Followers

සින්දු ඇසීමට නොව කමෙන්ට් බැලීම උදෙසාමයි....

"මහත්තයා අර වෑන් එකට එහා පැත්තෙන් රිවර්ස් එකට ගහන්න...මෙතන ගහන්න එපා... කමෙන්ට් කියවලා එන්න රෑ උනොත් මේ අනිත් වාහන ගන්න බැරි වෙනවා... "…"සුවිංගම් එකක්, පෙපමින්ට් එකක්, කමෙන්ට් කියවන්න බහින ගමන් තිබහට කන්න, පොඩි දරුවන්ට දෙන්න සුවිංගම් එකක්, පෙපමින්ට් එකක්.. "…"කමෙන්ට් කියවලා යන ගමන් ගෙදර ගෙනියන්න දොදොල්, මස්කට්, දොදොල්, මස්කට්..."…" මෙම විශේෂ නිවේදනය මාතර සිට ලොග් වූ ගුණවතී මැණිකේ මහත්මියටයි... ඔබේ දියණිය කණ්ඩායමෙන් මග හැරී පොලිස් මුරපොළ අසල ඔබ එන තෙක් බලා සිටිනවා.."

අඟේ ඉඳන් කන කෑම නොහොත් එකට ඉඳගෙන #කට කෙටීම

බුජ දිනක ලියමි. වේලාව 2 පසු වීමත් සමඟම මා බසයක් එනතුරු බලාසිටීමට පාර අසලට ගියේ ටවුමට ගොඩබට වීමට සිතාගෙනය. 2පසුවී හෝ 12ට පෙර තම ගමන් යොදා ගැනීමට ධනා උත්සහ කරන්නේ පාසල් නිම වීමත් සමඟ බස් කොන්දොස්තර මහතුන් ශි‍ෂ්‍යයන් ඇතුළු මහජනයා BUS.rar ලෙස සකසනවාට ඇති අකමැත්ත නිසාවෙනි. එමෙන්ම තෙරපීමට මිරිකීමට අවශ්‍යතාව නොමැති නිසාවෙනි. ප්‍රධානතම කරුණ නම් මගීන් කකුල පාගා ධනාගේ ලිපිනය ඉල්ලන ඉල්ලන වාරයක් පාසා එය කීමට ගියහොත් දිවේ බෝල බෙයාරිං සවුත්තු වෙන බැවිනි..

ඇහෙන්නැතිව, පේන්නැතිව කතා නොකර ඉන්න තාක් ජීවිතේ ෂුවර්....

වර්ෂ 2013ක් වූ ජූලි මස 34වන බදාදා දිනකි. වේලාව 11 පසුවී මිනිත්තු එකකි. බල්ලන් උඩබුරති. නින්දට යෑමේ අවශ්‍යතාවක්ද නැත්තේය. මන්දයත් අද දින සිදුවීම් සයිබර් අවකාශගත කිරීමේ අපේක්ෂාව නිසාවෙනි. වේදිකා නාට්‍ය බැලීම ධනා ප්‍රිය කරන එක් විශයකි. එය කා විසින් පෘදු කරන ලද්දක්ද, එයට හේතුව කුමක්ද යන්න සෙවීමට තරම් උනන්දුවක් ධනාට නැත. වර්ෂ 2010 සිට මේ වන තෙක්ම අප ප්‍රදේශයට පැමිණි විවිධ ඝණයේ නාට්‍ය අතුරෙන් ධනාට රසවින්ඳීමට අතපසු වී ඇත්තේ එක් වේදිකා නාට්‍යයක් හෝ දෙකක් පමණි. "බල්ලොත් එක්ක බෑ" ඉන් එකකි. ධනාගෙ පාසල් ශ්‍රවනාගාරය, ශාන්ත අන්තෝනි තාක්ෂණ විද්‍යාලිය ශ්‍රවනාගාරය, කැළණි විශ්ව විද්‍යාලීය ශ්‍රවනාගාරය, ටවර් හෝල්, ආදී ථාන ධනාට නාට්‍ය බැලීමෙහි ලා නවමු අත්දැකීමක් ගෙන නොම එයි.

බොරුව නැත්නම් උනුත් ගස් ♣♣♣♣♣ | ශිල්පෙ ගන්න හැටි

තවත් කම්මැළි දිනක ඇරඹුමකි. ධනා සුපුරුදු වැඩේ වන ඉස්කෝලෙ යෑම එදිනටද යෙදී තිබිණි. මල්ල කරේ ගහං ඉස්කෝලෙට හියෙමි. කාලච්චේද ගත වෙනවා දන්නේද නැත. පුරුදු පරිදි බලා සිටින්නේ විවේකය එනතුරු හෝ නිදහස් කාලඡ්චේදයක් එනතුරුය. පළමු දෙවන සහ තෙවන කාලඡ්චේදය ගත වී ගොස් හමාරය. කැන්ටිමත් වැඳපුදාගෙන පංතියට වෙලා ඉන්නගමන් ය. කරන්නටද විශේෂ වැඩක්ද නොමැතිය. ග්‍රවුන්ඩ් එකේ සෙල්ලම් කිරීමට දැන් අවසරය දී ඇත. ඒත් අඩුපාඩු සහිතය. පුංචි කාලෙ මතක් වීම හා සඹැඳිව උඩ පන්දු රැකීමේ ක්‍රීඩාවට අප මේ දිනවල යොමු වී සිටිමු. ඊටද අප තෝරාගත්තේ ක්‍රීඩා පිටිය නොව පංතියට යාබදව පවතින හිස් බිම් කොටසකි. එයද රීප්ප තාලෙට ඉතිරි වුණකි.

අරුම පුදුම වැඩ කරන ඔහු | It's About an Amaizing Person (වීඩියෝව සහිතයි)

මනසින් උසස්ම වූ සත්ත්වයා මිනිසාය. එය විටෙක එහි අර්ථයට පමණක් සීමා වන්නකි. කෙසේ වුවද මිනිස් සමාජය එනම් මිනිසුන් සියල්ල පොදුවේ ගත්කල එකිනෙකාට ආවේණික වූ විවිධ චරිත ලක්ෂණ/ හැකියාවන් ඇත. ජන්මයෙන්ම උරුම කරගෙන ඒවා මෙන්ම තවකෙකුට එය හැකියා හඳුනාගෙන ප්‍රගුණ කිරීමෙන් තමාගේම කරගත හැක. මා දෙවනුව කී කාරණයෙන් යමෙක් යම් හැකියාවක් සත්‍ය වෂයෙන්ම ප්‍රගුණ කරන්නේ නම් නැතහොත් ප්‍රගුණ කර ඇත්නම් අනිවාර්යයෙන්ම ඔහුට ඇගයිය යුතු නිපුණතාවයක් ඇත. නමුත් එය ඇගයීමටනම් තවකෙකුට හැඟවිය යුතුය.

අළුත් කෙල්ලගෙ ගෙදර තාප්පෙන් එබුනෙමු.

අද දවසම පට්ට බෝරිං. සොඳුරු/එහෙමමත් නැති අතීතෙ මතක් වෙලා ඒකෙන් එක කොටසක් බ්ලොග් එකට අතාරින්න හිතුණ. හිටියෙම චුට්ටෙයත් එක්කමයි. ඒ දවස් වල කරපුව මතක් වෙනකොටත් අම්මේ.... කාපු ගුටි පාරවල්, අහපු බැනුම් ඔක්කොම ආයිමත් මාව තලාපෙලනව. ඒත් සමහර ඒව එහෙමමත් නෑ. අළුත් කෙල්ලෙක් පන්තියට ආපු දවස් වල වුණ පොඩ්ඩක් චොකා වැඩක් මේ.....

 එතකොට ධනා ඉස්කෝලෙ 8වසරෙ. පොඩි කොල්ලා කාලෙ වෙච්ච සීන් කෑල්ලක් මතක් වුනා. ලෑලි වලිනුයු යකඩ කම්බි වලිනුයි එකතුවකින් හදල දීල තිබුන ඩෙස් එකයි පුටුවයි රත් කර කර ඉන්නකොට එක පාරටම නිකං මූන බිත්තියක වැදිල වගේ කෙල්ලෙක් අම්මයි තාත්තයි පන්ති භාර ටීචයි එක්ක පංතියට කඩාගෙන වැදුන. අර තුන්දෙනා එළියෙ. ටීච ඉතිං ඇතුලට ඇවිත් අපේ පුංචි හිත් සැනසෙන්නත් එක්ක අළුත් යාළුව ගැන පොඩි ඩිස්ක්‍රියක් හෙමත් දාල බටර් පොඩ්ඩකුත් ගාල කෙල්ලව ඇතුලට ගත්ත.

ගොම්මනේ ඉස්කෝලෙට (අනේ වදයක් නොවී ඉන්න කියනවද?) | The Colour Night

ෆ්‍රෙශ් එකේම ලියමි. ෆොටෝ නැත. අකුරු ඇත. වෙලාව දැන් හරියටම රෑ 10යි 45යි... ධනා උදේම ඉස්කෝලෙ ගියෙළු. ගිහිං ඉන්ටවල් එකේ කැන්ටිමේ ඇන්ටිලාගෙ සැපසනීප බලල එන ගමන් ඔඩිටෝරියම් එක පැත්තටත් ඔළුව දාගෙනමළු ආවෙ. එතකොටළු දන්නෙ හවස 4 ඉඳන් 10 වෙනකං කලර් නයිට් එක තියෙනව කියල. "කඩ්ඩෙන් වැඩ" කස්ටියගෙ(කඩ්ඩ මාධ්‍ය කරගත් සහුර්දයෝ) පොඩි වැඩ කෑල්ලක්ලු.

මිතුරිය...




විඳවන්නට නොව විඳින්නට  දිවිය,

ලග නොසිටියද, හිස පිරිනොමැද්දද,

සිත පිරිමදිමින් මසිත ළග තනි නොතනියට සිටිය නුඹ,

හිරු සඳු සහයෝගයෙන්

ආකාශය රජයන විටත්,

නිගාවට මෙන් නේද මම මෙහෙම කියන්නේ.... :(

☻ මට කුමක් සිදුවීද මම තවම නොදන්නෙමි
     සිත කාව අයැදීද මම තවම සිතන්නෙමි
     තෙතබරිත දෙනෙත් යුග කඳුලෙන්ම දොවන්නෙමි
     පෑනෙන්ද කොලයෙන්ද රාත්‍රිය ගෙවන්නෙමි

☻නාඳුනන දුකක් මගෙ සිත තුලම රජ වෙලා
    පිලිවෙලින් තිබූ ඒ සියලු දේ නැති වෙලා
    අපිලිවෙල පාළුවද දෑත් ගෙන එක්වෙලා
    මගෙ සිතට කරන ඒ ද්‍රෝහිකම් වැඩිවෙලා