෙයි. ඩබල දාල පදින්න ලේසි හින්දම ගෙදර තිබුණ වෙන හුටාර් එකකට ධනා වග කීවේය. අපේම කරුමය වෙන්නැති. හුටාර් එකේ චේන් එක පනිනව කියල දන්නෙ පැදගෙන ටික දුරක් යනකොටය. high ජියර් එකේ යන්න බෑ. low එකේ තමයි කොහේ ගිහත්. හෙනම එක්සර්සයිස් එක. සියපාරක් විතර් පගුවම යාන්තම් යනව මීටර් 2ක් විතර් ඉස්සරහට. ☻  

යුද මුක්ත කලාපෙට ඇතුල් වුණෙමු. වැස්සට පාර පොඩ්ඩක් සේදිලාය. වැටෙන්නත් යනවාය. චුට්ටෙ පොඩ්ඩක් විතර් ඒ පැත්ත ගැනත් දන්නේය. උන්ගෙ වේයෙක් ඉන්නවළු ඒ පැත්තෙ. ඇතුල් පාරෙ ටික දුරක් ගියෙමු. එහෙම එකක් නැතය. ආපසු හැරුණෙමු. එන ගමන් හතිය වැඩිකම නිසාම පුස පුෂ් පාරක් දාගෙන එන ගමන්ය. දෙදෙනා බර කයියක්ය. පාරෙහි කුඩා කන්දකි. ඉහත කී 1 නිවස ඇත්තේ එතනය. කන්ද ටික දුරක් ගියාම 1 ගෙදර ලාවට වගේ තාප්පෙට උඩින් දිස් වෙයි. ධනා පුස තල්ලු කරයි. ඒ අතරෙ චුට්ටෙ කාරය 1 නිවසෙ තාප්පෙන් එබී ඔළුව දාලාය. 2ම 1ය නේ?

"අඩෝ පොඩි කෙල්ලෙක් ඉඳල අම්මා කියාගෙන ගෙදර ඇතුලට දිව්ව බං. යමං යාමං නැගපං නැගපං."

ධනාගෙ මයිල් කෙලින් විය. වැඩේ ගැස්සිලාය. බෝම්බෙ සක්‍රියය. ලේසියෙන් ගැලවීමන හැකි නොවනු ඇත. මේන් රෝඩ් එකට දාගෙන පල්ලම තිබ්බ පැත්තටම හැඬලය හැරවුවෙමු. ඒ දිෂාවෙන් ගොස් අප හමුවු ස්ථනායට යෑමට පාරක් ඇත. 

ඒකෙන් යන්න කියල හිතාගෙන ගියාට කොහෙද... ඒ කසිකබලෙ ඒපාර බ්‍රේක් නෑ... වස නිංගිරාවයි.... කෙලින්ම නතර වුණේ මොනරාගල ඩිපෝවෙ ගේට්ටුව ඉස්සරහය. එතනද නතර කලගත්තේ සෙරෙප්පුවේ පිහිටෙනි. හද ගැස්ම වැඩිය... ඩල් ඩිල් ඩිඩිල් ඩිල්, 3 4 බීට් ඔක්කොම කලවමේ වදිනව වගේය. ඒක නිකං මිනිඳුවට ඉලෙක්ට්‍රික් ඩ්‍රමක් දීල වෙච්ච වැඩේ වගේය.

"කවුරුත් න්ඇතුව ඇති බං ආඅපු පාරෙන්ම යමන් " කියල දෙන්නම පයින් ආපු පැත්තටම ගියෙමු.
හත්වලාමයි... අදනම් ගමකින්ම කනව හොඳ පෝරියල් එකක්. ඒකිගෙ අම්ම පාරටම අඑවිත්ය. එතන තව පොඩ්ඩක් වයස නැන්දා කෙනෙක්ද විය...



අපෙ දෙදෙන දුටු ඒකිගෙ අම්ම "ආ මේ එන්නෙ මං කිව්ව දෙන්න."  

වැඩේ අතටම මාට්ටුය. දැන් ආපසු හැරී යමටද නොහැක. කිරීමට දෙයක් නොමැති තැන අපිට නෙවෙයි වගේ කයියක් දාගෙන ඉස්සරහටම ගියෙමු. ඒ අතරෙ චුට්ටෙ අර ගෑනි කාටද කෝල් කරනව අහගෙනය.

"ඒ නැගපං නැගපං අර ගෑනි හබියට කතාකරනව පාගපං යකෝ"
"පෑගෙන්නෑ යකෝ මේ!@#$%^&* චේන් එක පනිනව රෙද්ද"

දෙදෙනාම මර බියෙන ගමනේ ඇරඹුම සනිටුහන් කර ස්ථානයට පැමිණියෙමු. ධනාගෙ කකුල් දෙකත් හොඳටම වෙව්ලයි. කව්ද යකෝ දන්නෙ ඔච්චර නස්බැද්දියක් වෙයි කියල. 

චුට්ටෙ එහෙමම ආපු බස් එකට නැගල යන්නට ගියේය. ධනාද පුසට බැන බැන හැකි උපරිම වේගයෙන් ගෙදරට ඇදුනළු. මෑන්ස් බයටම ගෙදර ඇවිල්ලත් කාමරේ ජනේලෙන් පාර බලාගෙනළු....

කෙල්ල කව්ද කියලත් පොඩි හින්ට් එකක් දෙන්නම්.... අපි දුන්හිද බලන්න ගිය ගමනෙදි දැක්ක කිව්ව ඒ කෙල්ල.......






Related Posts Plugin for WordPress, Blogger...

No comments: