Followers

බොරුව නැත්නම් උනුත් ගස් ♣♣♣♣♣ | ශිල්පෙ ගන්න හැටි

තවත් කම්මැළි දිනක ඇරඹුමකි. ධනා සුපුරුදු වැඩේ වන ඉස්කෝලෙ යෑම එදිනටද යෙදී තිබිණි. මල්ල කරේ ගහං ඉස්කෝලෙට හියෙමි. කාලච්චේද ගත වෙනවා දන්නේද නැත. පුරුදු පරිදි බලා සිටින්නේ විවේකය එනතුරු හෝ නිදහස් කාලඡ්චේදයක් එනතුරුය. පළමු දෙවන සහ තෙවන කාලඡ්චේදය ගත වී ගොස් හමාරය. කැන්ටිමත් වැඳපුදාගෙන පංතියට වෙලා ඉන්නගමන් ය. කරන්නටද විශේෂ වැඩක්ද නොමැතිය. ග්‍රවුන්ඩ් එකේ සෙල්ලම් කිරීමට දැන් අවසරය දී ඇත. ඒත් අඩුපාඩු සහිතය. පුංචි කාලෙ මතක් වීම හා සඹැඳිව උඩ පන්දු රැකීමේ ක්‍රීඩාවට අප මේ දිනවල යොමු වී සිටිමු. ඊටද අප තෝරාගත්තේ ක්‍රීඩා පිටිය නොව පංතියට යාබදව පවතින හිස් බිම් කොටසකි. එයද රීප්ප තාලෙට ඉතිරි වුණකි.
බෝලෙ පොඩ්ඩක් පැත්තකට විසි වුනොත් කෙලින්ම ලැබ් එකේ වහලෙය. වහලෙට වැටෙන බෝල ඇහිඳීමට කිසිවෙකු ඉදිරිපත් නොවෙති. ඒ යමෙකුට ඇති බිය නිසාවෙනි. තවද කිසිඳු ක්‍රීඩාවකට, බාහිර කටයුත්තකට තම සහයෝහය නොදී දිනය පුරාම තම පුටුව රත් කරන පිරිසක්ද වෙති. විටෙක සමහරුන් අයිසෙක් නිව්ටන්ටද අභියෝග කරති. අපේ පංතියේ ඉන්නේ ඒවගේ ඩයල් ටිකක්ය. ඒ කෙල්ලන් නොවීමත් කොල්ලන් වීමත් කනඟාටුවට කරුණයි.. 

තවද දිනයක ඇරඹුමකි. මේ සිද්දිය අදාල වන්නේ විවේකයට පසුව පවතින කාලච්චේද කිහිපයයි. ධනා ඇතිළුව ගණිත අංශයේ අපිට ලැබී තිබෙන්නේ තනි මහල්, පංති කාමර පහකින් සමන්විත ගොඩනැගිල්ලකි. අපේ ජේෂ්ඨයන්ට තියෙන්නෙ ඒකියන්නෙ අපේ අයියලා අක්කලාට ලැබිල තියෙන්නෙ මහල් තුනක ගොඩනැගිල්ලක ඉහලම මහලයි. ඒ නිසාවෙන් උන් මොන ව්ඒලාවෙ බැළුවත් ඉන්නෙ අපේ පංතියෙ හෝ ග්‍රවුන්ඩ් එකේය. අපි තාම උසස්පෙළට ගිය අළුතය. විදුහල්පතිගේ වැඩිහාවධානය තිබෙන්නේ අපේ පංතියටය. අපිළු ඉස්කෝලෙ බුද්ධිමත්ම සැට් එක. ඉස්කෝලෙ වෙනසක් කරන්න ඕනිළු. ඔහොම ඉතිං අයියලා මල්ලිලා ඔක්කොම කුප්පියක් දාගෙන අපේපංතියට වෙලා ඉන්නකොට එක පාරටම එකෙම් දුවගෙන ආවේ "ඒ #නා එනව බං #නා එනව" කියාගෙනය. ධනානම් එතකොට අසුන්ගෙනය. එක අයියෙක් එබී බැළුවේ විදිහල්පති සම්ප්‍රාප්තියට පෙර තම පංතියට රිංගා ගැනීමට අවාස්ථාව තිබේද විමසීමටය. ඔහුද ආවේ ගියාට වඩා ඉක්මනිනි. ඒකෙන්ම වැඩේ දෙල් බව අපිට වැටහිණි. 

නොසිතූ නොපැතූ ලෙස විදුහල්පතිතුමන් ලෑන්ඩ් කලේ අපේ පංතියටය. එනකොටනම් සියල්ලම අසුන් වලින් නැගිට්ටහ. නමුදු අසුන් ගැනීමට අණ කල පසු සමහරෙක්ට එය කිරීමේ අපසුතාවක් ඇතිවිණි. මන්දයත් පුටු ක්ෂණිකව නිවන් දැකීම හේතුවෙනි. "හුටා දැන් ඉතිං බිම තමයි" කියලත් සමහරුන්ට හිතෙන්න ඇතිය. පසුව සියළුදෙනාම අසුන්ගැනීමට මඳ වේලාවක් ගත වූයේ පුටු ඇති ස්ථානවලට යෑමට ඔවුනට සිදුවූ නිසාය. බලාගෙන ඉන්න උන්ට හිනාය.  පොඩි බයක්ද නැතුවාම නොවේ. ගැහුවොත් හෙම ඉතිං මාසෙකට ගාන්න තෙල් අරගෙනම ගෙදර යනවා හොඳය. 

මූණු දෙස හොඳින් බැළු විදුහල්පති, 

          මේ පංතිය නේද උදේ ගුටි කෑවෙ?


කස්ටියට ෆුල් හොල්මන්ය. ගුටි කන්න තරම් වැරැද්දක්ද නොකලහ. එකෙක් වත් තනියෙම බුදු වුණාද නැතොහොත් ඔහුගේ වලිගය පෑගීද යන ගැටළු ධනාගේ සිතේ පැන නැගිනි. 

         නෑ නෑ... නැහ්.... නෑ නේ බං?... ඒ නෑ කියහං.... මූට වයර් මාරු වෙලාද බං...? ඇදේ වෙන පැත්තකින්ද කොහෙද බැහැල තියෙන්නෙ..... මෙවැනි වූ වචන එළියට පැන නෝක්කාඩුවට මෙන් ධනාගේ කන් පෙත්තේ වැදී ගියේ ටකටමට ගල් ගසන්නාක්  මෙනි.  

ඒ අතරේ නවීනයා ධනා දෙසට හැරී....
නෑ නේ බං?

එය දුටු ප්‍රින්සිපල්...

"මනුස්සයො වෙන මිනිස්සු දිහාවට හැරිල කියවන්නෙ මම අහපු දේට උත්තරේ දීල ඉන්නව"


දැන් මොනාද තියෙන්නෙ??

කාලසටහන් දුන්නෙ නෑ සර්..


ආ ඒකත් එහෙමද? එහෙනම් කෝ පංති නායකය??? ආ..... ගිහින් බලං එනව ස්ටාෆ් රූම් එකේ කව්ද ඉන්න ගුරුවරු කියල?? ඉන්නවනම් එක්කගෙනම එනව. 


"අඩෝ අරූ මොකෙක්හරි එක්කං ආවොත් අපිත් ගස් බං" 


නායකයා පිටත් විය. ඒ අතරේ ප්‍රින්සිපල්...

අද මම ගැහුව හේතුව දන්නවනෙ??? මම තමුසෙලාට නිදහස දීල තියෙන්නෙ ග්‍රවුන්ඩ් එකට යන. ඒ පංතියෙ උගන්වන්න ගුරුවරයෙක් නැත්තං PT සර්ගෙන් අහල. තමුසෙලා මොකද කලේ ඒ මොකුත් නෑ පැන්න. ඒ මනුස්සය මට ඇවිල්ල කිව්වෙ හරිම දුකෙන්.. "අපිට ඕනිකම තිබ්බට ඒ මිනිස්සුන්ට නෑ" කියලත් කිව්ව. බලනව තමුසෙලා දන්නෑනෙ ගුරුවරයෙක්ගෙ හිත රිද්දන්නැතුව ශිල්පෙ ගන්න... ඕක එසේ මෙසේ දෙයක් නෙවෙයි. හෙමින් සීරුවෙ කරන්න ඕනි දෙයක්. ගුරුවරයෙක්ට රිද්දුව එකෙක්ට කවදාවත් හරියන්නෑ. ගුරුවරයව සතුටින් තියාගෙන ශිල්පෙ ගත්තම තමයි යාදෙන්නෙ.... නැත්තං ඉතිං සක්කරයටවත් බෑ ඉගෙනගන්න.

ගිය නාකයයා නැවත පංතියට ආවේ හිස් අතින්මය...
මොකෝ වුණේ??
කව්රුත් නෑ සර්....(පසුබිමින් ඇසෙයි "ඇති යන්තම්" )

හරි එහෙනම් මං යන්නම්. හොඳට වැඩ ටික කරගෙන යන්න... ආයුබෝවන්...

කියන්න අමතක වුණා... පංතියෙ මල් වාස් එක දැකල බැන්නෙ "මේවට තමයි හිඟන වැඩ කියන්නෙ. හිඟන වැඩ කරන්න ලෑස්ති වෙන්නෙපා" කියල...


අවසානය:- කස්ටිය තමතමන්ගෙ පංති කාමර බලා පිටත්ව ගියහ....



1 comment:

vidura said...

අපිත් ඉස්සර ඔහොමමයි බං :)))),, හැබැයි ඉතින් ඔය ක්‍රොමේ වැඩි කල් පලදායි නෑ බං. :)
මම දැනුයි දන්නේ උඹ A/L කියල.හරියට කොරපන් බං ඕක , නැත්තන් මල කරදරයක් දෙපාර තුන්පාර කරන්න වුනොත් :|
එලට ලියල තියනවා!!!