Followers

අන්න ඒකයි හරිද?

මේකත් එක්තරා ඉරිදා දිනක බෝඩිම පරිස්‍රයේදී සීන් එකකි.  උදෙන්ම ගියේ මැත ක්ලාස් එකටය. ඊට කලින් දවසෙ රෑ බෝඩිමේ ඇන්ටිත් හාමුවත්තෙ ඇන්ටිත් මීට කලින් දැකලවත් නැති තවත් ඇන්ටි කෙනෙකුත් එකතුවී හෙනම ලොකු ගෑස් ලිපක් ගෙනත් තියාගෙන උයන්න ලෑස්ති වෙනකොටම ධනා එතනට සම්ප්‍රාප්ත විණි. ඒ තව පොඩ්ඩෙන් බයිට් එක හදන්න වේලෙන්න දාල තිබුන හාල්මැස්සො සෙට් එකත් පෙරලගෙනමය.
වෙලාවට එහෙම වුනේ නැත. අපරාදෙ කියන්න බෑ ඇන්ටිලා සැට් එකනම් ගින්දරය. සුපිරිය. ආතල්ය. ගෑස්, ලොකුකම් ඇත්තේම නැත. මූන පුරාම කට කන ලඟට අරගෙනම හිනා වෙන්නේ ය.

විස්තරේ දන්නේ අහනකොටය. බෝඩිමේ ඇටිගෙ අම්මගෙයි තාත්තගෙයි ධානෙට  ය.  එච්චරම ලොකුවට නොතිබිණි. මොනව වුණත් ධනා ඔයගැන වැඩිපුර සිතන්නට ගියේ නැත. 12ට ක්ලාස් ඉවර වෙලා ධනා බෝඩිමට අඅවේ ඇටයාත් කැටුවය.  ඇටයා දවල් කම එක ගන්නේ අපේ බෝඩිං වහලෙ යට ඉදගෙනය. එතකොටනම් ඌ පූස් පැටියාටත් අන්තය. ‍මියෑව් නොකියෑම පමණය. 12ට ක්ලාස් එක ඉවර ව්එලා බෝඩිමට ගිහිං කාල එන්න ඇටයාට වෙලාව මදිලූව... ඌටද එදා හෙනම සබ්බුවය. ධානෙ තිබුනේ බෝඩිමට ඉස්සරහ ගෙදර වෙන බෝඩිමේ ඇන්ටිලාගෙ මලයගෙ ගෙදරය.

සැට් එකම ආවට පස්සෙ අපිව එහෙට එක්කගෙන ගියේ බෝඩිමේ ලොකු මලයාය. ගේට්ටුවෙන් ඇතුලට යනකොට නිකං දනිස් දෙකත් එකට වදින්න ලඟය. ලොකු මිනිසුන්ගේ ගහනයක් එතන විණි. ඕන රෙද්දක් කියල ඇතුලටම ගියෙමු. බෝඩිමේ මාමාගේ පිහිටෙන් අපි පිඟන් වල රුවන්වැලි, මිරිසවැටි, යුදගනා අරව මෙව්වගෙ අනුරූප තැනුවෙමු.. උස්සගෙන ඉන්නත් ටිකක් අමාරුය.

කලින් වෙච්ච සිද්දියකට එතනදිත් බඩ ඇකිලෙන්නම හිනා කෑවෙමු. අත් සෝදන්න කුස්සියට ගිය වෙලාවෙ ශවින්දයාට සින්ක් එක හොයාගන්න බැරුව කෙලින්ම පිටිපස්සෙ දොරෙන් එළියට විදපු සීන් එකය. සිරාවටම ඒක ගෙදරකට අළුත් එකෙකුට ලොවෙත් මීටර් නොවන්නකි. ධනාටද මීටර් වුනේ පෙර පිනකටය. නැත්නං එදත් හොදවයිං නාගන්නවාය. මමත් ප්‍රභාතයාත් ශවින්දයාත් බෙදාගෙන පැත්තක වූ පුටු තුනකට සෙට් වුනෙමු. එතකොටම ඇටයාත් එතනය. අඩුපාඩුවකට ඇත්තේ පිඟාන පොඩ්ඩක් හිස්ය.

ඒක දැකපු අපි ඇටයට ලොවෙත් නැති විදිහට චාටර් කලෙමු. ඕක අපිට දෙන්නෙ හෙන ටෝක්ස්ය. උන්ගෙ බෝඩිමේදි නැතිවෙන්න කනවාළුව. කින්ඩියටම ඇත්ත කිව්ව ඇටයා

"නෑ බං මට කන්න බෑ ඇත්තටම" (නහය දෙපාරක් උඩට උරමින්) 

"අනෙප් පලයං යකෝ යන්න. තොට මෙච්චර හොඳට හදල තියෙනව කන්න බෑ. තොට කන්න පින නෑ. වෙන මොකක්වත් නෙවෙයි. අපි කනව උඹ කෙල ගිලින්න බෑ ආ..."

ඇටයා
"අනෙ හු###ව කාපං බත්..."

ඔහොම ඉන්නකොට බෝඩිමේ ඇන්ටිගෙ මලය මාමාත් එතනට සැපත් විය. ආපු ගමං ඇටය පෙන්නලා ඇහුවෙ

"මේ මෙයා ඔයාලගෙ වයසෙද? ඔයාලත් එක්ක ඉන්න කෙනෙක් නෙවෙයි නේද?"

අපි...
"නෑ අංකල් දවල්ට කන්න අපේ බෝඩිමට එනව"

අංකල්
"මේ මෙයත් A/L ද කරන්නෙ?"

වස නිංදාවය. ඇටයාට අංකල් කාරයට පිඟානෙන් මූනට දෙකක් අදින්නට සිතෙන්නට ඇත. අපිට කාපුවත් උඩට එන්නට මෙන්ය. බැරිවෙලාවත් හප හප ඉන්නකොට වෙන කොහේටහරි ගියා. එතනම සෙත්තපෝච්චිනෙ... සිනහවත් ඕනිවට වඩා ඕනෙම නැත.

සැබවින්ම පැවසූවොත් සත්‍යය එයය. ඇටයා දේහ ප්‍රමාණයෙන් අපිට වඩා පොඩිය. වැඩ කෑල්ලෙන්නං කොහෙත්ම නැත. වෙලාව 1ත් වෙලා ය. දඩ බඩ ගාල කෑවෙමු. පිඟානත් බලෙන්ම වාගේ අපෙන් ඉල්ලගත්තේ මොන යම් හෝ කෙනෙක්ය. ඊලඟට යෙදී තිබුණේ කිරි ආහාරයට් ගැනීමය. අපි සෙට් එකට අළුත්ම කිරිහට්ටි දෙකක්ම සහ බ්ලැක් ඕපල් බෝතලේකින් එකක් කිතුල් පැණි වෙන් කර තිබිණි. සෙට් එක කිරි හට්ටියට දෂ්ඨ කිරීම තරම් බලාගෙන සිටිය නොහැකි යමන් නොවීය. කුට්ටි පිටිං කප් වලය. පැණි දාන්න ඉඩක් හොයාගැනීම ගැටළුවකි. සෙට් එක පැණි දාගන්නේ යාර 2 3 ය. බෙදා ගත්තාට වැඩිය ඉක්මනට කෑවෙමු.
ඒ ක්ලාස් යන්න ලේට් නිසාවෙනි. කෑමෙහි කෙල පැමිණිය උන් වුනාට බඩජාරිකමකට නොවන බව කරුණාවෙන් සලකන්න.

ඕක කන ගමං ධනා සෙට් එකට කිව්වෙ සර්ටත් බත් එකක් ඔතාගෙනම යමං ශේප් වෙන්න කියාය. මුන්ට ඒකටත් හිනා ය. කිරි කප් වලට වතුර පුරවලා කස්ටියටම කියල අපි එතනිං වාශ්ප වුනෙමු. මොකද කාපු බීපු තැන් වල වැඩිය සිටීම හොද නැත.

ක්ලාස් එකට යනකොට 1.30 ය.

"තොපි පැය බාගයක් පොල් ගෑවද?" කියලා නෑසීම පමණය. මීයන් සේ ගිහිං වාඩිවුනෙමු.

ඊයා..... යකෝ අන්තිම පේළිය. සැක්. බුද්ධිමතුන් බිහිවෙන්නෙ පිටුපස පේළි වලින්ලු කියල හිතාගෙන ඈඳිගත්තෙමු.

ටික වේලාවකට පසු ධානෙ ගෙදර මතක් වුණ ධනා ඇටයාගෙන් මෙසේ විමසීය.

"ඒ සිරාවට ඇයි බං උඹ කෑවෙ නැත්තෙ? ලැජ්ජාවටද? කෝ උඹේ අර නැව් ටෝක්?"

ඇටයා කින්ඩියට හිනාවී
"යකෝ තොපි ආත්මාර්ථකාමී ප#කු, තොපි ඉස්සෙල්ල ගිහිං රයිස් එකට සවල් පාර ගැහුව. මට ඉතුරු තොපි බෙදාගෙන ඉතුරු වෙච්ච. යකෝ මං ඒ බත් පොඩ්ඩ හරි හොයාගත්තෙ ට්‍රේ එක හැන්දෙන් හූරලා යකෝ"
                                               පව් නේ?






Related Posts Plugin for WordPress, Blogger...

No comments: