Followers

කාලම මැරෙමු - Eat Eat Eat And DIE

උදේ 8ට විතර බෝඩිමෙන් පිටත් වෙලා හවස 5ට විතර ආපහු බෝඩිමට එනකොට ෆුල් නට්ටංය.. ටයර් පනිනු ඇත.. ඇත්තේ කකුල එසවවිමට පමණකි. නිකංම ෂිං ගානකොට බිමය... ඒ අතිංනං අපේ රටේ අධ්‍යාපන ක්‍රමේ සුපිරිය. කොහේවත්ම හොයාගන්නවත් බැරිය. ඒ මොනව වුණත් යන ගමං නිකංම යන්න බැරි එකේ අපේ කොල්ලො සැට් වෙලා කීල්ස් එකට රිංගලා හප හප යන්න මොනාහරි ගන්නවා ඇත. දවසක් එකෙක්ගෙ බර බරේටම 10ක් විතර ඇතුලට රිංගලා ගත්තෙ රුපියල් 115ක් වටින්නා වූ මංචී සමාගමේ නවතම නිෂ්පාදනයකි.
කියන්න සතුටුය. එළියට ඇවිත් පැකට් එක කඩනකං ඉවසිල්ලක් නැත්තේය. පැකට් එක කඩන එකා විඳින්නේ කට කපපු බස් එකක යනවාට වැඩිය කට්ටක්ය. ඊටත් වඩා සෝචනීයම වනුයේ අවසානයේ ඌට ඉතිරි වන්නේ ට්‍රේ එක පමණක් නිසාවෙනි. අතේ අරං යන්න බැරි කමටම එකෙක් කලේ පොත ඇතුලෙ දාගෙන කකා ගිය එකය. උගේ නම කීම සුදුසු නොවන්නකි. කරුමෙට ඉතිරි වෙන බිස්කට් කෑලි අයින්කරන්නේ ඊලඟ සතියෙ ක්ලාස් එකේදීය.

සාමාන්‍යයෙන් සෙනසුරාදා දිනය වැඩිපුර කෑමට නුසුදුසු දිනයකි. ඒකට හරියන්න ඉරිදා. හම්මේ ක්ලාස් ඉවර උන ගමං මග දිගට කස්ටික හොටෙල් වලය. කරුමෙකට වගේ එදා සෙනසුරාද දවසෙ මම තරිඳුත් බෝඩිමේ බැජියා වන තරිඳු ශාවින්දයාත් සාකච්ඡා කරගත්තේ උගේ ලෝකක් එස් 3 එකත් හදන්න දීගෙනම කැෆේ එක පැත්තෙත් ගිහිං සප්පායං වෙන්නය. ෆෝන් එක නොගෙනා බැවින් නැවතත් බෝඩිමට බඩගෑමට සිදුවිණි. 


පාරෙ යනකොටනං බෙල්ලට නිදහස් නැත්තේමය. සක්කරවට්ටං, සරුංගල්, මල් පෝච්චි, බැරල්, බාල්දි, තොරං, පොල් තෙල් මෝල්, පිටි හලන මැෂින් ශිං ශිං ගගා වැඩය. පරණ බඩු අළුත් බඩු කියල වෙනසක් නැත්තේය. රීකන්ඩිශන් කරන පොට් එමටය. ඒක නිසාම පරණ අළුත් අතර ගැටුම්ය. පරණ අළුත් කියා තාක්ෂණයේද ඇති වෙනසක් නැත. තියෙන්නෙත් එකම දේය. අවසානෙ කෝකටත් වෙන්නෙත් එකම දේය. ඕව හිංද කෙලවෙන්නෙ මූල්‍ය ප්‍රථිපාධන සපයන පාර්ශව වලටය..

බෝඩිමේ මොකෙක්වත් නැතය. ශෂිල අයියාද ඒ වනතුරුම පැමිණ නොමැතය. බුවාගේ පාගල් එක අපි යනකොට බිත්තියට හේත්තු වෙලාය. බෝඩිමට ගිහිං තේ හදලද කියල බලාගන්න රබර් ඇහැහෙම දාල රස්තියාදුවෙ යන්න ලෑස්ති වුනෙමු. ධනාගෙ AXEය නිකං ස්ප්‍රේ ගන් එක වාගේය. අස්සක් මුල්ලක් නෑරම වදින්නේය. වටේ ඉන්න උන්ට කැස්සය. බෝඩිම දැනුවත් කර ප්‍රභාතයාද කැටුව කෙල හල හල කැෆේ එකටට බඩ ගෑවෙමු. එතනත් සුපිරි පොට් එකය.කෑම හදන ප්ලේස් එක ගැනනං කියන්න දන්නේම නැතය. ඒ උනාට බඩුනම් ඇහැටත් කටටත් නහයටත් අල්ලන්නේය... කරුමෙට විටෙක බඩට නොරිස්සයි. එහි ප්‍රථිඵලය පහුවදා වැඩ සියල්ල පරක්කු වීමයි.

මොනව කරන්න ගියත් අපිට හිනාව සුපුරුදුය. මොකක් හෝ සිද්දියකට කන පැලෙන්න බඩ අල්ලං හිනා වෙන්නෙ පැය ගනං ය. සමහර දවස් වලට මහ පාර මැද යටි බඩ අල්ලං ඇඹරි ඇඹරි හිනා වෙන්නෙමු. අපිට අපි අළුත්ය. මෑතකදී හඳුනාගත්තවුන්ය. එනිසාවෙන් කීමට කරුනු බොහෝ ඇත.  වල් පල් අතල් ඉවරයි. අපි කැෆේ එක අභියසය. ෆීලිං එක නිකං ජිම් පප්පට කෑම කන අභියෝගෙ දුන්න වගේ ය. තුන්දෙනාම ක්ෂනයෙන් කොනේම තිබුණ ටේබල් එකට වග කීවෙමු.

පරහකට ඇත්තේ කඩය මුල්ලිං කාරයන්ගෙ වීමය. ඒ වුනාට මුල්ලිං කාරයට සිංහල මිනිස්සුන්ට සලකලා ඇත්තේ හෙනම එක්ස්පීරියන්ස් එකකි. අපි උංව අඳුරන්නේ එතනිං කා බී සප්පායං වෙලාමය. නැත්තං ආත්ම හතකට උංගෙ කටහදක්වත් කන ලඟින්වත් ගිහිං නැතය. ධනා නං යන මගදිම මෙනුව තෝරාගෙන ගිය බව පසු දින පත්තරේද තිබුණු බව මොකෙක්ද කිව්වා මතකය. බැජි තරිඳුවා කෑවේ කොත්තුවක්ය. ඌට චිකන් නම් පේන්න බැරිය. කුකුල්ලු උගේ ලඟින් යන්නෙත් නිකං මරණ සහතිකේ අතේ තියාගෙනමව. කුකුලාගේ අස්ති කොටසක්වත් ඌ ඉතිරි කරන්නේ නැත. ඒ බව ධනාට වාර්තා වුනේ ඊට කලිං සතියෙ 6දෙනෙක් ගිහිං කැෆේ එකට සෙට් වෙච්ච වෙලාවෙදිය. එදානම් 3/6 ක්ම තරිඳුලා ය.


තරිඳු ධනංජය(මම)
තරිඳු ශාවින්ද
තරිඳු සම්පත්

ඉහත කී සියළුම දෙනා කෑමෙහි කෙල පැමිනි උන්ය. ප්ලේ එක ලැබුණ ගමං සල් මල් වෙන්න දශ්ඨ කරනවා ය.  

ප්‍රභාතයා නිර්මාංශ කාරයාය. අදින්නේ තනි කළුය. ඌට ඇදුම් ගන්න ගියාම අහන්නේ "ඇයි මල්ලි හොරකමේ යන්නද?" කියලා ය. ඌ කෑවේ හොට් ඩෝග් එකකි. ඒකෙ තිබුණ පිළී ජාති ඔක්කොම තුං මං හන්දියෙ පෙරේත තට්ටුව තිබ්බ වගේ අපිටය. ඉතිරි වෙච්ච පාං පිටි, තක්කාලි, සලාද කොල, චීස් මූ කෑවේ සෝස් වලින් පොඟවගෙනය. පොරට ඒත් මදිය. මූට පොටෑ චිප්ස් කන්න ආසාවය. අපි හොල්මංය. විනාඩි 05කින් විතර හෙනම ප්ලේට් එකක් එතනය. කික් එකටත් එක්ක කෝක් තුනකුත් ඕඩර් කලෙමු. චිප්ස් ප්ලේට් එක තිබ්බ ගමන් ප්‍රභාතයා කිව්වේ "කාපං" පමණය. චිප්ස් ටික වාශ්පීභවනය වී අපේ ප්ලේට් වල නැවත ඝනීභවනය වෙන්නට ඇත. ශාවින්දයානං ඒවට වග කිව්වේ උගේම භාශාවෙන්ම කිව්වොත් ඉස්ම යන්නය.

ටික වෙලාවකින් බඩත් බුරු බුරු ජෙග ජෙග ජෙග ශබ්ධ නගයි.. බඩේ හිටපු හිඟන පවුල අපිට පිං අනුමෝදං කරනවද කොහෙදය.
දැන්නං ඉස්මුරුත්තාව ය. ඒ කඩෙත් කැඩට ඉන්නේ සිංහල කෙල්ලන් ය. ගජරාමෙට වැඩේ යනවා ඇතිය.

ආ අපි යනකොට එතන ඉස්සරහම ටේක් අවේ බොක්ස් හදනවා ඇත.  මෑන් මැකරෝනිද නූඩ්ල්ස්ද අරවද මෙව්වද හැම එකම බෙදන්නේය. ඌ මුල්ලිං කාරයාට අඑත්තේ පහලට වැඩුණු දිග රැව්ලකි. ඔය රැව්ලෙ මටනං හිතෙන විදිහට බත් ඇටේ ඉඳං පාං පිටි කුඩ දක්වාම පරාසයේ දෑ තිබෙනවා ඇත.  

කාපු කෑමට බිල හයසිය ගානකි. අදනම් බඩට දැනෙන්නම කෑවෙමු. ඒත් අඩුව යෝගට් එකක් හරි වටලප්පකි. නැත්නං පහුවදා උදේට හෙනම කේස් ය. දවසම කනස්සල්ලෙන් ය. එන ගමං රේල් පීල්ල ලඟත් පොඩියට ඩිස්කශන් එකක් දමා බෝඩිමට පියාසර කලෙමු.

එන්නටම පැයක් පමණ ගොස්ය. හදපු ෆෝන් එකක්නම් නැත. අරුං කෑම වලට මොනාහරි දාල දුන්නදමන්දාය. තරිදුලා යුවලම බඩ පැලෙන්නම හිනා වෙන්නේය. ප්‍රභාතයා ලෙමන් ජින් එකක් ගහල එනව කිව්ව කතාවෙන් පස්සෙ ඉතිරි ජවනිකා ටික අපි ගොඩනැගුවෙමු. ඒකනං පට්ටය. ශවින්දයා තනිකරම වැදිච්ච එකා ය. ඔහොම පිස්සු කෙල කෙල ඉන්නකොට මාම කිව්වෙ පුතාල ඇවිත් කන්න කියලා ය. ඒ වෙනකොට ශෂිල අයියා බෝඩිමට ලෑන්ඩ් කර හමාරය. ප්ලේට් එක ඇඟට වහගෙන බත් පොඩ්ඩ පොඩ්ඩ බෙදාගෙන කාමරේට ආවෙමු.

එතනද බිත්තර තම්බා තව මොකක්ද හොද්දක් තිබුණා මතකය. බත් එක අන අනා  කිකිළි බිත්තරේ දාන්න දෙන ගේම අනුස්මරණය කලෙමු. ශවින්දයා නම් බිත්තරේ කෑලි කරේ නයා වගේය. මම ධනා  හොර පාරෙන් ගිහිං පිඟාන හෝදලා රාක්කෙනුත් තබලාය. සීන් එක දන්නවානං මාම කාරයට තවුසන් ගානටම ජුවල්ය. ජබර කලන්තෙ උපරිමෙන්මය. එතනින් පස්සෙ මොනා උනාද මොනා කලාද කියල මමනං දන්නෑ ඕං......


EAT A LOT THEN SLEEP A LOT BUT STOP OVER EATING

No comments: