Followers

මෙය තවත් මඟ සලකුණක් පමණි

මෙහිද දිගහැරෙනුයේ ඕෂධයාගේ සහ ධනාගේ සහයෝගයේ තවත් එක් නැවතුම්පොලක් පිළිබඳවය. දන්න සිංහලෙන් කිව්වොත් දාපු තවත් රවුමක් ගැනය. දැනට මාස කිහිපයකට පෙර අපි දෙදෙනා පමණක් හෝ තව කිහිපදෙනෙකු හෝ සමඟ ගියපු තැන් කරපු කියපු දේවල් සියල්ලම පසුගිය පෝස්ටු ලෙස සයිබරයට මිදාහැර අවසානය.

වලියකින් බිහුවූ නෝන්ජල් පදරචනය

මේකනං කෙලින්ම කිව්වොත් අම්මලාගෙ විභාගෙ ලිවන වයසෙ(5 වසරෙ)දි වුණ සිද්දියක්. ඒ දවස් මං ඩොක්ට කෙනෙක් වෙනව, ඉංජිනේරුවෙක් වෙනව, පයිලට් කෙනෙක් වෙනව කියල අම්බානක තවුසන් ටෝක්ස් දීපු කාලෙය. මොකෙක්හරි ඇහුවොත් පන්තියෙන් වඩිපුරම ඉන්නෙ දොස්තරලාය. ලෙඩ්ඩු කොහෙවත්ම නැත. අනේ වාසනාවං... ඉස්සර ඉතිං හැම වෙලාවෙම සෙල්ලමටම බර කාලෙ ය. මොකක්හරි පරහක් කින්ද කොක්ක දාගන්න වෙලාවළුත් එමටය. එකී කොක්කක් දමා ගැනීමේ ප්‍රථිඵලයයි මේ...

අන්න ඒකයි හරිද?

මේකත් එක්තරා ඉරිදා දිනක බෝඩිම පරිස්‍රයේදී සීන් එකකි.  උදෙන්ම ගියේ මැත ක්ලාස් එකටය. ඊට කලින් දවසෙ රෑ බෝඩිමේ ඇන්ටිත් හාමුවත්තෙ ඇන්ටිත් මීට කලින් දැකලවත් නැති තවත් ඇන්ටි කෙනෙකුත් එකතුවී හෙනම ලොකු ගෑස් ලිපක් ගෙනත් තියාගෙන උයන්න ලෑස්ති වෙනකොටම ධනා එතනට සම්ප්‍රාප්ත විණි. ඒ තව පොඩ්ඩෙන් බයිට් එක හදන්න වේලෙන්න දාල තිබුන හාල්මැස්සො සෙට් එකත් පෙරලගෙනමය.

කාලම මැරෙමු - Eat Eat Eat And DIE

උදේ 8ට විතර බෝඩිමෙන් පිටත් වෙලා හවස 5ට විතර ආපහු බෝඩිමට එනකොට ෆුල් නට්ටංය.. ටයර් පනිනු ඇත.. ඇත්තේ කකුල එසවවිමට පමණකි. නිකංම ෂිං ගානකොට බිමය... ඒ අතිංනං අපේ රටේ අධ්‍යාපන ක්‍රමේ සුපිරිය. කොහේවත්ම හොයාගන්නවත් බැරිය. ඒ මොනව වුණත් යන ගමං නිකංම යන්න බැරි එකේ අපේ කොල්ලො සැට් වෙලා කීල්ස් එකට රිංගලා හප හප යන්න මොනාහරි ගන්නවා ඇත. දවසක් එකෙක්ගෙ බර බරේටම 10ක් විතර ඇතුලට රිංගලා ගත්තෙ රුපියල් 115ක් වටින්නා වූ මංචී සමාගමේ නවතම නිෂ්පාදනයකි.

╚කොලර් එකෙන්ම අල්ලගත්තනං තව ගහනව╝

හරියටම මාසෙකට පස්සෙ වගේ ලියන්න හදන පෝස්ටුවක් මේ... ඒ ටික කාලෙ අතරතුර වෙච්ච දේවල් ගොඩක් තියෙනව. ඉතිං ඒව ඔක්කොම ලියන්නත් බෑ... මේ කියන්න යන්නෙ බස් එකක් යන ගමන් වුන සිද්දියක් ගැන.

දිනයනම් හරියටම මතකයක් නෑ.. උදේ 9.10 ට තිබුණ මාතර බස් එකේ නැගල පිටිපස්සෙ දොර ලඟම තිබුණ සීට් එකේ වාඩිවෙලා මනෝ පාරක් ගහගෙන පැය දෙක හමාරක් විතර යන්න ඇති. වෙලාව ගෙවෙනව දන්නෙත් නෑ..