Followers

බුදුරුවගලට


අපි මේ එන ගමන්. පරෙයියන් ඇල්ල බලල. මේක කියවන්න කලින් කැමතිනම් ඒකත් කියවලාම ඉන්න. පඩිපෙල නැගල දාපු දාඩියටික ඕතදයගෙ ඩයිවිං පාරට නැතුවම ගියා. කදුළුත් ආව. හේතුව කලින් කිව්වනෙ. ලැයිසොම ගත්ත විතරයි මුගෙ ඩැයිවිං නං මතක් වෙනකොටත් කොන්දෙ දකුණු පැත්ත පොඩ්ඩක් රිදෙනව වගේ.

බඩල්කුඹුර-බුත්තල පාරනම් කියලම වැඩක් නෑ කිව්වනෙ. එහෙම කියන්නත් හේතුවක් තියෙනව. වැඩි ට්‍රැෆික් එකක් නෑ, හොඳ වටපිටාව. එදා අපේම වෙලාවට අහස පොඩ්ඩක් වැහිබර වෙලා. අපිටම සප් එකට වගේ එදා වැස්සෙනම් නෑ. අපි ඒ පාරෙ එදා ගියාමයි. මගදි පොඩි වැවක් හෙමත් හම්බවුනා. වැඩි විශේෂත්වයක් නෑ. පාරෙ අවසානෙ වැටුනෙ බුත්තල ඔරලෝසු කණුව ලගට. එතනින් දකුනට දාල අපි ගියේ වැල්ලවායට. දන්සල් හුගක් තුබුණ ඒ අතරමග. කෙල හලහල ඉන්නැතුව නවත්තන්නෙත් නැතුවම අපි ගියා. අම්මලාට තාත්තලාට බොරු කියල අපි දෙන්න මේ යන්නෙ කීවෙනි හොර ගමනද කියල ම්අටනම් හරියටම මීටර් නෑ. ගෙදරින් ඇමතුම් දෙන වෙලාවට මොකක්හරි පචයක් ඉක්මනටම ගොතා ගන්නව.
ඒ පචේ ගෙදරින් එනකොට කියපු එකට ලගින් හරි යන එකක් වෙන්නත් ඕනි. දවසක් මම වැල්ලවායෙ යනව කියල අන්තිමට බණ්ඩාරවෙලටම ගිහිනුයි ආවෙ :D

වැල්ලවාය පහු කරල කිලෝමීටර් 3ක් විතර ගියාම තියෙනව බුදුරුවගල එන්ට්‍රන්ස් රෝඩ් එක. දකුණට හැරෙන්න ඕනි. එතනින් පස්සෙ පසුපස කලාප වේදනාවක් නිසා රියදුරු වෙනසකට භාජනය වුණාළු. ඒ පාරත් නිකං ජීවිත අත්දැකීම් වගේ කොටස්වලට බෙදිල. ටිකක් කොංක්‍රීට්. තවටිකක් තාර.. ඉතුරු ටික නිකං. අනේ මංද. ඒක මම දැකපු විදිහටනම් ගම්මානයක්. හුගක් මිනිස්සු ඒ පැත්තට වෙන්න ගෙවල් හදාගෙන පදිචිය තහවුරු කරල. ගිය පාරනම් අවුල් වුනාට වටපිටාවනම් පංකාදු 10කි. කුඹුරු මැදින්, පොඩි පොඩි කඳු, ආ වැවකුත් තිබ්බ, නෂ්ටාවශේශ, අරව මේව හෙන ගොඩයි. මතකත් නෑ.යනකොට අපි අදූරන ඇය නාදුනන ගුරුවරියක් දකින්නත් ලැබුණ. අඳුරන උන් දෙතුන් දෙනෙකුත් මගදි සෙට් වුනා. එන පාරත් නිකං කඩොලාන් ගස් අතරින් යනව වගේ. කොරවක්කො පාර පනිනව. හැප්පුනානං??? පාර දෙපැත්තෙ සම්පූර්ණම වතුරෙන් පිරිල. එක එක මල් වතුරෙ පිපිල. මාර ශුංඩරයි අප්ප...

කොහොමහරි අදාල තැනට ඇවිත් හුටාර් එකත් නවත්තලා ප්ලාස්ටික් ඔලු 2ත් ඒකෙම එල්ලලා නිදහසේ පිළිම තියෙන තැනට ඇවිදගෙන ගියා. යනකොට පොඩි පාලං කෑල්ලකුත් තිබුණ. එතන හිටපු සෙට් එකක් මාලුන්ට පාං පෙති පිටින්ම දානව. මොනව වුනත් සල්ල තියෙන ලෝභ නැති සෙට් එකක්. පාං රාත්තලකුත් දැ කීයක් වෙනවද???? ;)

ලගටම ආව... ☻
ගලේ ඔය තද පාට වෙලා තියෙන තැනින් තෙල් එනවලු. ලග හිටපු ඇන්ටි කෙනෙක් එයාගෙ දුවට කියල දෙනව අහගෙන. එතන වල හෑරිලා තියෙන්නෙ තෙල් හොයන්න හාරලාමද නැත්නම් එතන අතගාලමද දන්නෑ... අපිත් නිකං ඉන්න එකේ අතගාල පොඩ්ඩක් සුවඳ බැලුව. ඇත්ත තමයි වගේ.... ☺

වැඳ පුදාගෙන අපි දෙන්නත් කවෘත් නැති පොඩි ගල් පොත්තක් උඩට ගියා.



ඕතද පොටෝගිරැපි
පිංවත් ඕතද



බ්ලොගය ලියන සිල්වත් ධනා ☺
ආපු ගිරිදුර්ග පහුකරගෙන අපි ගෙදර බලා එන්න පටංගත්ත. එනකොට වැල්ලවායෙ ටවුන් එකේදි යාළුවො දෙන්නෙකුත් සෙට් වුනා. ගැරයි කුකුලයි. උං දෙන්න දැං ජොබුත් කරනව. මොබිටෙල් සිම් විකුණනව. එල ජොබලු. කව්ද දන්නෙ??? ☻ ඊටපස්සෙ කෙලින්ම ගියේ දහම් පාසලට. එතනට යනකොට ධනාගෙ අම්මයි තාත්තයි ඌව හොයාගෙන ඇවිත් ආපහු ගියාලු.
කෝමදෑ අපේ වැඩ ආ..????

පන්සලේ ගිහිං නොනැවතුන ධනා තව කොල්ලො සෙට් එකක් එක්ක(මාරියා, කොටා, නයිටියා) වෙසක් කාලා වහලෙ කපපු කලම්බො සිටි රයිඩර්   ඩබල් ඩෙකර් බස් එකේම ගෙදර ගියාළු..

මග දෙපස ගල් පහරවල් වැදී ඉරී පොඩිවී ගිය වෙසක් කූඩු වලට ධනා වග කියනු  නොලැබේ..

ඡායාරූපවල සියලුම අයිතිය ඕෂධ සතුය....

ඒකත් ඉවරයි එහෙනං෴

වෙසක් බලන ගමන් & බස් එකේ යන ගමන්










Related Posts Plugin for WordPress, Blogger...

No comments: