Followers

පරෙයියන් ඇල්ලට....


එදා වෙසක් පෝය දවසළු. මොන කොල්ලට උනත් ඒ වගේ දවසකට ගෙදරට වෙලා ඉන්නනම් කිසි ආසාවක් නෑනෙ. ඉතිං එහෙම එකේ පොඩ්ඩක් ලගට ගිහිං එන්නම්, දහම්පාසලට ගිහිං එන්නම් කියල මමත් ගෙදරින් පැනගත්තෙමි. හම්මෝ දැනෙන නිදහස.... අහවල් වැඩේ කලාටත් වැඩිය මාර ෆීලිං එකකි. කොහේ යන්නද මොනව බලන්නද කියල තාම තීරණයක් නැත.

මග දිගට දන්සල්, අරව, මේව ගොඩය. කරුමෙට ඒ දවස් ටික වෙසක් කලාපයක්ලු. පාර දෙපැත්තෙ දිගටම වෙසක් කූඩු එල්ලලා. රෑටනම් මාර ලස්සනයි.කොහොම වුණත් දැන් ම්අට ඕනි පොඩි රව්මක් දාන්නනෙ, ඒ වැඩේටම හරියන්න ඕෂධයත් මට සෙට් වුණාලු. ටික වෙලාවකින් ඌ ආවලු බයික් එකත් උස්ස්සගෙන. දෙන්නම හව්ලෙ සල්ලි හෙමත් දාගෙන තෙලුත් ගහගෙන සෙට් උනා කොහේහරි රව්ම දාන්න.
යන්න තැනක් කල්පනා කරනකොට තමයි මීටෙර් වුනේ බඩල්කුඹුර පැත්තට ඔළුව පොඩ්ඩක් දාල එන්න. ඒ ඉතිං වෙසක් බලන්නමත් නෙවෙයිලු. වෙන වැඩකටත් එක්ක කියල හිතාගන්නකො. ඒ ගිය වැඩේනම් 100% හරිගියා. ඒ වැඩේ අඑති කියල හිතුණ මොකද වැඩි වැඩ දාන්න ගිහිං කෙලවගන්න බෑනෙ. අයියලාත් ඉන්නවලු. ඒ හින්දම අපි බුත්තල බඩල්කුඹුර පාරට දාල වැල්ලවායට යන තීරණය කලා. ඒ ආව දුරත් මරු. කියල වැඩක් නෑ. ලෑල්ලටම පෑගුවළු. ධනාට ඇඩෙනවළු යන වේගෙට. මොකද මගෙ හෙල්මට් එකේ වයිසරයක් නැති නිසාලු. :D අඬ අඬහරි ගිය ගමනෙ පොඩි ප්‍රයෝජනයක් තිබුණ. මොකද කියනවනම් බුත්තලට එනකොට අඉ දෙන්න දැක්ක ලොකු ඩෝඩ් එකක් පාර අයිනෙ. එතනිං ඇතුලට තියෙන පාරට දැම්මෙ කාගෙන්වත අවසරයක නැතුවම. ඒ පාරෙ ගියාම තියෙන්නෙ පරෙයියන් ඇල්ලළු.. අනේ ඉතිං අපිත් යනවා////// මොන අඑල්ලක්වත් හම්බවුනේනම් නෑ. බැරිම තැන බයික් එකකින් ආපු අයිය කෙනෙක්ගෙන් ඇහුවම කිව්ව "ආ මල්ලිලා, ඇල්ලට යන්න ඕනිනම් ඉස්සරහට ගිහිං අපේ ගෙවල් ලගින් දකුණට හැරෙන්න " කියල. යකෝ අපි උගේ ගෙදර දන්නවනම් ඇල්ල කොතනද අහයිද?

කොහොමහරි හොයාගත්ත තැන. බයික් එක එතන දාල පඩිපෙලකින් පහලට බැහැල යන්නත් ඕනි. ඒ පඩිපෙල දැක්කම ඇඩෙනව ඕයි. ආවට වැඩිය හොඳයි නිකං හිටියනං කියල හිතෙනව. ඇල්ලක් කිව්වට මහලොකුවට වතුර උඩ ඉඳං පහලට වැටෙන්නෙත් නෑ. ගල් දෙකක් මැදින් වතුර ඇතුලට ගිහිං තමයි උඩට එන්නෙ. ඒකෙත් පොඩි ලස්සනක් තියෙනව.


ඔය තියෙන්නෙ ඉස්සෙල්ල කිව්ව පරවිය
(දෙකට නැමිල ගත්ත එකක්)

වටේ පිටේ තව තව ඇලිත් තිබුණ. වටිනාකියන දේවල්. ෆොටෝ ගහල මේවට දැම්මොත් දූෂණයට පත් වෙනව. ඒ නිසා ඒව අරූගෙයි මගෙයි හිත්වල තිබුණම ඇති. මෙතන නොනැවතුන අපි දෙන්න පහලටත් ගියා. ඒ කැලේ මැදින් වැටිල තිබුණ පොඩි අඩි පාරකින්. එතනනෙ යකෝ දර්ශනේ කිව්වලු. කෙල්ලො ටිකක් දිය කෙලියෙ කියමුකො. කරුමෙ. පරිසර සුන්දරත්වය විඳගන්න විදිහක් නෑ මෙ ගෑනු හින්ද. ඇයි? ඇයි අහන්නෙ දැන් අපි ඔතනට ගිහිං ෆොටෝ ගැහුවත්, ඇල්ල බැලුවත් උං හිතන්නෙ අපි උන්ගෙ අහවල් එක බලන්න ආව කියල. කෑලි කියල හිතං ඇත්තෙ. නේ බං?


පරෙයියිඅන් ඇල්ලේ ඕතද.....
කෝකටත්ල අපි පොඩ්ඩක් දුරට වෙලා ගස් අතරින් ඇල්ල බැලුව. ෆොටෝ සූට් එකකුත් තිබුණ එතන. දන්නවනෙ ඉතිං ඕෂධය, පෙන්නන්න එපැයි පරම්පරාවට. "මේං බලපං පුතේ අර තරිඳු මාමයි මමයි උඹලෑ වයසෙදි කරක්ගහපු තැන්. උඹල වගේ නෙවෙයි යකෝ අපි ගියොත් ගියේ සුංදර තැන් බලන්ඩ."  ඔහොමත් කියයි නේ? ;)


අපිටත් ගල් පොත්තක්, කොට කෑල්ලක් පේන්න බෑ.


පේනවද දිය කෙලපු කෙනෙක් දුවනව :D
හදිස්සි අවස්සතවක් කියල හිතන්නකො.
අපිව දැකල බය වෙලාද දන්නෑ...

සමහර අය එතන සව්දිය පුරනව.(හරිද දන්නෙ නැතෝ)
තවත් ෆොටෝ පහලින්





මේක බල බල එතන ඉන්න බෑනෙ. අපි ආපහු ආව. නගින්න තියෙන පඩි පේළි ටක දැක්කම ඇඬෙනව. කොහොමින් කොහොමහරි ශේප් එකේ ඒ ටිකත් න්ඇගල ඉවරයක් කලාම තමයි ඒකෙ රසය දැනුනෙ. මගේනම් ෂර්ට් එක තෙමෙන්න දාඩිය දාල තිබුණෙ. එතකොට හිතුන අර මිනිස්සු මොන මගුලකට අරකෙන් නානවද කියල. ඇයි අෆ්ෆ නාල උඩට එනකොට ආයිමත් දාඩියයි. එහෙම වෙන්න ගියොත් නාන්න ගිය මිනිහෙකුට ආයෙ ගෙදර යන්න වෙන්නෙ නෑ.

ආපහු එනකොට තුන්මං හංදියකදි කැබ් එකක් සෙට් වුණා. ඒක ෆලෝ පාරක් දාගෙන අපි දෙන්නත් ආව. ඇතුලෙනම් කව්රු හිටියද කියල දන්නෙ නෑ. පිටිපස්සෙනම් හිටිය ලස්සන කෙල්ලො දෙන්නෙකුයි වයසක ඩයල් එකකුයි. ඒ මෑන්ගෙනම් ඩයල් එක හොඳටම අවුල්. ඌත් හෙන පැනිය කෙල්ලො දෙන්නට. 

එක තැනකදි පොඩි වලක් තිබිල කැබ් එකේ යට කොංක්‍රීට් එකක වැදුන. කෙල්ලො දෙන්නට පොඩ්ඩක් රිදිලා. ආ...............ව් කියල කෑ ගැහුව. ඒපාර පොඩ්ඩක් නැගල ආපු ඒ අංකලයත් ඒ විදිහටම ආ....ව් කියල කෑ ගැහුව. ඒ වැඩෙන් ඒ කෙල්ලො දෙන්න අපිත් එක්කත් පොඩ්ඩක් ෆිට් වුණා.   


කොහොමහරි කැබ් එක ගාටන නිසාම එයාල අපිට ඉඩ දුන්න. ඒත් අපි ගියේ නෑ... නේ බං?(@ ඕතද) ඒත් දෙවෙනි වතාවෙනම් ඉස්සර කරල ආව. අපි ආවෙ ගෑනු බලන්න නෙවෙයිනෙ. එතකොටම අපිත් පොඩ්ඩක් පිටිපස්ස බැලුව. මෙන්න අපේ පැත්තට අතක් වැනෙනව. ආච්චිට මොකටද රත්තරං කිව්ව්වලු. මේ කෙල්ලො දෙන්න අපිට බායි කියනව. අපිත් නිකං හිටියෙ නෑ. ඔහොම ඇවිත් මේන් රෝඩ් එකට වැටෙන තැන අපි නතර වුණා. එතකොටත් අර සූකිර අක්කලා දෙන්න "යන්නං මල්ලී" කියල ටටා පාරක් දැම්ම. යකෝ අපි අල්ලං හිටියද? නෑ නෙ? එයාලත් ගියේ බුත්තල පැත්තට. අපි යන්නෙත් ඉතිං ඒ පැත්තටනෙ. අපිත් අපේ පාඩුවෙ ගියා. පස්සෙ කැබ් එක හැරෙව්ව පොඩි අතුරු පාරකට. 

එතනිං පස්සෙ අපේ ඊලග ස්ථනාය වුණේ බදුරුවගල........
මං ගියා....
එහෙනං, එහෙදි සෙට් වෙමු......
අපිට බුදු සරණයි.....

ගුබ්බායි..... ☻








Related Posts Plugin for WordPress, Blogger...

No comments: