Followers

භාවාත්මක කුණුහබ්බ...

මොකක්ද මේ කුණුහබ්බ/කුණුහරප? ඕක ඇත්ත වශයෙන්ම කියනවනං ධනාටත් හෙනම ප්‍රශ්නයකි. ඕක දැන උගතෙක්ගෙන්වත් අහගන්නවත් නිකං මොකක්ද වගේය. අහන්න ගියත් වෙන්නෙ බල්ල වගේ නෝන්ඩි වීම ය. අපේ උන්ගෙ හැටි එහෙම ය.  ඒ හිංද ඉතිං ඔයවගේ එකක් අපිම රිසර්ච් එකක් කරල හොයාගත්තොත්ම ය. ඒකත් පුද්ගලික පරිහරණයටනං වඩාත් සුදුසුය.
"ආ මං මෙහෙම එකක් හොයාගත්ත" කිව්වම ඕක අහල බලල රහ හොදහැටි ලෙවකාල බලල දෙන ප්‍රථිචාර වලට නිකං සුදු ළූණු වැඩියෙන් කොත්තුවක් කාල පහුවදාට වෙන සීන් එකටත් අන්තය.  තනිකර දුඛ්කදෝමනස්සයක් ය.

කුණු+හරප ඔන්න ඔය වචන දෙක මොකක්හරි සන්ධියකින් එකතු වෙලා ඔය වචනෙ හැදිල තියෙනවලු ය. කුණු කියන්නෙ "වැඩකට නැති" තේරුමටලුය.  හරප/හරුප කියන්නෙ "කතා/වචන" වගේ අර්ථයක්ළු ය. ඔය දෙකේ තේරුම එකතු උනාම වැඩකට නැති වචන, අර්ථ විරහිත කතා, තේරුමක් නැති දේවල් අරව මේව තේරුම් හෝසෙටය.  මේවට අතීතයක් තියෙනවද කියන්නනම් ධනා හරියටම දන්නේ නැත.  ඒ උනාට තේරුමක් න කිව්වට ඕවගෙ තේරුම මොකක්ද කියල ඇහුවම පොඩි උන් නෙවෙයි ලොකු උන් පවා දෙන්නෙ හෙනම උත්තරය. හිනා වෙලා එතනම නැති භංගස්ථාන වීමට පවා හැකිය. පොඩි එකෙක් අල්ලගෙන ඕවගෙ තේරුම අහන එකනම් සිරාම ආතල් වැඩක් ය.  අළුත හැදෙන පොඩි උන් නම් කතා කර වැඩක්ම නැත ය. 

ඉස්කෝලෙදි ඉතිං පොඩි එකෙක් අල්ලගෙන බයිටට ඔය වගේ දේවල් කරන්නෙමු. උන් සෙල්ලම් කරනකොට එකෙක්ට දෙන්නෙක්ට මල පැන්නම කියාගන්නේ රීමික්ස් කුණුහබ්බය. අපිවත් ඕව අහලා නැත. එතනින් පස්සෙ සිද්දි වලට අපිද ඇතුලත් ය. කුණුහබ්බෙ කිව්ව පොඩි එකා අල්ලගෙන සීන් එක මුල සිට අගටම අහන්නෙමු. එතකොට නිකං අයියලා මල්ලිලාට කුක්කො ය. උන් හිතන්නෙ අපෝ මුං මේකවත් දන්නැතුවනෙ මෙහෙම ඉන්නෙ කියලා ය. උං හෙනට රස පාර දාගෙන ඒක වමාරයි. අපිත් තාවකාලිකව පොරත්වය ඌට දී සිඟිති ආතල්ගන්නෙමු.  උං අකුරක් නෑරම එළියට දාන්නෙ අපි සර්ලට කියයි කියල ටියෙන බයට ය. උං එතනින් යන්නෙ අපිට නොවැද පමණ ය. එදා පටන් උන් අපිට කඩේ යන උන් ය. දැක්ක තැන "ආ අයියා..." කියල ටිකිරි සිනාව සලනවා ඇත.
 
මොනව උනත් ධනාගෙ ජීවිතේට කුණුහබ්බ උච්චාරණය සෙට් උනේ හරියටම 7 වසරෙදිය. ඊට කලින්නම් මං කිරි කැටි ලදරුවාලු ය.  මේව කියන්නෙ එකට ඉන්න කෙල්ලොම ය.  උන් අපිට වඩා හපං ය. ධනාට වල් පට්ටම ගැහිලද මන්දා ය. ඒ උනාට මං ධනා වගේ කොල්ලො විද්‍යුත් විච්චේදනය කරලවත් හොයා ගන්න බැරිය. ඒ අතිං ඒ දැරිවි ආඩම්බර වෙන්න ඕනිය.  කොල්ලෙක් උනාම ඕව සොබාදහම විසින්ම කියවෙනවා ඇත. මටනං ගානක්වත් නැත ය.  ඒ දවස් වල පංතියෙ  අනිත් උං හෝසෙටම කුණුහබ්බෙ යූස් කරනවා ඇත. මම ධනා සූපිය කතා කරන්නෙ මොන්ටිසෝරි තියරියට ය.

ඒ අතරෙ මතක් වෙනකොට හෙනම රහ සීන්ද නැතුවාම නොවේ... ඒ දවස් වල අපි පැල් බැඳගෙන ගේම් ගහන දවස් ය. කොල්ලො ඉතිං ගැංසි පිටින් ධනාගෙ ගෙදර ය. ගෙදර ආවම මුං මට හෙනම ආදරේ ය. කතා කරන්නෙ "ඔයා, මචං, තරිඳු, හලෝ, යන්න" වචන සෙට් එකිනි.
ඒ උනාට ඉස්කෝලෙදි, හම්බෝ උන්ගෙ කටේ තියෙන්නෙ ඔක්කොම සුද්දම ශිංහල ය. පවිත්‍රත්වයේ නාමය ගෑවුණු වචනයකුදු සොයාගැනීමට නොහැකි තරම් ය. ගුඩ් මෝනිං කිව්වට ඒකවත් කියන්නෙ නැත. "අඩෝ කැ# වේ## පුතා තෝ ආවද හු# bla bla bla" අපි නිකං එතකොට බල්ලො ය.

ගේම් එකද ගහන්නෙ නිකං පොඩි හාමුදුරු නමක් ගේමක් ප්ලේ කරනව වගේ ය.

"අන්න අරයට වෙඩි තියන්න" "අන්න අතන ඉන්නව එක්කෙනෙක්" ඔන්න කතාව ය. ඕව ඔක්කොම අපේ ගෙදර වැඩිහිටියො එහා මෙහා වෙනකං ය. දොරේ රෙද්දෙන් බලල පොත පෙරලන්නෙ ගේමෙදි කලිං මරපු උන්ගෙ අම්මලා මතක් කරගෙන ය. වෙඩි පුරම බැනුම් අහන්නෙ අපිට තුවාල කරපු උං ය. කිණුහබ්බ මවන්නේ ය.  කියවලා කියවලා තව නැද්ද බං කියලත් අහනවා ය.

ඇටය කාලෙ කුණුහබ්බ කිව්වම ඉතිං "ලලල ලලා..." නොකියා හැරිය නොහැක. ඒකත් පට්ටම සීන් එකය. සෙට් වෙලා සින්දු කියනකොට ඉතිං මොකෙක්ටහරි පැත්තක ඉන්නෙ එකෙක්ට ඕක මතක් වෙන්නේ ය. එතනින් එහාට තනිකරම ටීක් ටීක් ටීක් ය.  ඕව කියනකොට ඉතිං කෙල්ලො හිතාගෙන ඉන්න නොකිළිටි, සුකුමලසිරි, උත්තුංග, සුමුදු, සුසිනිදු  අපේ චරිත සහතිකේ සුන්නද්දූලි ය. බලාගෙන ඉද්දි හේදෙනවා ය. එදායින් පස්සෙ අපිත් අහවල් ගනේ ය.  3rd ක්ලාස් ය. ඊය යකෝ....

තව සීන් එකක් තියෙනවා ඇත. ඒ 9 හෝ 8 වසරෙදි ය. ඉස්කෝලෙන් ට්‍රිප් එකක් ගිය වෙලාවක ය. බලන්න කියල තිබුණ හැම එකම බලාඅගෙන කියාගෙන එනකොට සුපිරි සීන් එකක් මතක් වුණි.  කරුමෙටම ධනා එදා ෆෝන් කස්ටක් උස්සගෙන ගොස් තිබිණි. එකෙක් ඕක අරං වොයිස් රෙකෝඩරේ ඔන් කරල කිව්වේ ඉල ඇදිලම හිනාවෙලා භංග වෙන බයිල සෙට් එකකි. කුණුහබ්බ කිව්වට කුණුහබ්බම නැත. නිකං ඒ වඅගේ ය. එන ගමං ඕක අපි දෙතුන් වතාවක්ම අහල ගත්තෙ හෙන ආතල් ය.  ගෙදර එනකොට මොකුත්ම මතක නැත.  අනිත් දවසෙ අම්ම දෙස්දෙවොල් තියනව පමණක් මතක ය. බනිනකොටද හිනාව නවත්තගන බැරි ය. ඒ එක කොටසක් තාමත් මතකය.

#න්න බරයි වත්ත දුරයි මොකද කරන්නේ...
අල්ලට # බිත්තියෙ ගා ඉඹල බලන්නෙ... මල්ලී
|ආයෙමත් මුල් පද දෙක|

අයියෝ සල්ලි ය. මේක කියවන කස්ටිය මම ගැන මොනව හිතනවද කියලනං මං දන්නැතෝ... කැමැත්තක් හිතාගනියෝ... ඕං කිණුහබ්බ නැති ටික කිව්වෙ...

පොදුවේ කුණුහබ්බ දැකගන්න පුළුවන් තව තැනක් තමයි ඔය ටියුශන් ක්ලාස් වල ඩෙස්, බස් වෙල පිටිපස්සෙ සීට් එක ඇතුළු ඔය වගේ ප්ලේස් ය. ආ... අමතක නොකරම බැරි තැන තමයි ඉස්කෝලෙ ටොයිලට් එකේ බිත්ති. අම්බෝ ඒවනං කුණුහබ්බ කැටපත් පවුරු ය.

නිර්මාණශීලී අදහස් ගලාගෙන එන්නෙ හිතයි ගතයි දෙකම නිදහස් උනාමලු ය. ඔතන්ට ගිනි හදිස්සියෙ එන උන්ගෙත් ඉතිං දෙයියනේ කියල  සිත ගත නිදහස් උනාම ඔය කියන අදහස්  වචන කරගන්න බැරි තරම් එනවා ලු ය. සමහරුනම් අමතක වෙනවට බිත්තියෙ ලියල යනවලු ය. සමහරු ලියල නමයි පංතියයි ත් යටිං ගහල යනවලු ය. අන්න කලා කාරයො. පොදු ශිෂ්‍ය ප්‍රජාවගෙ දැනුම වැඩෙන්නයි තමාගෙ අනන්‍යතාවය තහවුරු කරන්නයි එහෙම කරනවා ඇත. ඒවට ඉතිං ඇගයීම කරන්නෙ ප්‍රින්සිපල් පංතියටම ගිහිංලු ය. සමහරු කවි කෑලි, ප්‍රස්තා පිරිළු, ප්‍රේම සමබන්ධතා, ගුරුවරුන්ගෙ සීන් ඔක්කොම ලට්ට ලොට්ට එතන ලියනවා ය.

කරුමෙ කියන්නෙ අපිටද ඔතනට යන්නට සිද්ද වීම ය. ගිහිං පහළ නොබලම වැඩේ කරන්නෙ බිත්තිය දිහාවත් බලගෙන හිත හදාගෙනය. ඒකත් දැන් දැන් බැරි ය. ඒකෙ ලියල තියෙන ඒව ඉබේටම කියවෙනවා ඇත. පස්සෙ ඉතිං යන ගමං තිබුණ ඒවත් හිර වෙනවා ඇත. ඒ හිනාවේ ප්‍රභලතාවයෙහි ප්‍රතිපල වශයෙනි. හොද හුස්මක් අරගෙන ආයෙමත් වැඩේට බැසීම අපිටනම් සුපුරුදු ක්‍රියාවකි. එක අතකට තනිකරම ඒකත් උපායාසා විනස්සන්තුවක් බං...

ඔය වගේ භාවාත්මක විදිහට අමුතුම මෙව්ව එකක් මෙව්ව වෙන විදිහට ලංකාවටම උචිතවිදිහට හදපු වීඩියෝ කෑලි දෙකක් පහුගිය දවස් වල ප්‍රසිද්දියේම ආතල් දුන්න...

මහ එකෙකුයි පොඩි උන් සෙට් එකකුයි එකතු වෙලා කලාවෙන් මොකෙක්ටද බනිනව... 

 
තව එකෙක් ඉඳගෙන මගුලක් කතා කරනව
ප/ලි: අර දැරිවියෙක් ගැන කියවුනා, ඒ ගැන පසුවට සයිබරයට මුදා හැරෙණු ඇත :D 
මේ මොනව කිව්වත් ධනා රත්තරං ටිකට ඉන්න කොල්ල හොඳේ...
Related Posts Plugin for WordPress, Blogger...

2 comments:

Unknown said...

කුණුහබ්බ...

malmallk said...

අනේ බං ඉස්කෝලෙ යන කාලෙ ආයිමත් මතක් උනා.ආයිමත් යන්න තියනවනම්.අපේ ඉස්කෝලෙ පිනාගෙ අහවල් එකේ සයිස් එකත් එක්ක සැරයක් දාලා තිබුනා.හයියෝ...දවසක් පිනා ටොයිලට් එක බලන්න ගිහින් මාර සීන් එකක් උනේ.මතක් වෙනකොටත් හිනා.