Followers

ස්කූබි ඩූ ගෙ Dance එකකින් Desktop Customize කරමු෴


දැන් කියන්න යන වැඩේනම් ඔයාලට පොඩි ඉන්ටරෙස්ටින්ග් එකක් වෙයි කියල මම හිතනව. මොකද අපි කව්රුත් උත්සහ කරනවනෙ හැමදාම එකම විදිහට තියෙන ඩෙස්ක්ටොප් එක කොහොමහරි වෙනස් කරගන්න.... ඒකට ඉතිං සමහර අය පන දාගෙන එක එක සොෆ්ට්වෙයාර්ස් ඩව්න්ලෝඩ් කරල චාටර් වෙනවනෙ. ඒත් මෙහෙම
දෙයක් තියෙනව, හැන දෙනාම හැමදාම කරන එකම වැඩේ කලා කියල අපි වෙනසක් කලා කියල කියන්න බෑ. මේ කියන්නහදන දෙයිනුත් ඔයාලට එහෙමම ලොකු වෙනසක් දැකගන්න බැරි වුනත් ඒක අපි හිතනවට වඩා හෙන ෆනී වැඩක්... ඔයාල මැශින් එකෙන් සිංදුවක් අහගෙන ඉන්න වෙලාවක මේක බලල හිනා වෙන්නත් පුළුවන්.
ඉස්සෙල්ල මේ දේ කියන්නකෝ...

*ඔයා scooby-doo ෆිල්ම්ස් නැත්නම් කාටූන්ස් බලල තියෙනව නේද?
*ඒකෙදි ස්කුබිය කරන ෆන් වැඩ ගැනත් ඔයාලට අත්දැකීමක් තියෙනව නේද?

ඉතිං ස්කූබිගෙ ඩාන්ස් දැකල නැති අයට පුළුවන් මොනිටර් එක ඉස්සරහ ඉඳගෙනම ඒක බලාගන්න. ඇත්තටම මේක වැඩ කරන්නෙ අපි මීඩියා ප්ලේයර් එකෙන් සිංදුවක් ප්ලේ කලාම. ඒ සිංදුවෙ බීට් එකටම කියන්නත් බෑ ඒත් එයා වැඩ දාල නටනව.

එහෙනම් වැඩේ පටන්ගමු.... ඉස්සෙල්ලම මෙතනින් ඩව්න්ලෝඩ් කරගන්නකෝ...

සැ.යු :- මේක softonic ල ගෙන් ගත්ත ලින්ක් එකක් නිසා ඩව්න්ලෝඩ් කලාට පස්සෙ මුලින්ම ඉන්ස්ටෝල් වෙන්නෙ සොෆ්ටොනික් ඩව්න්ලෝඩෙර් සොෆ්ට්වෙයා එක.. then ඩව්න්ලෝඩ් වෙලා ඉන්ස්ටෝල් වෙනව අපිට ඕනි කරන එක... ඒ අතරදි අහයි වෙන වෙන සොෆ්ට්වෙයා ඩව්න්ලෝඩ් කරන්නද කියල, ඒක ඉතිං ඔයාලගෙ කැමැත්ත...



එහෙනම්,
මම ගියා,
අමතක නොකර,
වැඩේ එල නම්,
කොම්මෙන්ට් එකක් දාල,
කැමතිනම් යන්න,
ගිහිං ආයෙත් එන්න....










Related Posts Plugin for WordPress, Blogger...

No comments: