Followers

╚කොලර් එකෙන්ම අල්ලගත්තනං තව ගහනව╝

හරියටම මාසෙකට පස්සෙ වගේ ලියන්න හදන පෝස්ටුවක් මේ... ඒ ටික කාලෙ අතරතුර වෙච්ච දේවල් ගොඩක් තියෙනව. ඉතිං ඒව ඔක්කොම ලියන්නත් බෑ... මේ කියන්න යන්නෙ බස් එකක් යන ගමන් වුන සිද්දියක් ගැන.

දිනයනම් හරියටම මතකයක් නෑ.. උදේ 9.10 ට තිබුණ මාතර බස් එකේ නැගල පිටිපස්සෙ දොර ලඟම තිබුණ සීට් එකේ වාඩිවෙලා මනෝ පාරක් ගහගෙන පැය දෙක හමාරක් විතර යන්න ඇති. වෙලාව ගෙවෙනව දන්නෙත් නෑ..
කොල්ලොත් එක්ක අරව මේව කියව කියව යනකොට ඒකෙත් ගතියක් තියෙනව. ලුණුගම් වෙහෙර හරියෙන් ටික දෙනෙක් බස් එකට ගොඩ වුනා මට මතකයි. එතන අමුතුම විදිහට ඇදගත්ත, යකඩ මාල(බලු දම්වැල් වගේ), මුදු දාගත්ත ඇන්ටි කෙනෙකුත් හිටිය. ටෙලිෆෝන් කෝල්ස් එනකොට හෙන හයියෙන් බස් එකටම ඇහෙන්න කතා කරන නිසා , මම ඉස්සෙල්ල කිව්ව විදිහට ඇදගෙන හිටපු නිසත් එයාව බස් එකේ හැමෝටම වගේ මීටර්.  ඔහොම ටික දුරකට යනකොට නිකං පොරක් කියල හිතාගෙන චාරට් විදිහට ඇදගත්ත කොල්ලෙකුත් බස් එකට නැග්ග.

අර ගෑනු කෙනාටනම් දිගටම ටෙලිෆෝන් කෝල්ස්.. කොහොමින් කොහොම හරි කොන්ද   කොන්දොස්තර මාමත් (මොනව වුණත් කොන්ද කියන එක හරි මදි) ඇවිත් ටිකට් හෙමත් කැඩුව. කොන්දොස්තර මාම ටිකට් එක දෙනකොට අර කොල්ල තමයි ඒ ගෑනු කෙනාට ටිකට් එකත් අරං දුන්නෙ...

ඔන්න දැන් තමයි සීන් එකේ සුපිරිම කොටස. ආයෙත් පාරක් මගේම ලෝකෙකට වැටිල කල්පනාවක් දාගෙන යනකොට මෙන්න එක පාරටම අර ගෑනු කෙනා හෙනම හයියෙන් බැනගෙන බැනගෙන යනව අර කොල්ලට....

"මං මෙච්චර වෙලා ඉවසුව, උඹ මූසලය තෝ වගේ උන් හින්ද නාකි අපිටවත් බස් එකේ යන්නත් නෑ"


ඔය කිව්වෙ කුනුහබ්බ නැති ටික. ඉතිරි ටික ඉතිං අමුම අමු කුනුහබ්බ. අර කොල්ලගෙ හත්මුතු පරම්පරාවෙම මූනෙ ගොම... ඒටික කියනකොට කොල්ලත් පස්සෙන් පස්සට ඇවිට් ෆුට් බෝඩ් එක ලඟ නතර වුණා. කියල ඉවර වුණා විතරයි අර ගෑනු කෙනා ඇවිත් කකුල උස්සලා දුන්න කික් එකක්. ගහපු පාරට කොල්ල ෆුට් බෝඩ් එකෙන් වැටුන. වෙලාවට ඒ වලිය හින්දම බස් එක නතර කලා. නැත්නම් කොල්ලගෙ කෑලි සවලෙං තමයි එකතු කරන්න වෙන්නෙ. අනේ අනිච්චං. කොල්ලො වෙච්චි අපිටත් එක්ක කින්ඩිය ඕයි... ඒ වැඩේනං ලෙසට හෙලා දකිනව. කියපු කුනුහබ්බ ටිකට ආපු හිනාවට බඩත් මොකක්ද වුනා වගේ... නිදිමතේ ආපු උං දැන් හොදට ඇස් කං ඇරගෙනය. බස් එකම ෆුල් හොල්මං ය.

ඔක්කොම ඉවර වෙලත් අර ගෑනු කෙනානම් කොන්දොස්තර මාමට කිව්වෙ හරි ?ක් නෑ මල්ලි යං කියල.  කොහොම වුණත් අපිනං බෝඩිමට ගිහිණුත් ඒ සීන් එක හින්ද ගත්තෙ මාරම ආතල් එකක්... 

ප.ලි: බස් වල, බස් හෝල්ට් වල වගේ ප්‍රසිද්ද තැන් වල ඔයවගේ අමන මරි මෝඩ වැඩ කරන හිත පාලනය කරගන්න බැරි උං පොඩ්ඩක් හිතපල්ල තමංගෙ අම්ම, නංගි, නැන්ද, අක්කත් ගැහැනු අය කියල. උඹල ඔය බස් එක කට කපපු වෙලාවට ජැක ගහගෙන යන්නෙත් ඒ වගේම අයියලා, තාත්තලා, මල්ලිලා ඉන්න කෙල්ලො වෙන්න පුළුවන්. මොනව වුණත් කොල්ලෙක් විදිහට මමනං කියන්නෙ ඒ වගේ ප්‍රසිද්දියෙ ජරා වැඩ කරන උං පාඩමක් ඉගෙන ගන්නත් ඕනි ඒ වගේ ප්‍රසිද්දියෙ ලැජ්ජාවට පත්වෙලා. ලැජ්ජාවක් බයක් නැති කමට වඩා හිතන්න දේවල් ඒ තුල තියෙනව කියලත් මතක තියාගත්තොත්  රටටම හොඳක්.....

  කලින් පෝස්ට් වලට වැඩිය මේක පොඩි වෙනසකට ලක් වෙලා කියල සමහරුන්ට හිතෙන්න පුළුවන්.  විශීෂයෙන්ම බ්ලොග් ලියන ෂැගී අයියට. ඔව් ඒක ඇත්ත ඉස්සර තරම් කික් එකක් දැන් නෑ. ඒ වචන හෙමත් පොඩ්ඩක් අඩු වෙලා වගේ මටත් දැනෙනව. කියවනකොට අමිහිරිතාවක් දැනුනනම් සමාවෙන්න....


කොළු සංහතියට නින්දාවක් අපහාසයක් කිරීමේ බලාපොරොත්තුවකින් නොලිව්වෙමි. යමෙකු කියවා අවබෝධ කරගනීනම් එපමණකි... ෴ධනා | ධනාගේ බ්ලොග් අවකාශය෴

No comments: